Home Parenting මව්කිරි ලබාදීමේ හරිම පිළිවෙල

මව්කිරි ලබාදීමේ හරිම පිළිවෙල

by LADY.LK

දරුවකු මෙලොවට බිහි වෙත්ම ගන්නා පළමු ආහාරය මව්කිරි බව අප කවුරුත් දන්නවා. එමෙන්ම දරුවකුට මාස 6ක් දක්වා මව්කිරි ලබා දීමට කටයුතු කළ යුතුයි . මේ තුළින් දරුවාගේ මූලික වර්ධනයලොව සමග මානසික සම්බන්ධතා ඇති වීමආදරය , සෙනෙහස ගැන ඇති මූලික හරයන් දරුවාගේ ජීවිතයට ලැබෙන්නේ මව්කිරිපානය කිරීමත් සමගින්.

අලුත උපන් දරුවෙකු ඉපදී පැය බාගයක් ඇතුළත මව් කිරි දීම ආරම්භ කලයුතුයි. දරු ප්‍රසුතියෙන් පසු මුල් දින කිහිපය තුළ ශ්‍රාවය වන කිරි තුළ කොලස්ට්‍රම් අඩංගු වෙනවා. දරුවෙකුට කොලස්ට්‍රම් ලැබෙන්නේ මුල් දින කිහිපයේ පමණයි. එය ප්‍රතිදේහ වලින් සරු නිසා දරුවා අසාත්මිකතා වලින් සහ ආසාදන වලින් ආරක්ෂා කරනවා. ඒ නිසාම අනිවාර්යයෙන්ම නිවැරදිව මවු කිරි දරුවාට අනිවාර්යයෙන්ම ලබා දියයුතුම වනවා.

දරුවකුට මව් කිරි ලබාදීමේ මූලික වාසි කිහිපයක් අපට හඳුනා ගන්න පුළුවන්.

  • දරුවා ආසාදන ,අසාත්මිකතා වලින් ආරක්ෂා කරයි.
  • ශාරීරය වර්ධනය කරයි.
  • ප්‍රතිශක්තිය වර්ධනය කරයි.
  • ජීර්ණ අපහසුතා වළක්වයි.
  • විටමින් A බහුල බැවින් අක්ෂි රෝග වළක්වයි.
  • දරුවාට අවශ්‍ය ජලය නිසි පමණ ලබාදෙයි.
  • ප්‍රෝටීන්ලැක්ටෝස් සහ විටමින් වර්ග ලබාදෙයි.
  • මව සහ දරුවා අතර සමීප සම්බන්ධතාවය වර්ධනය කරයි.

බොහෝ මව්වරුන් දරුවාට මව් කිරි ලබා දීමේදී විවිධ ගැටළුවලට මුහුණපානවා. නමුත් හරිම විදහට දරුවකුට මව්කිරි ලබා දීමේදී පහත සඳහන් අයුරින් එය සිදු කිරීමට හැකිනම් එවැනි අපහසුතායන්ගෙන් ඔබට අත්මිදීමට පුළවන්.

  • නිතරම පුටුවක වාඩිවී දරුවා එක අතකින් සුරක්ෂිතව වඩාගෙන කිරි දීමට පුරුදු වෙන්න.
  • අනෙක් පියයුරට මාරුවීමේදී අනෙක් අතට ගන්න.
  • එක පියයුරකින් මිනිත්තු 20 පමණ කිරි දෙන්න.
  • එක වරකට එක පියයුරකින් දී අනෙක් වර අනෙක් පියයුරෙන් දීමට වගබලා ගන්න.
  • පියයුරෙහි නිපදවන කිරි ගලාවිත් කළු කොටස හෙවත් ඇරියෝලාව යටින් එකතුවෙනවා. එබැවින් එම කොටසද දරුවාගේ මුව තුළට වැවීමෙන් එම කොටසද ඉරීමට දරුවා පෙළඹෙනවා. ඉන් කිරි වැඩි ප්‍රමාණයක් දරුවාට ඇතුල් වෙනවා.
  • දරුවා ට එක පියයුරකින් විනාඩි 20 පමණ කිරි දීම සෑහෙන අතර තන පුඩුව කටේ දමාගෙන දරුවාව නිදි කරවීමට පුරුදු වන්නට එපා. ඉන් වන්නේ දරුවාට නින්ද යාම සඳහා නිතරම තන පුඩුව අවශ්‍ය වීමත්ඔහු නිතරම එහි එල්ලීමට පුරුදු වීමත්නිසි පරිදි කිරි උරා නොබිමත්.
  • නිතර කිරි උරා බීම නිසා තුවාල වන තන පුඩුව මත මව් කිරි ආලේප කිරීමෙන් සුව කරගන්නට පුළුවන්.
  • ඒ වගේම කිරි පෙවීමෙන් පසු ගුඩුස් යැවීමටද අමතක කරන්න එපා.

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about brest feeding. You can read the article and put your feedback on it.

Related Articles