Home LifestyleFashion ඇදුම් තෝරන යුවතියන්ට වැදගත් කරුණු 6ක්

ඇදුම් තෝරන යුවතියන්ට වැදගත් කරුණු 6ක්

by LADY.LK

කාන්තාවන් කොතරම් තෝරා ඇදුම් ගෙනාවත් නිවසට පැමිණි පසු හෝ පැළඳගෙන යනවිට එහි තවත් අඩුපාඩු ඔවුන්ට පේන්න ගන්නවා. පිරිමින්ට නම් මෙය කෝපය ගෙනඑන සිද්ධියක්. මිලදී ගත්තාට පසු ආයෙත් මාරු කරන්නට වීම හෝ ඇදුම සුදුසු පරිදි නොගැලපීම අනවශ්‍ය ලෙස කාලය කා දැමිමක්. ඒ වගේම පර්ස් එකටත් මනසටත් ඒක වදයක්.

 

ඉතින් අද අපි බලමු ඇදුම් පැළදුම් ගන්න කලින් සලකා බලන්න වටින මූලිකම කරුනු කිහිපයක්.

 

1 සිරුරේ හැඩය

කාන්තා සිරුරේ මේදය තැන්පත් වන මූලික තැනක් තමයි උදරය සහ ඒ ආශිත ප්‍රදේශය. එසේ මේදය උදරය සහ ඊට උඩ කොටස්හි තැන්පත් වී ඇති ඉගටියෙන් ඉහල අර්ධයේ උරහිස්, ළැම ආදී ස්ථාන වඩාත් කැපිපෙනෙන අයුරින් ඇති කාන්තාවන් ඇපල් හැඩයේ සහ වී හැඩයේ කාන්තා සිරුරු ඇති අය ලෙස හදුන්වනවා.

උකුළ සහ කලවාහි මේද තැන්පත්වන පුළුලුකුල සහිත කාන්තාවන් පෙයාස් හැඩයේ සහ හැදි හැඩයේ කාන්තාවන් ලෙස දැක්වෙනවා.

ඉගසුග මිටින් ගත හැකි තරම්ම ඉග පෙදෙසේදී සිහින්වූ ද, මනා කොට හංසයින් වන් වූ ළැම පෙදෙසෙක් හා පියකරු උරහිසින් යුතු වූද, හොදින් දාරමය හැඩවලින් වෙන් වූ පුළුලුකුල සහිත වූද ස්ත්‍රිය උඩැක්කියක (වැලි ඔරලෝසු) හැඩයෙන් යුක්ත වෙනවා. ඔවුන්ගේ උරහිස් සහ උකුලු පෙදෙස් යන කොටස් දෙක එක සමාන වටප්‍රමාණයකින් පිහිටා තිබෙනවා.

වෙනත් කාන්තාවකගේ ලක්ෂණ ඇදුමක් දුටුවනම එවැනිම ඇදුමක් රැගෙන ඔබ ද ඇඳීමෙන් ඒ මුලින් දුටු ඇදුම ඇන්ද අයගේ හැඩය හා එහි ආලෝකය එලෙසින්ම ඔබට ලැබෙන්නේ නැහැ. දුර ගමනක්, රටකට සවාරියකට එහෙම යන පිරිමි පාර්ශවේ අයටත් තමුන්ගේ පෙම්වතියගේ සිරුරේ හැඩය සහ ඒ අනුව ඇයට ගැලපෙන විලාසිතා ගැන අදහසක් ඇතිව ඇයට ඇදුම් තොරාගතහොත් ඔවුන්ට සිය පෙම්වතියන් පුදුම කරන්නට අවස්ථාවක් ලැබේවි.

 

2 සමේ වර්ණය සහ ආභරණ

 

ඇදුම් තෝරාගැනීමේදී ආභරණ ආදිය ගැනත් සැලකිලිමත් වීම වැදගත්. ඒ වගේම ඇදුම් රෝස පැහැති බෝනික්කන්ට රෙදි සාප්පුවේ ආලෝකය තුලදී ඉතාම කදිමෙට ගැලපුනත් මදක් ඉන් වෙනස් ඡවි වර්ණයක් සහිත සම ඇති යුවතියන්ට ඒ තරමටම ඒ ඇදුම් ගැන්මක් නැතිවන්නටත් හැකියාව තිබෙනවා.

 

 

 

3 ඇදුම පළදින, යෙදෙන අවස්ථාව

සිවිල් ඉංජිනේරු, මාර්ග සංවර්ධන ආදී තැන්වල රාජකාරි කරන අය නිතරම රැකියාව අනුව පහළ මට්ටමේ සේවකයින් රැසක් සමග රාජකාරි කටයුතු කරන අය. ඔවුන් බොහෝවිට කලිසම් හෝ සිරුර හොඳින්ම වැසී යන පරිදි ඇදුම් අදින්නට පෙළඹෙනවා. ගරු කටයුතු රාජකාරි ලෙස සැලකෙන දොස්තර,නීතිඥ සහ රාජ්‍ය ආයතන ප්‍රධානින් වැනි නිලවල අය බොහෝවිට රැකියාවෙන් පිටතදීද යම්කිසි සංයමයකින් ඇදුම් පැළදුම් පවත්වාගත යුතුයැයි සාමාන්‍ය මතයක් සමාජයේ තිබෙනවා.

 

මාදිලිය අනුව වඩාත් ආකර්ශණිය ඇදුම් පැළදුම් මිලදි ගත්තත් අපිට ඒවා අදින්නට පලදින්නට තැනක් යෙදෙන්නේම නැති තරම් නම් ඒ ඇදුම් සහ ඒ වෙනුවෙන් යෙදූ මුදල් අපතේ යනවා. ඇදුමක් මිලදි ගන්නා විට එය ඇදීමට ඇති සමාජ වටපිටාවට යම් අනුකූලතාවයක් දැක්වීමත් හොද තීරණයක්. ක්‍රීඩා කටයුතු, නර්ථන හා සෝෂල් ඩාන්ස් වැනි දේ ඇතුලත් අවස්ථාවලදී ඒවාට රෙඩිපිට ගැලපෙන ඇදුමක් තොරාගැනිමත් කල යුතු දෙයක්.

 

4 මිමි සහ විශ්වාසය
කොටට ඇදන් යන කාන්තාවන් සිය කකුල් වසාගැනීමටත් පුළුල් කර සහිත ඇදුම් ඇදන් යන විට කාන්තාවන් ළය මඩල වසාගැන්මටත් උත්සාහ කරන ආකාරයක් අප සමාජයේ කාන්තාවන් අතර නිතර දකින්ට ලැබෙනවා. ඇතැම් විට වැරදි මිමි වලට ඇදුම් ගත්තාදෝ සිතෙන තරමට ඇතැම් අය කලිසම ඩෙනිම හෝ සාය ඔසවන වාර ගණන වැඩියි. ඔබ මදකට මෙරටට පැමිණෙන යුරෝපිය යුවතියක දෙස බලා සිටියහොත් ඔවුන් ඇතැම් විට ඉතාම කොට කලිසම් සහ ළය පෙනෙන ඇදුම් ඇද සිටියත් ඔවුන් ඒ ගැන විශාල තැකිමක් නම් කරන බවක් පේන්නේ නෑ.

එක් අතකින් නිතරම ඇදුම හදාගන්නට යොමුවීම කාන්තාවගේ පෞරුෂයටත් එක් කරන පහරක්, ඒ නිසා ඇදුම නියම පරිමාණයට ආත්ම විශ්වාසයෙන් යුතුව ඇදුමක් තෝරාගැනීමත් ඇදුම් තොරාගැනීමේදි කල හැකි දෙයක්.

 

5 රෙදි සහ නූල්
උත්සව අවස්ථාවන්හිදී වෙළඳපොලේ සේල් පැවැත්වෙනවා. පැරනි ඇදුම්ද ඉතාම අඩු මිල ගනන් වලට ලබාගන්නට හැකියාව මෙහිදි ලැබෙනවා. මහරගම පමුණුව වැනි ඇදුම් සේල් වලටම ජනප්‍රිය පලාත්ද ලංකාවේ තිබෙන අතර මුදල් අග හිග කම නිසා පිරිස විශාල ලෙස මේවාට ඇදෙනවා.

හොඳ ශක්තිමත් රෙදි වලින් නිමකල සාර්ථක මැසුම් සහිත ඇදුමක් බොහෝ කලක් අඳින්නට පුලුවන් කම ලැබෙනවා. දිරූ නූල් සහ පැරනි බාල රෙදි වර්ග වලින් තැනූ ඇදුම් එක් වරක් පමනක් පෙනීසිටින උත්සව ආදියට සුදුසු වුවත් දීර්ඝකාලින පරිහරණයට නම් ඒ තරම්ම සුදුසු නෑ.

Related Articles