Home Health & WellnessPhysical Wellbeing ඔයා මහතද ?

ඔයා මහතද ?

by LADY.LK

ඔයා මහතයි කියල හදිසියේ ස්වාමි පුරුෂයා හරි පෙම්වතා හරි කිව්වොත් ඒක ලොකු ප්‍රශ්නයක් ඇති වෙන දෙයක් තමයි. ඉතින් ඒකට “ ඔයා මහත නෑ ඔයා චබී “ කියන්න තරම් මොලයක් පිරිමින්ට තියෙන්න ඕන.
මහත ගැන කිව්වාම, ස්ථූලතාවය ඒකට කිසි කෙනෙක් කැමති නෑ. මේ කියන්නෙ ඇට සැකිල්ලක් වගේ ඉන්න ඕන කියල නෙමෙයි. උසට හරියන මහතකට ඉන්න එක. ඒක නිරෝගීව ඉන්නත් බොහෝම හේතුවක් වෙන කාරණාවක්. ඉතින් අපි කවුරුත් කැමතියි ලස්සනට ඉන්න. එහෙම නම් මහතත් නැතිව, කෙට්ටුත් නැතිව ගානට ඉන්න ඕන.

 

ඔබ මහත කෙනෙක් නම් කෙට්ටු වෙන්න උත්සහ කරලා ඇති. හැබැයි ඒක ලේසි දෙයක් නෙමෙයි. සමහර අය ලේසියෙන්ම කරන දෙයක් තමයි ජිම් යන එක. හැබැයි ජිම් ගියත් ගිහිල්ලා පලවෙනි දවසේම පින්තුර දානවා, වැඩි වෙනසක් කාලයකට වෙන්නෙ නෑ. නැත්නම් ග්‍රීන් ටී බොනවා. එහෙම කියලත් ලොකු වෙනසක් නෑ. තේරුම් ගත යුතු දේ තමයි, මහත ටිකක් අඩු කරගන්නට නම් මූලික වෙන දේ තමයි, කෑම රටාව. කෑම රටාව මිසක් කෑම පාලනය නෙමෙයි.
රෑට කන කෑම වේලෙන් ගොඩක් දුරට මහත් වෙන්න ඉඩ වැඩියි. ඒක හින්දා ඔයාට පුලුවන් නම් රෑ කෑම වේල හවස 6ට හෝ ඊට කලින් ගන්න ඒක ගොඩක් වටින දෙයක් වෙනව. කෑම හදන්නෙත් රෑ 8න් පස්සෙ උනාම කොහොමද 6ට කන්නෙ නේද ? එතකොට කෑම දිරවන්න ලොකු වෙලාවක් ලැබෙනවා. රෑ 10ට 11ට විතර නින්දට යනවනෙ ගොඩක් දෙනා, ඉතින් වටිනවා මේ වෙලාවට කනව නම්. මේක කරනකොට මුල් කාලයේ රෑ 8 වගේ වෙද්දි ආයෙ බඩගිනි වේවි. ඉතින් ඒකට බිස්කට් 1-2ක් කාලා ඉන්න පුරුදු වෙන්න. එතකොට කාලයක් යනකොට ඒකත් උවමනා නැති වේවි. වෙනසක් තියේවි.

ඒවගෙම තවත් ගොඩක් වැදගත් දෙයක් තියෙනවා, අපි පුරුදු වෙලා තියෙනවා බත් ගොඩක් කන්න. එළවළු, මස් – මාළු, පලා ජාති අඩුවෙන් කන්න. නමුත් ඇත්තටම හරි දේ තමයි, බත් ප්‍රමාණයටම එළවළුත්, අනිත් ඒවත් කන්න ඕන. බත් කෑවාම ඇඟ මහත් වෙන්න ඒක ලොකු හේතුවක් වෙනවා. දන්නවනේ ඉස්සර හිටිය අපේ අය ගොඩක් බත් කාපු අය, හැබැයි එයාල බත් කෑවට ඇඟ මහන්සි වෙන්න වැඩ කලා සෑහෙන්න. දැන් ගොඩක් අයට ඇඟ මහන්සි වෙන්න වැඩ කරන්න වෙන්නෙ නැහැනෙ. එනිසා බත් ගොඩක් කෑම ටිකෙන් ටික අඩු කරන්න බලන්න.


තව දෙයක් තමයි හිතේ තියෙන ආතතියට/ ස්ට්‍රේස් එකටත් මහත් වෙන්න පුලුවන්. සමහර මහත අය ඉන්නවා වේල් ගනන් කෑම නොකා හිටියත් කෙට්ටුවක් වෙන්නෙ නෑ. බර අඩු වෙන්නෙත් නෑ. ඉතින් තේරුම් ගන්න, හිතේ සතුටින් ඉන්න එකත් වටිනව කියල. වෙන අයට අපිට සතුට දෙන්න බෑ. සතුට තියෙන්නෙ අපේ හිතේමයි. ඒ වගේ පීඩනයක් දැනුනාම, එක්කො ටිවි – සිනමා වගේ දෙයක් බලන්න. දෙයක් කියවන්න. බණ පොතක් කියවන්න. පන්සල් යන්න. යාළුවෙක්ට කතා කරන්න ඒ වගේ සෑහෙන දේවල් තියෙනවා කරන්න. ඒව කරල හිතේ සැහැල්ලුව – සතුට තියාගන්න.

Related Articles