Home Health & WellnessPhysical Wellbeing මෙන්න මේ වෙලාවල්වලදී ජලය පානය කළොත් ඔබට වෙනදේ මෙන්න

මෙන්න මේ වෙලාවල්වලදී ජලය පානය කළොත් ඔබට වෙනදේ මෙන්න

by LADY.LK

දිනකට අවශ්‍ය ප්‍රමාණයට වතුර පානය කරන්න පුරුදු වී සිටම ඇත්තටම හොඳ පුරුද්දක්. වැඩිහිටියෙක් නම් දිනකට වතුර ලීටර 2ක් ද, අවුරුදු 5-8 දරුවන් ලීටර 1ක් ද, අවුරුදු 9-12 දරුවන් ලීටර 1.5ක් ද, අවුරුදු 13වැඩි දරුවන් ලීටර 2ක් ද පානය කළ යුතු බවයි වෛ්‍යෛවරුන් පවසන්නේ.

නමුත් මේ ප්‍රමාණයන් ඉක්මවා ජලය පානය කළොත් ඔබේ ශරීරයේ සෝඩියම් මට්ටම අඩු වෙන්න පටන් ගන්නවා. ඒ පිළිබඳව නම් ඔබ සැලකිලිමත් වියයුතුමයි. මොකද පමණට වඩා වතුර බීමත් සෞඛ්‍යට අහිතකර නිසා. ඒ විදිහට ජලය පානය නොකළ යුතු අවස්ථා කිහිපයක් අපට හඳුනා ගන්න පුළුවන්.

නිදා ගන්න කලින් 
නිදා ගන්න කලින් ගොඩක් වතුර බොන්න ඔයා පුරුද්දක් කර ගෙන ඉන්නවනම් බොන වතුර ප්‍රමාණය අඩු කරන්න.මොකද රාත්‍රී නින්දේදී ඔයාගේ වකුගඩු හරියට ක්‍රියා කරන්නේ නැති නිසා සමහර දිනවලට උදේ නැට්ටම මුහුණ ඉදිමීම් ස්වරුපයක් දක්නට ලැබෙනවා. ඉතිං නින්දට කලින් වැඩිපුර වතුර බිව්වොත් මේ තත්වය වැඩිවෙන්න පුළුවන්. ඒ වගේම තමයි සැරින් සැරේ ඇතිවිය හැකි මුත්‍රා කිරිමේ අවශ්‍යතාවය නිසා ඔයාගේ නින්දට බාධාවක් ඇති වෙන්නත් පුළුවන්.

මුත්‍රා වල වර්ණය අවර්ණ නම්
මුත්‍රා වල වර්ණය අවර්ණ නම් ඔබ දිනකට අවශ්‍ය ජලය ප්‍රමාණයට වඩා දැනටමත් ජලය පානය කර තියෙනවා. ඉතින් ඔබ තවත් වතුර බිව්වොත් ඔබේ ශරීරයේ සෝඩියම් ප්‍රමාණය පහල බහිනවා. මෙය ඔබට හෘද්‍යාබාධ ඇතිවීම දක්වා දුර දිග යා හැකියි.

 

ව්‍යායාම කිරීමේදී

ව්‍යායාම කරන අතරතුර ජලය පානය කිරීමෙන් ඔයාට ගොඩක් ගැටළුවලට මුහුණ පාන්න සිදු වෙනවා.  ව්‍යායාම කරන අවස්ථාවේදී ශරීරයේ උෂ්ණත්වය ඉතාමත් වැඩියි. එම නිසා ජලය පානය කිරීමෙන් ඔබේ ශරීරයේ සිසිල් බවක් ඇති වී විද්‍යුත් විච්ජේදනයක් ඇති වෙන්න පුළුවන්. ඔළුව කැක්කුම, ඔක්කාරය, කැරකිල්ල ඇති වෙනවා. ව්‍යායාම කර සම්පුර්ණයෙන්ම අවසන් වී විනාඩි කිහිපයකින් පසුව ජලය පානය කරන්න.

 

ආහාර ගැනීමට පෙර සහ අතර තුර
ආහාර ගැනීමට පෙර සහ ආහාර ගන්නා අතර තුර වැඩිපුර ජලය පානය කිරීම කටට කෙල උනන එක අඩු කරනවා. මේ හේතුවෙන් කෙල වල ඇති ආහාර දිරවීමට අවශ්‍ය එනසයිම වල ක්‍රියාකාරීත්වය බාල කරනවා. මපණට වඩා වතුර බීම ආමාශගත යුශ වලින් සිදු කරන අහාර කුඩාකැබලි වලට දිරවීම සහ ඇතැම් ආහාර වල ඇති බැක්ටීරියා විනාශ කිරීම අඩපන කරනවා.

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about the value of drinking water. You can read the article and put your feedback on it.

Related Articles