Home LifestyleFashion රුව වඩන යෝගට් සත්කාර

රුව වඩන යෝගට් සත්කාර

by LADY.LK

කිරි අඩංගු වන යෝගට් වලින් සම පැහැපත් වීමට,සමේ කැළැල් ඇතිවීම පාලනය මෙන්ම සම එල්ලා වැටීමටද සත්කාර කළ හැකිය.කුරුලෑ සමට සත්කාර කිරීමටත් යෝගට් කදිම සත්කාරයකි. අව් රශ්මියෙන් හානි වූ සමට යෝගට් වලින් මේ සත්කාර කළ හැකිය.

සම සුදු කරන පැක්

යෝගට් කෝප්ප 1/2කට දෙහි බින්දු කිහිපයක් එක්කර කඩල පිටි තේ හැඳි 2කට මිශ්‍ර කර මුහුණට හා බෙල්ලටද ආලේප කරන්න. මේ පැක් එක ගල්වා විනාඩි 20කින් පසුව සෝදා හරින්න. මේ සත්කාරය සතියකට වරක් සිදු කරන්න.

තෙල් සමට ගැල්වීමේදී

යෝගට් දිනපතා වුවත් ගැල්විය හැකිය.නමුත් මේ පැක් එක තෙල් සමට ආලේප කිරීමේදී මුං ඇට පිටි හා දෙහි ස්වල්පයක්ද එක් කරන්න.

සමේ පැහැපත් බවට

කහ, යෝගට් හා මුං ඇට පිටි මිශ්‍ර කරගත් මිශ්‍රණය කුරුලෑ ඇති සමටත් වඩාත් සුදුසුය. සමේ පැහැපත් බව ඇති කරන මේ පැක් එකට දෙහි ස්වල්පයක් එක්කරන්නේ නම් වඩාත් සුදුසුය.

අව්වට අවපැහැ වූ සමට

හාල්පිටි, යෝගට් සහ දෙහි මිශ්‍ර කරගත් මිශ්‍රණය අව්වට පිලිස්සී අවපැහැ වූ සමට කදිම සත්කාරයකි. මෙයට දෙහි සුළු ප්‍රමාණයක් පමණක් එක්කරන්න.

බ්ලීචින් එකක්

අල ගෙඩියක් තම්බා හොදින් පොඩි කරගන්න. මෙයට යෝගට් කෝප්ප 1/2ක් ,දෙහි යුෂ තේ හැන්දක් හා දොඩම් තේ හැන්දක් සමග කඩල පිටි තේ හැන්දක් දමා මිශ්‍ර කර පැය 1/2ක් පමණ සමේ ගලවා තබා පසුව සෝදා හරින්න. මුළු සිරුරටම යෝගට්, කහ සමග මිශ්‍ර කර ගැල්වීමෙන් විසබීජ නැතිකර දිප්තිමත් බවක් ගෙන දිය හැකිය. මේ පැක් එක මුහුණට පමණක් නොව දනිස්ස, කිහිල්ල, දෙපා වැනි අවපැහැ වන ස්ථානවලට ගැල්විය හැකිය. මේ පැක් එක ගල්වා පැයක් පමණ හිද සෝදා හරින්න. මේ සත්කාරය දිනපතා වුවත් කල හැකිය.

තෙතමනය රැක ගැනීමට

යෝගට්, දෙහි යුෂ හා කෝමාරිකා එකට මිශ්‍ර කර සකසන පැක් එක ඔබේ සමේ තෙතමනය ආරක්ෂා කරගන්නා කදිම සත්කාරයකි.

Related Articles