Home LifestyleTravel මාතලේ පුංචි එංගලන්තය “සෙම්බුවත්තට” යමු

මාතලේ පුංචි එංගලන්තය “සෙම්බුවත්තට” යමු

by LADY.LK

ලංකාව කොච්චර ලස්සනද කියලා කෙනෙක් ඇහුවොත් ඒකට උත්තරක් දෙන්න වචන ගොනු කරන එක ඒ තරම්ම ලේසී දෙයක් නෙමෙයි. මොකද වටිනාකමින් වැඩි දේවල් ගැන කියන්න ඇත්තටම වචන නැහැ. නමුත් සරලවම ගත් කටටම ඔබ කියයි මගේ රට ගොඩක් ලස්සනයි කියලා. මේ කියන්න යන්නේ ඔබත් මමත් ජීවත්වන මේ පුංචි රටේ තිබෙන තවත් අපූරු ස්ථානයක් ගැනයි.  මාතලේ දිශාවේ පිහිටි මේ අපූරු ගමනාන්තය “සෙම්බුවත්ත” කියලා අපට හඳුන්වන්න පුළුවන්. එහි සුන්දරත්වය මෙතරම් යැයි කියා නිම කළ නොහැකියි. ඒ නිසාම ඔබ එහි ඇවිද ඔබේ දෙනෙතින්ම ඒ සුන්දරත්වය විඳ ගත යුතුමයි.

සීතල සුළඟින්, මීදුම් දුමාරයෙන් පිරුණු සෙම්බුවත්ත මාතලේ පුංචි එංගලන්තය කියලත් හඳුන්වනවා.

මහනුවර නගරයේ සිට කිලෝමීටර් 35ක් පමණ දුරින් මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන මේ අපූරු ස්ථානයට පැමිණිමට ප්‍රධාන මාර්ග 2ක්  තිබෙනවා. ඒ මහනුවර සිට වත්තේගමට පැමිණ ඇල්කඩුව නගරය හරහා සෙම්බුවත්තට යාම හා මාතලේ නගරයේ සිට උකුවෙල හරහා ඇල්කඩුවට පැමිණ මෙම ස්ථානයට ළඟාවීමයි..

ඇල්කඩුව තේ කර්මාන්ත ශාලාව පිහිටි භූමිභාගයේ පිහිටා ඇති මේ විල තියෙන්නෙ

ඇල්කඩුව වතුයාය ඇතුලේ පිහිටා තිබෙන සෙම්බුවත්ත විලට ඇලුතුල් වීමේ ගාස්තු වශයෙන් එක්කෙනෙක් රුපියල් 200ක ටිකට් පතක් ගතයුතු වනවා. ඒ මුදලින් කොටසක් වතුයායෙ වැඩ කරන ශ්‍රමිකයන්ගෙ සුභ සාධනයට බැර වෙන අතර ඉතිරිය ඒ අවට පිරිසිදුව තබාගැනීමට හා ස්ංචාරක පහසුකම් පවත්වාගෙන යාමේ බරපැන වශයෙන් යෙදෙනවා.

දෙනවා සෙම්බුවත්ත  විල කෘතිමව හදපු එකක් වුනත් එහි ස්වභාව සෞන්දර්්‍යට නම් කිසිදු හානි සිදු කරලා නැහැ. බ්‍රිතාන්‍ය සමයේදී  තුරඟ පෝලෝ පිටියක් ලෙස පවත්වාගෙන ගොස් ඇති මෙම ස්ථානය බොහෝ කලක් ගතවීමෙන් පසු එම ස්ථායේ ජලාශයක් නිර්මාණය කර ඒ වතුරෙන් ජලවිදුලිය නිපදවාගෙන යාම සඳහා කර්මාන්තශාලාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

දිය උල්පත්වලින් රැස්වෙන ජලය එකතුකරගෙන තැනූ පිහිනුම් තටාකය සහ විල වටේට සදා නිමකර තිබෙන summer hut ඔබට දැක බලාගන්නත් එහි අසිරිය විඳ ගන්නත්  ඔබට අවස්ථාව තිබෙනවා.

සුන්දර කඳු පන්ති වලින් වටවී ඇල්කඩුව වතුයායේ උසම තැන පිහිටලා තිබෙන මේ ඉසව්වේ කඳවුරු ජීවිතයට කැමති අයට කඳවුරු ගහන්නත් හැකියාව පවතිනවා. ඒ සඳහා 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකට රැපියල් 15000 ක් අය කරනවා.

ඉතිං මේ සුන්දරත්වය ඔබේ දෑසින්ම විඳදරා ගැනීමට  ඔබත් වෙලාවක් ලැබුණු ගමන් සෙම්බුවත්තට ගිහින් එන්න.

 





Related Articles