Home FoodRecipes වැව් මාළු අච්චාරුව

වැව් මාළු අච්චාරුව

by LADY.LK

ගොඩක් අය කැමතියි වැව් මාළු කන්න. හැබැයි ඉතින් මෙච්චර කාලයක් ඔබ වැව් මාළු කෑවනම් කාලා ඇත්තේ  කරියක් විදිහට නැත් නම් බැදලා වෙන්න ඇති . ඔන්න අද අපි කියලා දෙන්න යන්නේ  ඊට වඩා වෙනස් රසයකින් වැව්මාළු  හදා ගන් පුළුවන් විදිහක් ගැනයි. ඒ තමයි වැව් මාලු අච්චාරුව. හදා ගන්නේ මෙන් මෙහෙමයි.

අවශ්‍ය ද්‍රව්‍ය

වැව් මාළු ග්‍රෑම් 500
කුඩා රතු ලූනු ග්‍රෑම් 200
අමුමිරිස් ග්‍රෑම් 150
අබ ඇට මේස හැඳි 2
සුදුලූනු බික් 4යි
ගම්මිරිස් ඇට මේස හැඳි 1
කුඩා ඉඟුරු කැබැල්ලක්
විනාකිරි අඬු කෝප්ප 1/2ක්
ලුණු රසට අනුව
තෙල් අවශ්‍ය තරමට
කහ ස්වල්පයක්

සාදන ආකාරය

වැව් මාළුවල සම ගලවා දමා තරමක කැබැලි වලට කපා ලුණු, කහ අතගා ටික වේලාවක් තබා රත්වූ ගැඹුරු තෙලට දමා රන්වන් පාටට බැද තෙල් බේරෙන්නට තබන්න. රතුලූනු සුද්දකර ගෙඩි පිටින්ම රත්වූ තෙලට දමා උණුං ගස්වා ගන්න. අමුමිරිස් ද වෙන් නොවන සේ දෙකට පලා උණුං ගස්වා ගන්න. ඉඟුරු, අබ, ගම්මිරිස්, සුදුලූනු, විනාකිරි  ටිකකින් අඹරා ගන්න.  දැන් මැටි බඳුනක් ගෙන එයට විනාකිරි අඹරාගත් මිශ්‍රණය, ලුණු දමා හොඳින් මිශ්‍රකර එයට බැදගත් ලූනු, අමුමිරිස් මාළු දමා ‍පොඩි නොවන සේ මිශ්‍රකර ගන්න. සුළං නොවදින සේ වසා තබා අවශ්‍ය වූ විටෙක කෑමට ගන්න.

 

Related Articles