Home LifestyleTravel මිලියන පන්සීයක් පැරණි ග්‍රේට් කැනියන් නිම්නය

මිලියන පන්සීයක් පැරණි ග්‍රේට් කැනියන් නිම්නය

by LADY.LK

ග්‍රේට් කැනියන් නිම්නය ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ ඊශාන දිග ප්‍රදේශයේ පිහිටි තිබෙනවා. මෙය නිර්මාණය වී තිබෙන්නේ ඒ මතින් ගලායන අපූරු ජල ප්‍රවාහනයන් නිසයි. මෙම නිර්මාණය වසර මිලියන පන්සීයක් තරම් පැරණි බව භූ  විද්‍යාඥයන්ගේ මතයයි.

ඉතාම ඉක්මනින් වෙනස් වන සුළු ඇදහිය නොහැකි තරම් වූ වෙනස්කම් වලට ලක්වන කාලගුණික තත්ත්වයන්ට මුහුණ දෙන මෙම ප්‍රදේශය ඒ නිසාම දේශගුණික කලාප කීපයකටම අයත් ශාක හා සත්ව විශේෂ දැකිය හැකියි. සුප්‍රකට කොලරාඩෝ ගංගාවද ගලා බසින්නේ ග්‍රේට් කැනියන් නිම්නය ඔස්සේයි.

දැඩි වියළි කාලගුණ තත්වයක් නිරතුරුවම දැකිය හැකි ග්‍රේට් කැනියන් නිම්නය තුළ ඉතාම සෙමෙන් ගලන ජල ප්‍රවාහයන් කීපයක්ද පැවතීම ඉතාම විරල පිහිටීමක් බවත් සඳහන් කළ හැකියි. මෙම දොරුව (නිම්නය) සැතපුම් දෙසීය අනූවක් පමණ දිගින් යුතු අතර සැතපුම් දහයක් පමණ පළලින් යුක්තවේ.

 

Related Articles