Home LifestyleFashion වැඩ කරන කාන්තාවකට ඕනම කරන විලාසිතා එකතුවක්

වැඩ කරන කාන්තාවකට ඕනම කරන විලාසිතා එකතුවක්

by LADY.LK

ආත්ම විශ්වාසයෙන් පිරුණු කාන්තාවකට නොකළ හැකි දෙයක් නෑ කියන කාරණය අපේ බොහෝමයක් කාන්තාවන් අත්දැකීමෙන් ම දන්නවා ඇති කියලා අපි හිතනවා. රැකියා ස්ථානයේදි තමන්ගේ රාජකාරිය උපරිම සාර්ථකත්වයකින් නිම කරන්න මේ කියන ආත්ම විශ්වාසය අනිවාර්ය සාධකයක් වෙනවා වගේම පිරිසක් අතර වැදගත් ආකාරයට කැපී පෙනෙන්නත් හේතුවක් වෙනවා. තැනට සුදුසු, සුන්දර, සුවපහසු සහ වුර්තීමය ආකාරයට සැරසිලා රැකියා ස්ථානයට පිටත් වෙන ඔබට ඒ හරහා ලැබෙන ආත්ම ශක්තිය දවසම ප්‍රබෝධයෙන් යුතුව රාජකාරි කටයුතු ඉටුකර ගන්න මනා පිටුවහලක් වේවි. මේ හැම දේටම පරිපූර්ණ ඇඳුමක් පමණක් ම ප්‍රමාණවත් නොවෙන නිසා කාර්‍යාලයක සේවය කරන කාන්තා ඔබට අත්‍යවශ්‍යම ඇඳුම් සහ පැළඳුම් කිහිපයක් සම්බන්ධව කතා කරන්න අපි තීරණය කළා.

White blouse

තනි සුදු පැහැති හෝ ඉතා සරල රටාවක් සහිත සුදු පැහැ බ්ලවුසයක් නිදහසේ ඕනෑම පැහැයක සායක් හෝ කලිසමක් සමඟින් ගළපා ඇදීමේ හැකියාව ඔබට ලබාදෙනවා. අතිශය සාමාන්‍ය මෝස්තර රටාවලින් වෙනස් වූ ආකාරයේ කොලර, බොත්තම් සහ sleeves යෙදූ, නමුත් වැදගත් පෙනුමැති බ්ලවුසයකින් නිසැකවම ඔබට මනා කාර්‍යාලයීය පෙනුමක් ලැබෙනවා.

අත් රහිත ඇඳුම්

අත් රහිත සුවපහසු බ්ලවුසයක් හෝ ගවුමක් සමඟින් අවශ්‍ය නම්, blazer එක යොදාගැනීමටත් හැකියාව තියෙන නිසා කාර්‍යාලයීය ඇඳුම් ගොන්නට එවැනි ඇඳුමක් දෙකක් එක්කර ගැනීමට මැළිවෙන්න එපා. 

Black blazer 

සිරුරට හොඳින් ගැළපෙන කලු පැහැති blazer එකක් ඔබ සතුව ඇත්නම් එයින් ඕනෑම ඇඳුමකට කාර්‍යාලයීය පෙනුමක් ලබා දීමට හැකියාව ලැබෙනවා. Blazer එකක් තෝරාගැනීමේදි ශරීර ප්‍රමාණයට ගැළපෙන සහ  එල්ලා නොවැටෙන ආකාරයේ එකක් තෝරාගැනීමටත් අමතක කරන්න එපා.

ආභරණ

මුතු, මැණික්, දියමන්ති, රත්තරන්, රිදී, rose gold, platinum, ප්ලාස්ටික්, රෙදි සහ වීදුරු ඇතුළු ඕනෑම වර්ගයක ආභරණ ඔබේ ක්‍රය ශක්තියට අනුව එක් කරගැනීමෙන් අවාසියක් නම් වෙන්නේ නෑ. සරල නමුත් ලාභ පෙනුමක් නොමැති මෝස්තරවල මාල, කරාඹු, bracelets සහ මුදු වැනි ආභරණයකින් ඔබේ වැදගත් සහ සුන්දර පෙනුම වඩාත් ඔප්නංවා ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.

පාවහන්

පළඳින පාවහන් වර්ගය අනුව ඔබේ ඇවිදීමේ රටාව වගේම ඇඳුමේ ස්වරූපයත් එකිනෙකට වෙනස් ස්වරූපයක් ගන්නවා. කෙසේ වෙතත් අවම වශයෙන් කලු/දුඹුරු/ nude වර්ණවලින් අඩිය උස පාවහන් වගේම loafers යුගල් කිහිපයක් තබාගැනීමත්, පාවහන් මිලට ගැනීමේදි සුවපහසු බවට විශේෂ අවධානයක් ලබා දීමත් අනිවාර්යයෙන් සිදුකළ යුත්තක් වෙනවා .

ඔරලෝසු

ආභරණ පැළදීමට අකමැති ඔබට ඇඳුමේ පෙනුමට ගැළපෙන ආකාරයේ ඔර​ලෝසුවක්(Rose Gold, Silver හෝ Leather පටියකින් යු​ත) පැළඳීමෙන් කාර්‍යාලයීය පෙනුමක් වගේම සුන්දර බවකුත් ලබාගැනීමට හැකියාව ලැබෙනවා.

Make up

සේවා ස්ථානයට, රැකියාවේ ස්වභාවයට, ඇඳුම් පැළදුම්වලට සහ තමන්ගේ පෙනුමට ගැළපෙන ආකාරයේ make ups භාවිතා කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වීම නිසා නියම ප්‍රමිතියෙන් යුතු රූපලාවන්‍ය ද්‍රව්‍ය/ උපකරණ එකතුවක් පවත්වා ගැනීමටත් කාන්තා ඔබ උනන්දු විය යුතු වෙනවා.

Pencil cut skirt

දණහිස දක්වා උසැති pencil cut මෝස්තරයේ සායක් සහ ගැළපෙන බ්ලවුසයක් මඟින් ඔබේ කාර්‍යාලයීය පෙනුමට යම් සරාගී පෙනුමකුත් එක් කරනවා. ශරීරයේ සුන්දර හැඩය ඉස්මතු කරවන මේ විලාසිතාවේ සායවල් තෝරා ගන්නාවිට පාද අතර කුඩා විවරයක් (slit) සහිත ඒවා තෝරාගැනීමෙන් පාද හැසිරවීමට පහසුදායක වෙනවා.

Hand bag

වටිනා පෙනුමැති සහ කල්පැවැත්මෙන් යුතු අත් බෑග් මිලට ගන්නා විට වර්ග සහ වර්ණ කිහිපයකින් මිලට ගැනීම වඩා සුදුසු වෙනවා. ඒ වගේම බෑගයේ ඇතුළත ඉඩ පහසුකම්, ශක්තිමත්බව, zips පිහිටා ඇති ආකාරය සහ pockets ප්‍රමාණය වැනි කරුණු ගැන අවධානය ලබා දීම අත්‍යවශ්‍ය වෙනවා.

Silk and cotton blouses

අපේ රටේ දේශගුණයට කපු රෙදි හොඳින්ම ගැළපෙන නිසා කපු රෙදිවලින් නිමවූ ඇඳුම් මිලට ගැනීම වඩා සුදුසු වුවත් යම් වෙනසක් ලබා ගැනීම සඳහා සිල්ක් රෙද්දෙන් නිමවූ ඇඳුම් සුලු ප්‍රමාණයක් මිලට ගැනීමට පැකිළෙන්න එපා කියලත් අපි සඳහන් කරනවා.

කලිසම්

තද පැහැ ඩෙනිම් කලිසම්, ලිනන් හෝ cotton කලිසම් සමඟින් උඩුකය ඇඳුම් සහ පාවහන් නිසි පරිදි ගළපා ගැනීමෙන් ඔබට ආකර්ෂණීය පෙනුමක් ලබාගැනීමට හැකියාව ලැබෙන අතර සිරුරට තදැති හෝ සැහැල්ලු බව ඔබේ රුචිකත්වය අනුව තෝරාගැනීමට පුළුවන්කම තියෙනවා.

Hair accessories 

Ponytail holders, hair pins, hair clips, wool bands, head bands, barrettes, bun and crown shapers, side combs යනාදි වශයෙන් විවිධාකාර අමුද්‍රව්‍යවලින් නිපදවූ විවිධාකාර උපකරණ ඇති අතර මේවායින් කීපයක් හෝ ළඟ තබා ගැනීමෙන් විවිධාකාරයේ කොණ්ඩා සැකසුම් සිදුකරගන්නට ඉඩ ලැබෙනවා. 

Related Articles