Home LifestyleFashion සාමාන්‍ය ගමන් බිමන් සඳහා ගැළපෙන විලාසිතා 7ක්.

සාමාන්‍ය ගමන් බිමන් සඳහා ගැළපෙන විලාසිතා 7ක්.

by LADY.LK

මේ දවස්වල වැඩිය එහෙ මෙහෙ ඇවිදින්න යන එක අනාරක්ෂිත නිසා ඇඳගෙන යන්න තැනක් නැතුව ඇඳුම් පැළඳුම් ටිකත් අල්මාරිය ඇතුලේ එක්තැන් වෙලා කියලා තමයි කොයි කවුරුත් කියන්නේ. හැබැයි කලාතුරකින් හරි එහෙම අවස්ථාවක් ලැබුණොත් තමන් ළඟ තියෙන ඇඳුම් ලස්සනට ගළපලා ඇඳගෙන යන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැන තමයි අපි මේ ලිපියෙන් කතා කරන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය එදිනෙදා ගමනකට ගැළපෙන සහ එවැනි ගමන් බිමන්වලට සුදුසු ඇඳුම් අලුතින් මිලට ගැනීමේදි සළකා බැලිය හැකි විලාසිතා  කිහිපයක් ගැන කරුණු මේ ලිපියේ අඩංගු වෙනවා. බලන්න, ඔබේ රුචියට ගැළපෙන විදියේ විලාසිතාත් මේ අතර තියෙනවද කියලා.

T- Shirts

T- shirts කියලා කියන්නේ වයස් බේදයකින් තොරව ඕනෑම කෙනෙක් අඳින්නට කැමති ආකාරයේ ඇඳුමක් විදියට හඳුන්වන්න පුළුවන්. Plain, printed, baggy, tight, crop tops ආදි නොයෙක්‍ වර්ගවල designs වලින් නිමවා ඇති t- shirts මිලට ගැනීමේදී cotton රෙදිවලින් කර ඇති ඇඳුම් තෝරා ගන්නවා නම් අපේ රටේ දේශගුණයට එය වඩාත් සුදුසු වෙනවා. T- shirt එකක් සහ ඊට ගැළපෙන pant එකක් හෝ skirt එකක් කියලා කියන්නේ සාමාන්‍ය ගමනකට හොඳින් ම ගැළපෙන සහ සුලබම විලාසිතාව විදියට හඳුන්වන්න පුලුවන්. ඒ වගේම එවැනි ඇඳුම් විලාසිතාවක් සමඟ පළඳින Sandals, flat slippers හෝ පාදයම ආවරණය වන සරල මෝස්තරයේ සපත්තු යුගලයකින් ඔබේ පෙනුමට අංග සම්පූර්ණ බවක් එක් කරනවා. 

Jeans

ගැළපෙන උඩුකය ඇඳුමක් සමඟ අඳින සැහැල්ලු denim, linen හෝ cotton කලිසමක් සාමාන්‍ය ගමනකට හොඳින් ම ගැළපෙනවා. ඒ හා පළඳින පාවහන් යුගලයෙන් සහ වෙනත් පැළඳුම්වලින් ඔබ සහභාගි වන අවස්ථාවට ගැළපෙන පරිදි ඔබේ පෙනුම වෙනස් කරගැනීමේ හැකියාවත් ඔබ සතුවෙනවා. සාමාන්‍ය ගමනක් නම් උස් අඩි රහිත සරල පාවහන් හෝ Sneakers වර්ගයේ පාවහන් පැළඳීමෙනුත්, හිතවතුන් සමඟින් එක්වන සාමාන්‍ය සුහද හමුවක් වගේ අවස්ථාවක් නම් loafer shoes, mule shoes හෝ stiletto වර්ගයේ පාවහන් පැළඳීමෙන් ඔබේ පෙනුම අවස්ථානුකූව සහ ක්ෂණිකව වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා.

Skirts

Mini skirts සිට maxi skirts දක්වා දිගින් යුතු skirts වර්ග ඔබේ විලාසිතා අතර තිබුණත් සාමාන්‍ය ගමනකට සාය විලාසිතාවක් තෝරාගන්නවා නම් සුවපහසු බවට පළමු තැන ලබාදෙන්න අමතක කරන්න එපා. Skirt එකේ ස්වභාවය අනුව t-shirt, crop top, blouse හෝ kurta top එක තෝරා ගැනීමත්, සරල විලාසිතාවේ ආභරණ සහ සුවපහසු පාවහන් යුගලයකින් සැරසීමත් මඟින් ඔබට නිසැකවම ආකර්ෂණීය පෙනුමක් ලබාගන්නට හැකිවෙනවා. 

Dresses

ගවුම් විලාසිතා ඉතාමත් ජනප්‍රිය වෙලා තියෙන මේ කාලයේ විවිධ මෝස්තවල ගවුම් කිහිපයක් තෝරා ගැනීම එතරම් අපහසු දෙයක් නම් නෙවෙයි. විවිධ දිග ප්‍රමාණවලින් යුතු, සරල නමුත් සුන්දර මෝස්තර සහිත සහ සුවපහසු නිමාවකින් යුතු ගවුම් විලාසිතාවක් ඕනෑම අවස්ථාවක් හා හොඳින් ගළපාගන්න පුළුවන්කම තියෙනවා. ගවුම් විලාසිතාවට ගැළපෙන ආකාරයේ පාවහන්, සරල ආභරණ, hair style එකක් සහ light make up එකකින් ඔබට වෙනස්ම ස්වරූපයේ සුන්දරත්වයක් හිමිවෙනවා.

Shorts

ලංකාව වගේ උෂ්ණාධික රටකට හොඳින්ම ගැළපෙන පහසු ඇඳුමක් විදියට shorts, එහෙමත් නැත්තන් කෙටි කලිසම් හඳුන්වන්න පුළුවන්. Denim වගේ තද රෙදිවලින් නිමවා ඇති කොට shorts වලට වඩා Linen හෝ cotton වැනි සැහැල්ලු රෙදිවලින් මසා ඇති shorts සමඟ සැහැල්ලු t- shirt එකක් ඉතා සාර්ථක ගැළපීමක් වෙනවා. 

Jumpsuits/ Rompers

මේ වෙනකොට කාන්තාවන් අතර ඉතාමත් ජනප්‍රියව ඇති jumpsuit විලාසිතාව ඉතා සැහැල්ලු ඇඳුමක් වුවත් ශරීරයේ හැඩය සහ උස ඉස්මතු කර පෙන්වන සුන්දර විලාසිතාවක් විදියට හඳුන්වන්න පුළුවන්. මූලිකවම දිගු කලිසමට ම, උඩුකය ඇඳුම් කොටසත් සම්බන්ධ කර මෙය නිර්මාණය කරනවා. හැබැයි විවිධ මෝස්තරවලින් නිමවා ඇති jumpsuit එකක් තමන්ගේ රුචිකත්වය අනුව සාමාන්‍ය ගමනකට විතරක් නෙවෙයි ඕනෑම අවස්ථාවකට ගළපාගැනීමේ හැකියාව ඔබ සතුවනවා. ඉහළ කොටස සමඟ කෙටි කලිසමක් සම්බන්ධ කර සකසා ඇති ඇඳුම Rompers විදියට හඳුන්වනවා. Jumpsuit එකක් ඕනෑම අවස්ථාවකට ගැළපුනත් romper එකක් සාමාන්‍ය ගමනකට වඩාත් සුදුසු වෙන බවයි අපේ නම් අදහස වෙන්නේ.

Shalwars

දකුණු ආසියාතික රටවල බහුලවම භාවිතාවන සහ තම ජනප්‍රියත්වය දිගින් දිගටම රඳවා ගැනීමට සමත්වෙලා තියෙන salwar suit එක කාලෙන් කාලෙට විවිධ විලාසිතා මවන්නට සමත්වෙලා තියෙනවා. සාම්ප්‍රදායික salwar suit එකටම සීමා නොවී එහි විවිධ කොටස් වෙනත් ඇඳුම් සමඟින් වුණත් එක් කරගැනිමට හැකියාව තියෙනවා. උදාහරණයක් විදියට denim pant එකක් සමඟින් kurta top එකක් ඇඟලීම, දිගු සායක් සහ බ්ලවුසයක් සමඟින් shawl එකක් ඇඳිම වගේ විලාසිතා පෙන්වන්න පුළුවන්. කොහොම වුණත් විශාල මෝස්තර රටා රහිත, සුවපහසු රෙදි වර්ගයකින් නිමවා ඇති   salwar suit එකක් සාමාන්‍ය ගමනකට ඉතා හොඳින් ගැළපෙන බව සහතිකවම කියන්න පුළුවන්.

Related Articles