Home #BossladyEntrepreneurship දක්ෂ ව්‍යවසායිකාවක් වෙන්න නං මේ දේවල් 7 ගැන සැළකිලිමත් වෙන්නම ඕ​න

දක්ෂ ව්‍යවසායිකාවක් වෙන්න නං මේ දේවල් 7 ගැන සැළකිලිමත් වෙන්නම ඕ​න

by LADY.LK
Women Entrepreneur

ලංකාවෙ තත්ත්වෙ ලෝකෙ අනිත් රටවල්වල තියෙන තත්ත්වෙට වඩා වෙනස් නිසා ලංකාවෙ ගෑනු ළමයෙකුට කොල්ලෙකුට වගේ නිදහසේ සහ විවෘතව තමුන්ගෙ ව්‍යාපාරයක් පටන්ගන්න පුළුවන් වටපිටාව සියයට සීයක් හැදිලා නැහැ. වර්තමානයෙදි පවා පාසල් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනයට සුදුසු රැකියාව, රුකියාව අතරතුරේත් උසස් අධ්‍යාපනය කියන දේවල් එක්ක ඊලඟට විවාහය වෙනකංම දෙමවුපියන් වගේම නෑදෑ හිතමිත්‍රාදීනුත් අත පෙවීම නවතින්නෙ නෑ. අන්න ඒ නිසා වැඩේ අමාරු වුනත් තමුන්ගෙම ව්‍යාපාරයක් ආරම්භ කරන්න ආසාවක් තියෙනවානම් ගෑනු ළමයෙක් විදියට මෙන්න මේ දේවල් ගැන සැළකිලිමත් වෙන එක අතිශය වැදගත්.

ආසාව තියෙන දේ

මේ දේ තැමයි වැදගත්ම. තමුන්ගේ ආසාව සහ තමුන්ට එපා නොවෙන දේ සොයාගැනීම තමයි වැදගත්ම. ඔයත් ටික දවසකින් ආසා කරන හැමදේම එපා වෙලා අලුත් දේකට ආසා කරන කෙනෙක් නම් ඔයා බිස්නස් එකක් පටන්ගැනීම තරමක අවුලක් වෙන්න පුළුවන්. ව්‍යාපාරයක අමාරුම දේ වෙන්නෙ ඒ ව්‍යාපාරය ගොඩ නැගීම. ව්‍යාපාරය පවත්වා ගැනීමත් අපහසු කාරණයක් වුනත් මුළින් ලැබෙන පන්නරයත් එක්ක ඒ දේ ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඉතිං ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් දවසේ වැඩි කාලයක් ඒ වෙනුවෙන් වියදං කරත් හිතට දුකක් නොහිතෙන, මහන්සි නොදැනෙන, අලාබයක් වුනත් හිත සතුටෙන් විද දරාගන්න පුළුවන්, යම් අත්දැකීමක් තියෙන දේකට යොමු වීම තමයි වැදගත්.

හෙවිල්ල බැලිල්ල

ඊලඟට වැදගත්ම කාරණය වෙන්නෙ අපේ හෙවිල්ල බැලිල්ල. එහෙමත් නැත්තං රිසර්ච් එක. අපි තෝරාගන්නා ව්‍යාපාරයට වෙළඳපොලේ ඇති තත්ත්වය, හදිසි තත්ත්ව වලදි ගොඩ එන්න පුළුවන් ක්‍රම වගේ දේවල් දැනගෙන සිටීම ව්‍යාපාරයක් සාර්ථක කරගන්න වගේම වැටිවැටී නැගිටින්නත් ලොකු උදවුවක් වෙනවා. ඒ නිසාම පුළුවන් කමක් තියෙනවා නම් තමුන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න සැලසුම් කරන ක්ෂේත්‍රයේම රැකියාවක කෙටි කාලයක් අත්දැකීම් ලැබීමත් මේ වැඩේට වැදගත් වේවි.

පොඩියට

ඉන් පස්සෙ වැදගත්ම දේ වෙන්නෙ ව්‍යාපාර සැලසුම. ඒ වෙනුවෙන් යොදන ප්‍රාග්ධනය. මේ දේවල් පුළුවන් තරම් පොඩියට පටන් ගන්න එක තමයි හානිය අවම කරවන්න වගේම මුල් කාලයේ හිතේ තියෙන ආසාව විසින් අපහසු ක්‍රම ඇතුළෙ කට්ටක් කාලා ඉස්සරහට එන්න තියෙන ඉඩ වැඩි කරන්නෙ. මුලින්ම සැපට කුෂන් ඇතුව පටන්ගන්න වැඩ පහු වෙද්දි තරමක් රිවර්ස් යන්න බලන්නෙ අපි මුලින්ම මේකෙ තියෙන අමාරුව හඳුනා නොගත්තු නිසා. මුලින්ම අමාරුව හඳුනාගත්තම වැඩේ ලේසි වෙනවා. අන්න ඒ නිසා පොඩියට ආයෝජනය කරලා, පොඩියට බිස්නස් එක පටන්ගැනීම විසින් තමුන්ව වැඩේට හොඳට පදම් කරවීම සිද්ධ වෙනවා.

කාල සැලැස්මක්

ජීවිතේ බළාපොරොත්තු තියාගන්නවා වගේම ව්‍යාපාරයෙත් සාර්ථක ඉදිරි සැළසුම් තියාගන්න එක වටිනවා. මේ කාලය වෙන් කර ගැනීම ගැන කියන කතාවක් නෙමෙයි. ඇත්තටම තමන්ගෙම ව්‍යාපාරයක් ආරම්භ කරපු කෙනෙකුට ඒ වෙනුවෙන් කාලය වෙන් කරනවා වගේ දෙයක් කියන එක අසාධාරණයක්. ඔවුන්ට ඒ වෙනුවෙන් මුළු කාලයම යොදවන්න වෙනවා. ඒ නිසා මේ අදහස් කරන්නේ ව්‍යාපාරයේ මාස හයකදී, අවුරුද්දකදී, අවුරුදු පහකදී අපි සැළසුම් කරන අනාගතයයි.

බොරු වියදම්

ව්‍යාපාරයක වැදගත්ම දේ වෙන්නෙ ඉතිං මුදල් පාලනය. මේක ව්‍යාපාරයක් ආරම්භ කරපු අලුතදී හරිම වැදගත් දෙයක්. ඔයාගෙ ව්‍යාපාරයේ ලාභය වගේම ආදායම සහ පාඩුව වගේම පිරිවැය ගැන හොඳ අවබෝධයක් ඔයාට තියෙන්න ඕන. ව්‍යාපාරය ආරම්භයේදී සාර්ථක වෙන බවක් පෙන්වනවානම් අනිවාරයයෙන්ම ව්‍යාපාරයේ සල්ලි වලින් සැප විඳින්න හිතෙන එක අවම කරගන්නටත් උවමනායි. ගොඩක් අය Treat Your Self කියලා කිවුවත් අත්‍යවශ්‍ය දේ ඇරෙන්න බොරු සෝබනය අවම කරලා, පාලනයක් තියාගැනීම සිද්ධ කළ යුතුමයි.

Related Articles