Home FoodRecipes කතුරුමුරුංගා මල් ඔම්ලට්

කතුරුමුරුංගා මල් ඔම්ලට්

by LADY.LK

කතුරුමුරුංගා කියන්නේ ඉතාමත් ගුණදායි වගේම රසවත් ආහාරයක්. ගොඩක් දෙනෙක් කන්න අකමැති වුණත්, කතුරුමුරුංගා කොළ වගේම කතුමුරුංගා මල්වලිනුත් රසවත් ආහාර පිළියෙළ කර ගන්න පුළුවන්. ඉතිං අද අපි කියලා දෙන්න යන්නේ කතුරුමුරුංගා මල්වලින් ඔම්ලට් එකක් හදා ගන්න විදිහ ගැනයි.

අවශ්‍ය කරන්නේ මෙන්න මේ දුව්‍ය….

 

කතුරුමුරුංගා මල් ග්‍රෑම් 250

බිත්තර 4යි, රතුලූනු ග්‍රෑම් 50

අමුමිරිස් කරල් 4යි, කෑලි මිරිස් තේ හැඳි 1

ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2

ලුණු රසට අනුව, තෙල් මේස හැඳි 2-3ක්

සාදන ආකාරය

කතුරුමුරුංගා මල් සුද්දකර කීලය ඉවත් කර කුඩාවට කපා ගන්න. දැන් රතුලූනු, අමුමිරිස් සිහින්ව කපා ගන්න. දැන් බඳුනක් ගෙන එයට බිත්තර දමා තට්ටු කර ගන්න. දැන් එයට කඩාගත් කතුරුමුරුංගා, ලූනු, අමුමිරිස්, ලුණු, කෑලි මිරිස්, ගම්මිරිස් දමා හොඳින් අනා රත් වූ තැටියක තෙල් ගා ගෙන සාමාන්‍ය ලෙස ඔම්ලට් සාදා ගන්න.

 

Related Articles