Home FoodNutrition දවසකට රටඉඳි ගෙඩි 7ක් කන්න

දවසකට රටඉඳි ගෙඩි 7ක් කන්න

by LADY.LK

පෙර රජ දරුවන් ආහාර රුචිය වැඩීමටත් නිරෝගි වීමටත් පානයන් සකසා ගැන්මට භාවිතා කළේ යයි ග්‍රන්ථවල සඳහන් වන රට ඉඳි , ආයුර්වේදය හඳුන්වා දෙන්නේ මධුර ත්‍රිපලා කාණ්ඩයට අයත් වටනා ඖෂධයක් ලෙසටයි.
බොහෝ රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා, කෂාය, අරිෂ්ට ආසව වැනි විවිධාකාරවලින් යොදා ගැනෙන, ඖෂධය, නමින් රට ඉඳි වුවත්, මෙරට දකුණු මුහුදුබඩ ප්‍රදේශවලත් වගා කෙරෙන්නක්. මඳක් වෙනස් රතු දම්පැහැයකින් පොකුරු සැදෙන ඒවා භූමි බර්ජුරි නමින් හැඳිවෙන වා.
එම වර්ගය මෙරටට ආවේණික වූවක් ලෙස සැළකෙන අතර අරාබියෙන් ගෙනවුත් මන්නාරමේ සිටුවන ලද රට ඉඳි වර්ගයක් ද දක් නා ලැබෙනවා. ඒවාත් සමග මෙහි රට ඉඳි ප්‍රභේද 4 ක් දැකිය හැකියි.
මේ සියල්ල රසයෙන් ගුණයෙන් සමාන බවයි සඳහන්වන්නේ. ඒවායේ ගෙඩි ඇට බොඩ මෙන්ම මුල්ද ඖෂධ ගුණවලින් යුක්තයි.

රට ඉඳි ගෙඩි තුනක් කෑමෙන් සිරුරට දවසටම උවමනා විටමින් ප්‍රමාණය ලැබෙන බව ඔබ දන්නවාද? එපමණක් නොවෙයි. තවත් වාසි ගණනාවක් ඉන් ලබාගත හැකියි..
රට ඉඳි කුඩා පලතුරක් වුවත් එය යකඩ කැල්සියම් පොටෑසියම් මැග්නිසියම් මැන්ගනිස් පොස්පරස් තන්තු විටමින් බී6 ආදි වටිනා පෝෂක , ගුණ රාශියකින් යුක්තයි .
ව්ටමින් බී6 බහුලතාවත් සමග එය මොළයට ඉතා හිතකර බව සොයාගෙන තියෙනවා..
මතකය නිවැරදිවීම හා යමකට සාර්ථකව සිත යොමු කිරීමේ හැකියාව ඉන් ඇතිවෙනවා.
ඇල්ෂයමර් මෙන්ම හදවත් රෝගවලටත් එරෙහිව ක්‍රියාත්මක වෙනවා.

මැග්නීසියම් පොටෑසියම් බහුලතාවත් සමග රුධිර පීඩනය. අඩු මට්ටමක තබාගැනීමට එය උපකාරි වෙනවා. ඉන් හදවතත් හොඳින් ක්‍රියාත්මක වෙනවා. සහායවනවා.
සතියකට දෙවරක්වත් රට ඉඳි ආහාරයට ගන්නේ නම් හර්ද රෝග ඇතිවීම වළකින බවත් , පවතින ඒවා පාලනය වන බවත් සඳහන්.
රට ඉඳි ක්ෂණික ශක්තිය ලබා දිය හැක්කක්. අධිකව වෙහෙසට පත්වන මැරතන් දිවීම ආදියේදී එය විඩාපත් සිරුරට ශක්තිය ලබා දෙනවා.
එය සිරුරේ විජලනය දුරුකරන්නක් මෙන්ම ආහාර රුචිය ද වඩවන්නක් .
රට ඉඳී මුද්‍රප්පලම් සමග එකට අඹරා, ආහාර ගැන්මට පෙර කල්කයක් විලස මුවතබා ඉස්ම ගිලීමෙන් කෑම රුචිය ඇතිවන බව සඳහන්.
අක්මාවේ විෂ දුරලන හැකියාව ත් රට ඉඳි සතුයි. වස විස බැහැර කර හරින එය මත් ද්‍රව්‍යවලින් අධිකව මත්වූවන්ට ප්‍රතිකාර පිණිස යොදා ගැනෙනවා. බර්ජුරාදි මන්තය නම් ඖෂධය ඒ සඳහා යොදාගනු ලබනවා.
රට ඉඳිවල ඇති මැන්ගනීස් වල, ,ඇති ප්‍රති ප්‍රදාහක ගුණ ඉදිමුමට වේදනාවට වැට බඳින අතර , ධමනිවල ඇති ඉදිමුම් . වේදනාවලට සහන සලසා දෙනවා.
මලබද්ධයටත් රට ඉඳි ගුණදායකයි. ආහාර ජීර්ණ පද්ධතිය හොඳින් ක්‍රියාත්මකවී අර්ශස් හා පිළිකා රෝග වැළක්වීමට එය උපකාරිවෙනවා.
රැයෙහි රට ඉඳි ඇට ඇර පෙඟෙන්නට තබා උදාසන ආහාරයට ගැනීම මලබද්ධයෙන් වෑලැක්මට හිතකර ලෙස සටහන්වෙනවා .එසේ ම මුත්‍රාකාරකයක් වන එමගින් මුත්‍ර දැවිල්ල මුත්‍රා පිට කිරීමේ අපහසුතා ආදිය දුරුකිරීමේ හැකියාවත් පවතිනවා. රටඉඳි හත අටක් උතුරන වතුරට දමා තබා පානය කිරීමෙන් ඉන් සහන අත්වන අතර එය මුත්‍රාගල් දියවීමටත් උපකාරි වනබව සඳහන්.

රට ඉඳි ගැබිණි මවුවරුන්ගේ ගර්භාෂ මාංශ පේශී ශක්තිමත් කරන බවත්, දරුවා ලැබුණු පසු හොඳින් මවුකිරි වර්ධනය කර දෙන බවත් සඳහන්. ගර්භිණී මව්වරුන් 69 දෙනකු යොදාගෙන කෙරුණු පරීක්ෂණයකින් හෙළිවූයේ දිනපතා රට ඉඳි ආහාරයට ගත් පිරිසට, අවසන් මාසය ඉතා පහසු දායක වූ බවයි. දරුවා ලැබීමෙන් පසු ඇතිවන බර අඩු වන ගැටළුත් ඉන් විසඳී තිබුණා.
රට ඉඳිවලින් සකසන ෂෂ්ටිකාදි ගුටිකාව නම් ආයුර්වේද ඖෂධයෙන් සමෙහි රැලි වැටීම් දුරුවී ඇස් යට ගිලීම් වැළකී දිගුකාලීන තරුණ පෙනුමක් ලැබෙන බව සඳහන් වෙනවා
ශාරීරික මානසික විඩාව දුරුකිරීමට මෙන් ම වියපත්වීමේදී ඇතිවන අස්ථි දිරාපත්වීම් අවම කිරීමට ද රට ඉඳි සමත්.

රට ඉඳී ඇටද ගුණදායකයි ඇට වියළා කබලේ බැද කුඩුකර කෝපි මෙන් පානය කිරීමෙන් සන්ධී වේදනා දුරුවන බවත් නොයෙක් රෝගවලින් වළකින බවත් සඳහන් වෙනවා.
ඇට කුඩුකර අඹරා ගෑමෙන් දෙබර බඹර ආදි සත්ත්ව විෂ ද දුරුකර ගත හැකියි.
රට ඉඳි ගොබය අඹරා සකසන ඉඳිබොඩ කල්කය සර්ප විෂ දුරලීමට ද උපකාරිවනවා.
සර්ප විෂෙන් සිහි සුන් වූ විට සිහි ගැන්වීමට ලංකා ඉඳිබොඩවලින් සැකසූ බෙහෙත් ඔරුවල රඳවන බව සඳහන්.
ඉඳි බොඩ කාන්තා රෝග වේදනා දුරුකිරීමටත් සහායවනවා. එසේම පුරස්ථි ග්‍රන්ථී රෝග වලට එරෙහිවත් ක්‍රියා කරනවා.රට ඉඳි මුල් , දත් කැක්කුම දත් පනුවන් කෑම වැනි දන්ත රෝග සුවකිරීමට උපකාරිවනවා .ඉඳිමුල් තැම්බූ දියෙන් කට සේදීමෙන් විදුරුමස් දියවීම වැනි මුඛ ආසාදන වළකිනවා.නිතර රට ඉඳි කෑමෙන් මනාව හිසකේ වැඩීමත්. සිදුවෙනවා.දිගු කෙස් කළඹකට කැමතිනම් වැඩිපුර කෑවොත් හොඳයි. එමගින් කෙට්ටු අයට මහත්වෙන්නත් බර අඩු අයට බර වැඩ් කරගන්නත් පුළුවන් හැබැයි දියවැඩියා ලෙඩුන්ට නම් රට ඉඳි එතරම් හිතකර නැහැ. කෑමට පෙර ඒවායේ ඇති වැඩි පැණිරස ගැන සලකා බැලිය යුතුවෙනවා.

රට ඉඳි වලින් අත් බෙහෙත්

*සම පැහැපත්වීමට
දිනපතා රටඉඳි ගෙඩි 7 බැගින් ආහාරයට ගැනීම

*පාදයේ ඇනුණු උල් කටු කීරි ඇදී ඒමට
ඉඳි බොඩ පෙරුම්කායම් සමග අඹරා කීපවිටක් ආලේප කිරීම

  • මුත්‍රා දැවිල්ලට, මුත්‍රා පිට නොවීම ට
    උතුරුවාගත් දිය බඳුනකට රට ඉඳී ගෙඩි අටක් තලා දමා පානය කිරීම

*හිස රදයට
උළුහාල් ස්වල්පයකට වතුර පත 4 දමා කෂාය සිඳුවා , ඊට රට ඉඳි ගෙඩි කීපයක් ඇට ඇර තලා දමා පානය කිරීම

*වමනයට , මල බුරුල්වීමට
රට ඉඳි ඇට ඇර පත 4 එකට කෂාය කර බීම

*පුෂ්ටිමත්වීමට , බර වැඩිකර ගැනීමට
එළ කිරි සමග රට ඉඳි ගෙඩි හත බැගින් දිනපතා ආහාරයට ගැනීම

*ප්‍රතිශක්තී වර්ධනයට
රට ඉඳි ඇට කබලේ බැද කුඩුකර කෝපි මෙන් පානය කිරීම

 

Related Articles