Home LifestyleFashion Jewelry තෝරනකොට මේ දේවල් ගැනත් හිතන්න

Jewelry තෝරනකොට මේ දේවල් ගැනත් හිතන්න

by ladylk

Jewelry කියලා කියන්නේ අපි කාගෙත් ප්‍රියතම මාතෘකාවක්නේ. ඉතින් විවිධාකාර materials වලින් නිමවපු jewelry collection එකක් ඔබ සතුවත් ඇති කියලා අපි විශ්වාස කරනවා. හැබැයි සමහර අවස්ථාවල ඒ ආභරණ අඳින ඇඳුමට, අනෙකුත් accessories වලට සහ අවස්ථාවට අනුව ගළපාගන්නේ කොහොමද කියන ගැටළුවට ඔබත් මුහුණ දෙනවා වෙන්නට පුළුවන්. ඉතින් අපි හිතුවා ඔබගේ පෙනුමට කැපී පෙනෙන සුන්දරත්වයක් ලබාදෙන ආකාරයට ආභරණ ගළපාගන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධව tips කිහිපයක් ලබාදෙන්න.

Layers කිහිපයක් පැළඳීම

ප්‍රමාණය, හැඩය, පැහැය, විලාසිතාව සහ ස්වභාවයෙන් එකිනෙකට වෙනස් වන මුදු, මාල, pendants සහ වළලු layers කිහිපයක් ම පැළඳීම ගැන තමයි අපි මේ කතා කරන්නේ. එක් වරකට වඩා Ear piercing කරලා තියෙනවා නම් කරාඹු වුණත් මේ ක්‍රමේට පළඳින්නට ඔබට හැකියාව තියෙනවා. මේ වගේ අවස්ථාවල බරැති ආභරණවලට වඩා සිහින් ආභරණ තෝරාගැනීම වඩා සුදුසුයි කියලයි අපි විශ්වාස කරන්නේ. ඒ වගේම සෑම අවස්ථාවකටම මේ ක්‍රමය ගැළපෙන්නේ නැති බවත් සිහි තබාගන්න සිදුවෙනවා.

සීමාවක් තියාගන්න වෙනවා

හැබැයි, ඔබ necklaces කිහිපයක් පළඳිනවා නම් bangles ත් කිහිපයක්ම පැළඳීම හෝ ප්‍රමාණයෙන් විශාල සහ කැපී පෙනෙන earrings පළඳිනවා නම් necklaces ත් කිහිපයක් පැළඳීම වගේ විලාසිතා කිරීම නම් කිසිසේත්ම සුදුසු වන්නේ නැහැ. මේ නිසා සීමාවක් ඇතිව ආභරණ පැළඳීම සහ ඒ මඟින් පෙනුමට සුන්දරත්වයක් එකතු කරගැනීම කියන කාරණයටත් අවධානය යොමු කරන්න කියලා අපි සිහිපත් කරන්නට කැමතියි.

Earrings

මුහුණ දිහා බලනකොට නිරායාසයෙන්ම ඔබ පැළඳගෙන ඉන්න earrings වලටත් සැළකිය යුතු අවධානයක් යොමුවෙන බව ඔබ දන්නවා ඇති. ඉතින් කන්පෙති හිස් කරගෙන ගමන් බිමන් යෑම ලේසි පහසු වුණත්, ඒ වෙනුවට ඔබගේ පෙනුම වැඩි දියුණු කරන ආකාරයේ earrings පැළඳීම හොඳයි වගේ නේද? හැබැයි earrings  තෝරනකොට ඔබේ සමේ සහ හිසකෙස්වල පැහැය අමතක කරන්න එපා. ඒ වගේම ඔබට තියෙන්නේ දිගු වරලසක් නම් වර්ණවත් හෝ metal වලින් නිර්මාණය කර ඇති තරමක් දිගැති කරාඹු යුවළක් පළඳින්නට ඔබට හැකියාව තියෙනවා.

Earrings මාරු කරන්න

ඔබ හැමදාම පළඳින්නේ එකම earrings නම් එහෙමත් නැත්නම් එකම විලාසිතාවේ earrings නම්, මින් ඉදිරියට ඒ දේ නොකර, විලාසිතාව මාරු කරමින් විවිධත්වයක් එකතු කරගන්න කියලා අපි මතක් කරනවා. එයින් ඔබගේ පෙනුමට fashionable ගතියකුත් එකතු වෙනවා නොඅනුමානයි. හැබැයි මෙහිදී ඇඳුම සහ ඔබ සහභාගි වන occasion එක ගැනත් අවධානය යොමු කරමින් මේ දේ සිදු කරන්න වෙනවා.

Materials

ඔබ නිතරම පළඳින්නෙ රත්‍රන් පමණයි නම් ඒ පුරුද්ද වෙනස් කරගන්න උත්සහ කරන්න කියලා අපි සිහිපත් කරනවා. ඒ වෙනුවට Metal, wooden, stones, fabric, pearls සහ resin වගේ වෙනස් materials වල ආභරණ උත්සහ කරන්නට ඔබට හැකියාව තියෙනවා. විවිධාකාර වර්ණ සහ designs වලින් නිමවා ඇති මේ ආභරණ වලින් ඔබගේ පෙනුමට කැපී පෙනෙන වෙනසක් එකතු කරන බව අපිට හොඳටම විශ්වාසයි. 

ඇඳුමට සුන්දරත්වයක් එක් කරගන්න

ඔබ ගමනක් යන්න කලින් ඇඳුමක් තෝරාගන්න අවස්ථාවේදීම, ආභරණත් තෝරාගැනීම තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. එහෙමත් නැත්තන් පළඳින්න ආසාම කරන jewellery එකක් තියෙනවා නම් ඊට ගැළපෙන විදියට තමයි ඇඳුම තෝරාගන්න අවශ්‍ය වෙන්නේ. විශේෂයෙන්ම එතරම් පෙනුමක් නැති ඇඳුමකට පවා jewellery සහ අනෙකුත් accessories මඟින් සුවිශේෂී බවක් ලබාදෙන්න හැකියාව තියෙනවා. මේ දෙකෙන් කොයි විදිය අන්නුගමනය කළත් ඔබේ පෙනුමට සුන්දරත්වයක් සහ සුවපහසුවක් එකතු වෙනවා නම්, හිතට ආත්ම විශ්වාසයක් දැනෙනවා නම්, යන ගමනට ඇඳුම ගැළපෙනවා නම් ඒ දේ ප්‍රමණවත් වෙනවා.  

අත්හදා බලන්න

ඔබ සාමාන්‍යෙන් පළඳින්නට මැළිවන ආකාරයේ jewellery සහ accessories ඔබ සතුව තියෙනවා නම් නිවාඩු පාඩු වෙලාවක ඒවා විවිධ ඇඳුම් සමඟ ගළපලා ඇඳලා බලන්න. ඒ වගේම කැපී පෙනෙන ආකාරයේ earrings, bangles වගේ දේවල් පළඳින්න ඔබට යම් චකිතයක් වගේ තියෙනවා නම් ඒ චකිතය දුරු කරගෙන තමන් ප්‍රියකරන අන්දමේ ආභරණ පළඳින්න කියලත් අපි සිහිපත් කරනවා. ඒ ආත්ම විශ්වාසය ඔබට අදහාගන්නට නොහැකි තරමේ සුන්දරත්වයක් ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම විවිධාකාර fashion trends වලට හසු නොවී ඔබගේ පෞර්ෂත්වය විදහා දක්වන ආකාරයේ, ඔබටම අනන්‍ය වුණු විලාසිතා සොයාගන්නත් මෙය ඔබට උපකාරී වෙවි.

සුන්දරත්වය ඉස්මතු කරගන්න

ඔබට ඔබගේ සුන්දර ඇඟිලිවලට විශේෂ අවධානයක් අවශ්‍ය නම් ඒ සුන්දරත්වය කැපී පෙනෙන ආකාරයේ මුදු පළඳින්නට ඉත්සහ කරන්න. දෑත සහ ගෙළ සම්බන්ධවත් අනුගමනය කළ යුතු වන්නේ මෙම ක්‍රමයම යි. ඔබගේ ඇඳුමේ කර low-V- neck කරක් නම් pendant එක V කොටසේ රැඳෙන ආකාරයට පළඳින්නට වගබලා ගන්න. දිගැති necklace එකක් වඩා සුදුසු වන්නේ high necked හෝ crew necked ඇඳුමකටයි. Scoop/ round necklines සහිත ඇඳුමකට rounded necklace එකක් ඉතාමත් සුදුසු වෙන බව කියන්න පුළුවන්.

ඊට අමතරව,

විලාසිතා සම්බන්ධව තද නීති රීති පිළිපැදීමට උත්සහ කිරීමෙන් සමහරවිට ඔබට සුදුසුම සහ, ඔබට ප්‍රියතම විලාසිතාවන් මඟහැරී යාමට ඉඩ තියෙනවා. ආභරණ සම්බන්ධවත් ඒ කාරණය පොදු වෙනවා. අත්හදා බැලීමට, වෙනස් වීමට මැළි නොවී විලාසිතාකරණයේ යෙදෙනවා නම් ඔබගේ සැඟවුණු සුන්දරත්වයක් එළිදැක්වීම එතරම් අපහසු වන්නේ නැහැ.

Related Articles