Home LifestyleFashion කාන්තා කලිසම් විලාසිතා වර්ග

කාන්තා කලිසම් විලාසිතා වර්ග

by LADY.LK

සීමා මායිම් නැති විලාසිතා ලෝකය ඇතුළේ නොයෙකුත් ආකාරයේ කලිසම් විලාසිතාවලට හිමිවෙලා තියෙන්නේ ඉහළම ස්ථානයක්. Jeans, Trousers, Pants යනාදි පොදු නම්වලින් හැඳින්වුවත්, ඒ අතරේ කලිසම් වර්ග බොහෝ සංඛ්‍යාවක් තියෙනවා. කලිසම් වර්ගයක් තෝරාගන්නා විට මූලිකවම එය, තමන්ගේ සිරුරට හොඳින් fit වෙනවාද, එහි පැහැය සහ විලාසිතාව තමන්ගේ වයසටත්, ශරීර හැඩයටත් ගැළපෙනවාද කියන කාරණා ගැන සැළකිලිමත් විය යුතු වෙනවා. ඉතින් කොයි කවුරුත් හැඩට වැඩට අඳින්නට ප්‍රිය කරන කලිසම් විලාසිතා ගැන දැන ගැනීමටත්, තමන්ට ගැළපෙන ම විලාසිතා තෝරා ගැනීමටත් උන්න්දුවෙන ඔබ වෙනුවෙන් තමයි මේ ලිපිය ලියැවෙන්නේ.

Dress Pants

මේ කලිසම් වර්ගය ගොඩක් වෙලාවට සුදුසු වෙන්නේ formal – semi formal අවස්ථාවලට වන අතර ඔබ කාර්‍යාලයට ඇඟලන Slack සහ straight pants ද මේ විලාසිතාවේ කලිසම් අතරට අයත් වෙනවා. නිතර එදිනෙදා කාර්‍යාලයීය ගමන් බිමන්වලට භාවිතා වෙන නිසා සාමාන්‍යෙන් මෙම කලිසම් woven හෝ වෙනත් සුදුසු මිලාධික රෙදි වර්ගයකින් මසනු ලබනවා. ඒ වගේ බොහෝ විට සිපරයක් හෝ බොත්තම් සහිත ඉදිරිපස විවරයකින් ද සමන්විත වෙනවා.

Jeans

Denim වගේ තද රෙදි වර්ගවලින් කරන මේ විලාසිතාවේ කලිසම්වල දාරය ඝනකම් නූල් භාවිතා කර, double stitch lines රටාව යොදා මසනු ලබනවා. ඒ වගේම දිගුකාලීන පාවිචිචිය සඳහා නිපදවා මෙවැනි jeans එකක් ඇඟලීමෙන් ඔබට යම් තරුණ පෙනුමක් එක් කරන බවත් කියන්න පුළුවන්.

Culottes

දණහිස තෙක් හෝ ඊට වඩා මඳක් දිගුවන මේ කලිසම් වර්ගය එක්තරා විදියකට shorts හෝ three quarter විලාසිතාවක් විදියටත් හඳුන්වන්න පුළුවන්. යට කොටස මඳක් විශාලවට (flared සායක හැඩයට) මසන නිසා මෙය ශරීරයට පහසුදායක සැහැල්ලු කලිසම් වර්ගයක් වශයෙන් තමයි සැළකෙන්නේ.

Harem Pants 

මේ විලාසිතාවේ කලිසම් සාමාන්‍ය ගමනකට සුදුසු ඉතා සැහැල්ලු සහ ජනප්‍රිය කලිසම් වර්ගයක් විදියට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. කලිසමේ කකුල් ප්‍රදේශවලට විශාල පෙනුමක් එන ආකාරයට, Elastic band සහ waistband යොදාගනිමින් වළලුකර සහ ඉණ ප්‍රදේශ gather කර මසන Harem pants සඳහා බොහෝ විට කඩා හැළෙන ස්වරූපයේ රෙදි වර්ග භාවිතා කරනවා.

Baggy Pants

ශරීරයට හිර නැති සැහැල්ලු කලිසම් වර්ගයකි. ඉහතින් සඳහන් කළ Harem Pants අයත් වන්නේත් Baggy Pants වර්ගයටම වන අතර ඩෙනිම් රෙදිවලින් කරන baggy jeans නම් කලිසම් වර්ගයත් මේ කොටසට අයිති වෙනවා.

Bell Bottoms

ඉණ සහ කළවා ප්‍රදේශවලින් හිරටත් දණහිස හරියෙන් විහිදෙන ආකාරයටත් මසන කලිසම් වර්ගයකි. දණහිස හරියෙන් පටන් ගන්නා Flare ස්වභාවය වළලුකර දක්වා විහිදෙනවා. Boot Cut Pants සහ සමහර jeans විලාසිතා අයත් වන්නේත් Bell Bottom කලිසම් වර්ගයටමයි. 

Leggings

ඇදෙනසුළු සහ සැහැල්ලු රෙදි වලින් මසා ඇති, ශරීරයට තද කලිසම් වර්ගයක් වුණත් මෙය ඔබේ සිරුරට අපහසුතාවක් ඇති කරන ආකාරයේ ඇඳුමක් නම් නෙවෙයි. Trousers ස්වභාවයේ leggings හඳුන්වන්නේ Treggings නමින් වන අතර Jeans එකක ස්වරූපය ඇති leggings හඳුන්වන්නේ Jeggings යන නමිනුයි. යටිපතුල හරහා යන strap එකකින් කලිසම් කකුල ඉහළට ඇද රඳවා තබා ගන්නා leggings, Stirrup pants යනුවෙන් හඳුන්වනවා.

Tights

ලෙගින් එකක පෙනුම ඇතත් tights කියන්නේ ඊට වඩා වෙනස් ඇඳුමක් කියන එක මුලින්ම කියන්න වෙනවා. Tight එකක් ගොඩක් වෙලාවට legging එකකට වඩා විනිවිද පෙනෙන ස්වරූපයක් ගන්නා අතර සම්පූර්ණ පාදය ම ආවරණය කරන කලිසමක් විදියට හඳුන්වන්න පුළුවන්.

Punk Pants

Stitching lines, pockets, chains, stickers සහ වෙනත් සැරසිලි ගණනාවක් අඩංගු කලිසම් වර්ගයකි. Baggy, jeans, bell bottom වැනි ඕනෑම වර්ගයක කලිසමක ස්වරූපයෙන් punk pant තියෙන්නට පුළුවන්.

Cargo Pants

Pant එකක සාමන්‍යයෙන් ඇත්තේ Pockets 2ක් පමණක් වුණත් cargo pant එකක සාක්කු 3-4ක් පමණ ප්‍රමාණයක් අඩංගු වෙනවා. කලිසම් කකුලේ දෙපැත්තෙන් එකකට යටින් එකක් වශයෙන් සාක්කු කිහිපයක් මසා ඇති මෙවැනි pants තරුණ පිරිස අතර ඉතා ජනප්‍රිය විලාසිතාවක් වශයෙන් හඳුන්වන්න පුළුවන්.

Stovepipe Pants

සිරුරේ හැඩයට මනාව ගැළපෙන slim fit වර්ගයට අයත් මේ කලිසම් විලාසිතාව formal functions වල ඉතාමත් සුදුසු බව කියන්න පුළුවන්. Pencil leg pants, Drainpipe trousers කියන නම්වලිනුත් හඳුන්වන Stovepipe pants වළලුකර උසට පමණක් ඇති කලිසම් වර්ගයක් විදියට හඳුන්වන්න පුළුවන්.

Pep-leg Pants

Relaxed fit pants විලාසිතාවේ කලිසම් වර්ගයකි. මෙම කලිසම් වල, කලිසම් කකුලේ ඉහළ ප්‍රදේශය තරමක් ලිහිල් ආකාරයටත්, කලිසම් කකුල අවසන් වන වළලුකර හරියෙන් කකුලට fit වන ආකාරයටත් නිමවා තිබේ. බොහෝ විට කලිසමේ ඉන යට ප්‍රදේශය darts යොදා රැලි ගන්වා හැඩ කරනවා.

ඉහතින් සඳහන් කළ කලිසම් විලාසිතාවලට අමතරව Toreador Pants, Eastern Pants, Jodhpur Pants, Cropped Pants, Dungarees, Jumpsuits සහ Cargo Pants යනාදි වශයෙන් තවත් විලාසිතා බොහොමයක් ඇති බවත් අවසන් වශයෙන් අපි මතක් කරනවා.

Related Articles