Home LifestyleTravel සුන්දර දකුණුලකේ උණවටුන මුහුදු තීරය

සුන්දර දකුණුලකේ උණවටුන මුහුදු තීරය

by LADY.LK

ලංකාව කියන්නේ අතිශය සුන්දර රටක්. අපි මේ රට ඇතුළේ ජීවත් වුණත් තවමත් අපට දැක ගන්න බැරි වුණු සුන්දර ස්ථාන කොතරම් නම් ඇතිද?  විදේශිකයන් අප සොයි ‍එන්නේ මේ අපූරු සුන්දරත්වය නිසාවෙන්මයි. සංචාරක කර්මාන්තය කියන්නේ අපේ රටට විදේශ විනිමය  සපයන ප්‍රමුඛ කර්මාන්තයක්.

ඒ අතර විදේශකියන්ගේ වගේම සිවදේශිකයන්ගේත් නොමද ආකර්ශනයට පක්වූ මුහුදු තීරයක් තිමයි ගාල්ල උණවටුණ මුහුදු තීරය.වරක් ලෝකයේ හොඳම වෙරළඋණව‍ටුණ මුහුදු තීරය නම් වුණා.දකුණු මුහුදු තීරයේ ආරම්භයේම වගේ තමයි අපිට උණවටුන මුණගැසෙන්නේ. ගාල්ල නගරය පසුකරලා විනාඩි 15ක පමණ දුරින් මාතර දෙසට වන්නට උණවටුණ මුහුදු තීරය පිහිටලා තියෙනවා.

අධිවේගි මඟ ඔස්සේ එනවානම් පින්නදූව හුවමාරුවෙන් එළියට ඇවිත් ගාල්ල දෙසට ආවාම බොනවිස්ටා වෙරළ ළඟින් වම්පැත්තට “මාතර දෙසට” හැරිලා කිලෝමීටර් එකහමාරක් ගියාම උණවටුන වෙරළ තීරය හමුවෙනවා. කොළඹ ඉඳලා කෝච්චියේ යනවා නම් උණවටුනේ වෙනම දුම්රියපොළක් පිහිටලා තියෙනවා. ගාලූ පාරේ එද්දී මේ වෙරළතීරය පාරට පේන්නේ නම් නෑ. පොඩ්ඩක් මඟ ඉන්න කෙනෙක්ගෙන් ඇහුවා නම් “කොහොමද බීච් එකට යන්නේ…” කියලා ඒ ගොල්ලෝ කියාවි.

වෙරළට ආපු ගමන් ඔබට මුලින්ම හිතෙන්නේ “අම්මෝ වෙරළේ ලොකු” කියලා. උණවටුන විශාල ලෙස පැතිරී ගිය වෙරළ නිසා. බොහෝ විදේශිකයින් පවා මෙහි එන්නේ විශාල රුලි, පැතිරී ගිය වෙරළ වගේම වෙරළට ආසන්නව පිහිටි කොරල්පර නිසා. ඔබටත් මෙහි ගියාම බෝට්ටුවක් කතා කරගෙන යන්න පුළුවන් කොරල් පර බලන්න. ඕනෑතරම් බෝට්ටු සේවා වෙරළේ තියෙනවා. ඒ වගේම වෙරළට ආසන්නව හෝටල් හා ආපනශාලා රැසකුත් තියෙනවා. ඒවායේ ප‍්‍රධාන ඉලක්කය විදේශිකයෝ නිසා මේ වගේ “දෙසැම්බර් – මාර්තු” සංචාරකයන් වැඩියෙන් එන කාලයේ කෑමබීම ටිකක් මිල වැඩියි.

වෙරළේ ඉඳන් බැලූවාම ඈත කොළඹ පැත්තට වෙන්න කන්ද මුදුනේ චෛත්‍යයක් පේනවා. ඒ තමයි “ජපන් සාම” චෛත්‍යය. ජපානයේ “නිප්පොන්සන් ම්යෝහෝජි මහ නිකායේ” ආධාර සහිතව මේ චෛත්‍ය හදලා තියෙන්නේ 2004 වසරේ කියලයි අහන්න ලැබුණේ. ඔබ ශ‍්‍රී පාදයේ ගිහින් තියෙනවා නම් මෙන්න මේ වගේ සාම චෛත්‍යයක් එහෙත් තියෙනවා. වලපනේ හා අම්පාරෙත් මේ වගේම සාම චෛත්‍යයක් දෙකක් තියෙනවා. ලංකාවට සුනාමි ව්‍යසනය ආපු මොහොතේ මේ පුදබිමට කිසිදු හානියක් වුණේ නෑ. මහ සයුර අසලම තිබිලත්. ඒ නිසා ප‍්‍රදේශයේ ජනතාව මේ පුදබිම කෙරෙහි තියෙන බැතිබර බව තවත් වැඩිවෙලා.

උණවටුනේ ගියාම කොරල්පර බලලා, මුහුදේ නාලා, පුළුවන් නම් සාම චෛත්‍යයත් වැඳලා එන්න.

Related Articles