Home FoodRecipes රම්පෙ සහ කරපිංචා ගැන පොඩි උපදෙස් ටිකක්

රම්පෙ සහ කරපිංචා ගැන පොඩි උපදෙස් ටිකක්

by LADY.LK

රම්පෙ වගේම කරපිංචා ගැනත් ගොඩක් අය දන්නව. ඒ 2ම ආහාර රසවත් කරන්න බොහෝ වෙලාවට උපයෝගි වෙන දෙයක්. කරපිංචා තවත් වටිනවා ලේ පිරිසිදු කරන්න. ඒකියන්නෙ කරපිංචා කැඳ බොන්න පුලුවන් නම් ඒක ඇඟට බොහෝම වටින දෙයක්.

ඒ තරම වටින රම්පෙ සහ කරපිංචා නැවුම්ව තියාගන්න හැටි දන්නවද ?

රම්පෙ සහ කරපිංචා 2ම ඉතාම ඉක්මණින් වේලෙන්න ඉඩ තියෙන වර්ග 2ක්. ඔබ ඒක අත්දැකීෆමන්ම දන්නවා ඇති. ගෙදර රම්පෙ – කරපිංචා නැති අයට මේක බොහෝම වටිනවි.

Image By : mall8door.com

මුලින්ම කරපිංචා සහ රම්පෙ සෝදා ගන්න ඕන.
වතුර බේරල පිරිසිදු රෙදි කැබැල්ලකට දාගන්න.
රම්පෙ අවශ්‍ය ගානට කඩා ගන්න. ආයිමත් පිහ දාන්න.
හොඳින් හෝදල වියලා ගත්, බෝතලයකට හෝ පෙට්ටියකට දාලා, වහල ශීතකරණයේ තබන්න. විශේෂයෙන් වැදගත් වෙන්නෙ වතුර නොගෑවෙන විදියිට භාවිත කරන එකයි.

Image By: Amazon.com

කෑම වලදි රම්පෙ පාවිච්චි කල යුතු ආකාරය මෙහෙමයි.

රම්පෙ පිළිකා කාරයක් කියල අහල තියෙනවා, ඒක නම් ඒ තරම නිවරදිව නැහැ අපි දන්න විදියට.
රම්පෙ පිසීමේදි යොදාගන්නට මෙහෙම කල යුතුයි.

රම්පෙ කොළයේ මැද නාරටිය කපන්න. කපලා නාරටිය ඉවත් කරලා, දෙපස විතරක් පාවිච්චි කරන්නට මතක තබාගන්න.
එහෙම නැත්නම් රම්පෙ කොළය ගින්දරට අල්ලා තවා ගන්න ඕන හරියට බත් බඳින්නට කෙහෙල් කොළ තවා ගන්නව වගේ.

මේ වගේ තවත් දැනුම සමග හමුවෙමු.

Related Articles