Home FoodNutrition Mint Tea – මහත අයට කෙට්ටු වෙන්න තේ එකක්

Mint Tea – මහත අයට කෙට්ටු වෙන්න තේ එකක්

by LADY.LK

“..කෑම කාලා මහත් වෙලා ද? බය වෙන්න එපා මං ගෙනාවා මින්චි කොල වලින් තේ පානයක්! මේකෙන් අධික මේදය පාලනය වෙනවා. මමත් දැන් බොන්න පටන් ගත්තා. ඔයාලාත් බීලා බලන්න කෝ..”

අද ඔයාලට කියලා දෙන්න යන්නෙ “මින්චි කොල” වලින් තේ එකක් හදාගන්නේ කොහොමද කියලා.. මේ තේ එකෙන් අපේ ඇගේ තියෙන අධික මේදය

පාලනය වෙනවා. මේක හදන්න නම් පොඩ්ඩක්වත් ඔයාලට අමාරු වෙන්නෙ නෑ. මින්චි කොල විතරයි හොයාගන්න ඕනෙ. ඔයාලට ලේසියෙන්ම මින්චි කොල සුපර් මාකට් වලින් ගන්න පුලුවන්.

අවශ්‍ය දේවල්:
උතුරන වතුර කෝප්ප 1ක්
මින්චි කොල 2-3ක්

සාදාගන්නා ආකාරය:
උතරන වතුර කෝප්පයකට මින්චි කොල ටික දාලා, ටික වේලාවක් තම්බාගන්න.
බීම එක කොල පැහැ වෙනතුරු තම්බාගත්තනම් හරි. ඕච්චරයි කරන්න තියෙන්නෙ. ඊට පස්සෙ බොන්න පුලුවන් ඔයාලට.

මේ තියෙන්නෙ ඒ විදිහට මම හදාගත්ත තේ එක.

Image result for mint tea

Related Articles