Home Health & WellnessPhysical Wellbeing දත් කැක්කුම විනාඩි පහෙන් සුව කරන ස්වභාවික අත්බෙහෙත්

දත් කැක්කුම විනාඩි පහෙන් සුව කරන ස්වභාවික අත්බෙහෙත්

by LADY.LK

දත් කැක්කුම කියන්නේ මේ ලෝකේ තියෙන ඉවසන්න අමාරුම දරුණුම වේදනාවක්. මේ ගැන ඉතින් ඔයාලාට අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. හැමෝම පුරුදු වෙලා තියෙන්නේ මේ වෙලාවට පාමසියට දුවලා මොනවහරි කෘතීම බෙහෙත් පෙත්තක් ගිලලා දාන එක. හැබැයි දත් කැක්කුම් විනාඩි කිහිපයකින් අතුරුදහන් කල හැකි ස්වාභාවික බෙහෙත් අපිට නිවසේදීම කර ගන්න පුළුවන් කියල ඔයාලා දන්නවද ?

කරාබුනැටි තෙල්

දත් කැක්කුම් ඇති වෙන දරුණු වේදනාව ඉතාමත්ම වේගයෙන් සනීප කරන අති සාර්ථකම ප‍්‍රතිකාරය ලෙස මෙය හදුන්වන්න පුළුවන්. එම නිසා දත් කැක්කුම් හැදුනු වෙලාවක ඔබ මුලින්ම කල යුතු වෙන ප‍්‍රතිකාරය මෙය බව මතක තියා ගන්න. කරාබු නැටි වල අඩංගු ප‍්‍රතිබැක්ටීරියා කාරක ගුණය සහ ප‍්‍රදාහය කියන තත්වය සමනය කරන ගුණය හේතුවෙන් ස්වභාවයෙන්ම වේදනාව සමනය වීමක් සිදු වෙනවා. ඔබ කල යුතු වෙන්නේ වේදනාව දැනෙන දත සමීපයේ කරාබු නැටි තෙල් හා පොල් තෙල් මිශ‍්‍ර සමානව මිශ‍්‍ර කරලා කපු පුළුන් කැල්ලකට පොගවා ගෙන වේදනාව දෙන දත අසල රදවා තැබීම පමණයි විනාඩි කිහිපයක් තුල දත් කැක්කුම අතුරුදහන් වෙලා යාවි.

කරාබු නැටි තෙල් හොයා ගන්න අමාරු නම් කරාබු නැටි කිහිපයක් වේදනාව දැනෙන දතෙන් හප හප හිටියත් දත් කැක්කුමට ඔබට ඉක් මනින් සහනයක් ලැබේවි.

අයිස් කැට

අයිස් කැට කියන්නේ දත් කැක්කුම සදහා භාවිතා කල හැකි ඉක්මන් සහ පහසුම ප‍්‍රතිකාරයක්. ඔබ කල යුතු වෙන්නේ වේදනාව දැනෙන ස්ථානයේ අයිස් කැට කිහිපයක් තැබීම පමණයි. වේදනාවන් හා සම්බන්ධ ස්නායුන් අවහිර කිරීමක් අයිස් විසින් සිදු කරන නිසා ඉතාමත්ම සුළු වෙලාවකින් වේදනාව සමනය වෙනවා. අයිස් කැට කෙලින්ම මුව තුල රදවා තබා ගැනීමට අපහසුනම් අයිස් කැට කිහිපයක් සිහින් රෙදි කඩක ඔතා කම්මුල් ප‍්‍රදේශයේ සෙමින් අතුල්ලන්න. මෙලෙස තුන් හතර පාරක් කරන විට වේදනාව සමනය වී යන ආකාරය පිලිබදව ඔබ පුදුමයට පත්වේවි.

දෙහි

දෙහි වල බහුලව අඩංගු වෙන දේවල් තමයි සිට‍්‍රික් අම්ලය සහ විටමින් සී කියන පෝෂණ සන්ගටකය. දත් වලට සහ විදුරුමහට සහනයක් ලබා දෙන ප‍්‍රතිඔක්සිකාරක ලෙස ක‍්‍රියා කරන්න මේ දෙකටම ගොඩක් ලොකු හැකියාවක් තියෙනවා . වේදනාව සදහා සහනය ලබා ගැනීමට ඔබ කලයුතු වෙන්නේ දෙහි කැබැල්ලක් ගෙන වේදනාව දැනෙන ස්ථානයේ ඇතිල්ලීම පමණයි. අවශ්‍ය නම් මිරිකාගත් දෙහි යුෂ පුලූන් කූරක තවරා වේදනාව දැනෙන ප‍්‍රදේශයේ අතිල්ලීමක්ද සිදු කරගැනීමට හැකියාව තිබෙනවා. දත් වේදනාව සමනය කරගැනීම සදහා මෙම ප‍්‍රතිකාරයද ඉතාමත්ම සාර්ථක එකක් බව හොදින් මතක තබා ගන්න.

ඉගුරු

මිලාධික නොවෙන ඒවගේම පහසුවෙන්ම සෝයා ගැනීමට හැකියාව තිබෙන නිසා ඉගුරු නිවසක නොමැති වෙන්නේ ඉතාමත්ම කාලාතුරකින් පමණයි. දත් කැක්කුමකින් වේදනා විදින විට ඉගුරු කැබැල්ලක පොත්ත ඉවත් කොට මුව තුල රුවා ගෙන සැපීමෙන් ඉක්මන් සහනයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඉගුරු වල ඇති සැර ගතිය හේතුවෙන් පලමුව යම් අපහසු තාවයක් දැනුනත් මද වෙලාවක් ගිය පසුව හිරි වැටී ඇති බවක් සහ වේදනාව සදහා සහනයක් ලැබෙනවා ඇති. තවද ඉක්මන් සහනයක් ලබා ගැනීමට ඉගුරු කැබැල්ලක් තලාගෙන එම තලපය වේදනාව දැනෙන දත මත තවරා ගන්න.

ළුණු

ළුණු කියන්නේ හොද විෂබීජ නාශක ගුණයක් සහ ප‍්‍රතිජීවක ගුණයක් තියෙන ආහාරයක්. මේ නිසා දත් කැක්කුම මගින් දැනෙන වේදනාව සමනය කරගැනීම සදහා ළුණු භාවිතා කරන්නට හැකියාව තිබෙනවා. ළුණු ගෙඩියක් සැපීම මගින් හෝ වේදනාව දැනෙන ස්ථානයේ ළුණු පෙත්තක් තබාගැනීමෙන් වේදනාව සදහා සහනයක් ලබා ගන්නට පුළුවන්. අමු ළුණු ගෙඩියක් සැපීමේදී විෂබීජයන් විනාශයට පත් වීම නිසා දත දිරාපත් වීමද වලක්වා ගැනීමට හැකියාව තිබෙනවා. .

Related Articles