Home FoodRecipes පාන් කන්න තක්කාලි හොද්දක් හදන විදිහ

පාන් කන්න තක්කාලි හොද්දක් හදන විදිහ

by LADY.LK

තක්කාලි කියන්නේ පළතුරක් වගේම එළවලුවක්. ඉතින් ඔන්න අද කියලා දෙන්න යන්නේ තක්කාලි හොද්දක් හදා ගන්නවිදිහ ගැනයි.

ලොකු තක්කාලි ගෙඩියක් කෑලි කපා
ලූනූ ගෙඩියක් ලියා
සූදූ ලූනූ බික් දෙකක් සහ ඉගුරු කෑල්ල තලා
අමූ මිරිස් කරලක් ලියා
කරපිංචා, රම්පේ ටිකක්
තුන පහ තේ හැඳි 1 1/2
කහ ටිකක් තේ හැඳි 1/2
මිරිස් කුඩු ටිකක් තේ හැඳි 1
උලු හාල් ටිකක්
අබ ටිකක්
ගම්මිරිස් ටිකක්
ලූනූ අවශ්‍ය තරමට

මැටි භාජනයක් ගන්නවා නම් ගොඩක් හොඳයි.
භාජනයට තක්කාලි,ලූණූ ටිකක් , ඉගුරු සූදූ ලූණූ, අමූ මිරිස්, රම්පේ කරපිංචා, කුරුදු කෑල්ලක් දමා ගන්න.
දැන් අබ හැර අනිත් ඔක්කොම කුළු බඩු ටික දමා ලූනූත් එකතු කර වතුර ටිකක් දමා ලිප තබා පිසගන්න.
ටික වෙලාවකින් තක්කාලි තැම්බූ විට මිටිකිරි දමා හොදින් හැදිගාන්න.
හොද්ද නැටූ පස් ලිප වහන්න.
ලූනූ බලා අඩූ වැඩි කරගන්න.
දැන් වෙන භාජනයක් ලිප තබා, ඉතිරි ලූණූ ටික තෙල් දමා තරමක් බැදගන්න.
තියේ නම් කරපිංචා රම්පේ ටිකක් සහ සූදූ ලූනූ බික් එකක් ලියා දාන්න.
අබ ටිකකත් තෙලට දමා ටිකක් කලවම් කර
උයා ගත් තක්කාලි හොද්දට තෙම්පරාදුව දමා හොදින් කලවම් කරන්න.
ඉතාම රසවත් පාන් වලට සූපිරි හොද්ද.

Related Articles