Home Health & WellnessPhysical Wellbeing ලංකාවේ අනිවාර්යයෙන්ම ගන්න ඕන එන්නත් 08

ලංකාවේ අනිවාර්යයෙන්ම ගන්න ඕන එන්නත් 08

by LADY.LK

එන්නත් කිව්වම ලොකු කුඩා කොයි කව්රුත් බියට පත්වෙනවා.  නමුත් විවිධ වයස් මට්ටම්වලදී ලබා ගත යුතු එන්නත් ලබා ගැනීම අනිවාර්යයි. මොකද ඇති විය හැකි ලෙඩ රෝග බොහෝමයකින් ආරක්ෂා වීමට මෙම එන්නත් ලබා ගැනීම ඉතාමත් වැදගත්.

ලංකාවේ ඉපදුණු අපිට අනිවාර්්‍යෙයන්ම ලබා ගන්න වෙන එන්නත් වර්ග අටක් තිබෙනවා. ඇතැම්විට ඔබ ඒවා ගැන සැලකිලිමත් හා දැණුවත් භාවයක් නැතුව ඇති.

  1. BCG – Bacillus Calmette–Guerin

මෙම එන්නත ක්ෂය රෝග හා මස්තිෂ්ක ප්‍රදාහය එදිරිව ලබා දෙන එන්නතක්. මෙම එන්නත ඉපදී සති හතරක් ඇළත ලබා දිව යුතුය. සෑම පුද්ගලයෙකුගේ වම් අතේ කැළලක් ඉතිරි වෙන්නේ මෙන්න මේ එන්නත ලබා දීම නිසායි.

 මුඛ මාර්ගයෙන් පස් වතාවක් ගලබා දෙන්නේ මෙන්න මේ පෝලියෝ එන්නතයි. දුර්වල කරන ලද පෝලියෝ වෛරස වර්ග තුනක් ලබා දීම මෙහිදී සිදු කරයි.

  • පංච සංයුජ එන්නත

රෝග පහකට එරෙහි ප්‍රතිශක්තීකරණය සැපයීම මෙම එන්නත හරහා සිදු වේ. එනම් ගලපටලය, උත්කාසය, පිටගැස්ම, හිමෝෆිලස්, ඉන්ෆ්ලු එන්සා බී සහ හෙපටයිටීස් බී  යන රෝග ඒ අතර වේ.

  • MMR එන්නත

සරම්ප කම්මුල්ගාය රුබෙල්ලා යන රෝගයන්ට එදිරිව මෙම එන්නත ලබා දෙයි. මෙහි පළමු මාත්‍රාව වයස අවුරුදු 3 සපිරීමේදී ලබා දෙයි.  මෙමඟින් බිහිරි බව , නිව්මෝනියාව , මස්තිෂ්ක ප්‍රදාහය, මොළයට සහ සුසුම්නාවට හානි ගබ්සා සහ දරුණු උපත් හානි  සහ මරණ ඇති කරන රෝග තුනකට එදිරිව මෙය ක්‍රියාත්මක වේ.

මින් පෙර රුබෙල්ලා එන්නත ලබා නොගත්  වයස අවුරුදු 15-44 අතර වයසේ පසුවන කාන්තාවන්ට මෙ ගත හැකිය.

  • සජීව JE එන්නත – japanese encephalitis

උපතින් මාස 12 සපිරෙද්දී මෙම එන්නත ලබා දේ. japanese encephalitis හෙවත් මොළේ උණ රෝගයට එදිරිව මෙම එන්නත ලබා දෙයි.

  • HPV එන්නත – human papillomavirus

ගැබි ගෙල පිළිකා සහ ලිංගික ඉන්නන් ඇති කරන human papilloma virus වැළඳිමට එරෙහිව මෙය ලබා දේ. වයස අවුරුදු 10ක් සපිරෙන දැරියන්ට මාස 6ක පරතරයක් සහිතව මාත්‍රා දෙකකින් මෙම එන්නත ලබා දේ.

  • aTD එන්නත

adult tetanus diptheria නොහොත් පිට ගැස්ම සහ ගලපටලයට එරෙහිව  ප්‍රති ශක්තිය නිපවීම මෙම එන්නත හරහා සිදු ව්. මෙය මාස 11 දී  ලබා ගත යුතු වේ.

  • tetanus toxoid එන්නත

මෙය කාන්තාවන්ට වැළඳෙන පිටගැස්මට එදිරිව ලබා දෙන්නකි.  ගර්බනී සමය තුළදී මාත්‍රා පහකින් මෙය ලබා දෙයි.

ඉතිං ඔබත් මේ වයස් කාණ්ඩවල පසුවන කෙනෙක් නම්. එසේත් නැති නම් ගර්බනී අයෙක් නම් මෙම එන්නත් ලබා ගෙන තිබෙනවා දැයි සැලකිලිමත්වීම ඉතාමත් වැදගත් .

Related Articles