Home LifestyleFashion blackheads අයින් කරන පහසුම ක්‍රමය

blackheads අයින් කරන පහසුම ක්‍රමය

by LADY.LK

බොහොමයක් තරුණ තරුණයන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මුහුණේ ඇති වෙන blackheads  ඉතින් මේවා අඩු කර ගන්නේ කොහොමද කියන එක ගැන පිළිබඳව හැම දෙනෙක්ටම අවබෝධයක් නැහැ. බොහෝ දෙනෙක් කරන්නේ මෙවැනි ප්‍රශ්නයක් මතු වුනහම සැලොන් එකකට ගිහිල්ලා මේවා අයින් කරගන්න එක. ඔන්න ඉතින් අපි හිතුවා ඔයාට ගෙදර දිම  blackheads අයින් කරගන්න පුළුවන් පහසු ක්‍රමයක් කියල දෙන්න .ඒ මෙන්න මේ විදියට.

හුමාලය අල්ලන්න

අලුතින් කලු ලප ඇති වීම වැලැක්වීම සඳහා මෙන්ම දැනට මුහුණේ ඇති කලු ලප ඉවත් කිරීම සඳහා ඔබට හුමාලය ඇල්ලිය හැක. උණු කරගත් ජලය ඇති කල්දේරමක් ඉදිරියේ ඉඳගෙන තුවායකින් හිස පොරොවා මද වේලාවක් හුමාලය අල්ලන්න. විනාඩි 10කට වඩා එය නොකරන්න. උණු ජලය අසල සිටීමේදි ප්‍රවේශමෙන් කටයුතු කරන්න. සාමාන්‍යයෙන් මිනිත්තු 5ක් හුමාලය ඇල්ලීම ප්‍රමාණවතය. ඉන්පසු ඇල් වතුරෙන් මුහුණ සෝදා හරින්න. මෙහි සඳහන් පිලිවෙලට ඔබ හුමාලය ඇල්ලිය යුතුය. ඉන්පසු පිරිසිදු, සිනිඳු තුවායකින් මුහුණ තෙත මාත්තු කර පිසදා මොයිෂ්චරයිසරයක් ආලේප කරන්න. සතියකට දෙවතාවක් මෙය කර එහි අනර්ඝ ප්‍රතිඵල දකින්න. ඉන් පසු මසකට වරක් දක්වා අඩු කරන්න.

Related Articles