Home Health & WellnessMental Wellness & Psychology එකදිගට වැඩ කරලා මහන්සිද? මේ දේවල් 7 කරලා බලන්න

එකදිගට වැඩ කරලා මහන්සිද? මේ දේවල් 7 කරලා බලන්න

by LADY.LK
Working Lady

අපේ ජීවිතේ සතුටින් ගත කරන්න අපිට වැදගත් වෙන්නෙ හිතේ නිදහස. හිතේ නිදහසෙන් ඉන්න නං අපේ අවශ්‍යතා නිසියාකාරව සපිරෙන්නට උවමනායි. අන්න ඒ අවශ්‍යතා සපුරාගැනීම වෙනුවෙන් අපිට සල්ලි ඕන. මුදල් අවශ්‍යතාවය නිසා රැකියාවක් කරන අපි මුදල් අවශ්‍යතාවය නිසාම ඒ වෙනුවෙන් ඇබ්බැහි වෙන්නටත් ඉඩ තියෙනවා. බොහෝ දෙනෙක් ඒක හොඳ දෙයක් නෙමෙයි කියල කිවුවත් ඒක බොහෝ දෙනෙකුට මගහරින්නට බැරි ඇබ්බැහියක්. අන්න ඒ නිසාම අපි කියන්නෙ මේ මුදල් වෙනුවෙන් එකදිගට වැඩ කරන ඔයාලට කෙටි විවේකයක් සිරුරට වගේම මනසට ලබාදෙන්න හැකි ක්‍රම කිහිපයක් ගැනයි. 

වීඩියෝ

එක දිගට වැඩ කරපු අපේ මනසට සහනයක් දෙන්න වගේම, සාමාන්‍යයෙන් වැඩ කරන ඉරියවුවට වඩා තරමක් සුවපහසු ඉරියවුවකට අපිට හරිබරි ගැහෙන්නටත් කෙටි වීඩියෝවක් බැලීම උදවුවක් වෙනවා. නමුත් මේ දේ සීමා සහිතව කරන්නත් අපි වගබලා ගන්න උවමනායි. ඒ නිසා පැයක් වැඩ කරලා විනාඩි තිහක් වීඩියෝ බලනවා වෙනුවට. පැය දෙකකට වගේ වතාවක් වීඩියෝ එකක් බලන එක ඔයාට තරමක සැහැල්ලුවක් වේවි. ඒ වගේම මේ විදියට වීඩියෝ බැලීමේ පාලනයක් ඇති කරගන්නට, යූටියුබ් සර්ච් කරනවා වෙනුවට ඔයා කැමති ටීවී සීරීස් එකක කොටසක් බලන්නට හුරු වීම ඒ පාලනය ඇති කරාවි. ඒ වගේම දිගු වීඩියෝ වෙනුවට කෙටි වීඩියෝවක් නැරඹීමත් මනසට ඒ සීමාව තේරුම් කරවන්න උදවුවක් වේවි.

තිරයෙන් මිදෙමු

අපි මුලින් කියපු පැය දෙකකට වතාවක් වත් වීඩියෝවක් නැරඹීම මනසට සහනයක් වුනත් වෙහෙස වුනු ඇස් දෙකකට නම් තවත් ඩිජිටල් තිරයක් දිහා බලා සිටීම එතරම් සහනයක් නෙමෙයි. අන්න ඒ නිසාම පැය බාගයකට වතාවක්වත් වැඩ කරන පුටුවෙන් නැගිටලා අවට පරිසරය වගේම කාර්යාල මිත්‍රයෙක් හරි මුණගැහිලා තරමක පොඩි කතාවක් දාලා එන එක ඇඟටත් හිතටත් හොඳයි. ඒ ගමන්ම ස්ට්‍රෙච් වෙලා ඇදිලා කරලා හිර වුනු අතපය නිදහස් කරගැනීමත් වැදගත්.

ඇසට සැප

ජපානයේ නම් වැඩ කරන අතරේ කෙටි නින්දක් ගැනීම මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුන්ගෙ පුරුද්දක්ලු. ඒ නිසා ජපානයේ මිනිසුන් තමන් මහන්සි වෙලා වැඩ කරන කෙනෙක් බව පෙන්වන්න බොරුවටත් ඇස් පියාගෙන ඉන්නවලු. හැබැයි අපේ ලංකාවෙ ඔෆිස්වල නං මේ දේවල් කරන්න බෑ. හැබැයි ගෙදර ඉඳන් වැඩ කරන ඔයාට මහන්සියට කෙටි නින්දක් ගන්න එක විඩාබර ඇස්වලට ලොකු උදවුවක් වේවි. හැබැයි මෙතනදිත් කියන්න තියෙන්නෙ වීඩියෝ කතාවම තමයි. මොකද ඉතිං කට්ටිය වැඩ කරන අතරේ ටිකකට ඇස් දෙක පියාගෙන පැය හයකින් වගේ ඇහැරිලා වැඩක් නෑනෙ.

අත් නිදහස් කරමු

මාතෘකාව කියෙවුවම කලබල වෙන්න එපා. අත් නිදහස් කරවන්නත් නොයෙක් විදි තියෙනවා. එයින් එකක් තමයි අත්වල වගේම ඇඟිලිවල එන වේදනාවන්ට වගේම දිගු වැඩ මුරයක් අතරේ කෙටි විවේකයක් පුරුද්දක් විදියට අත්වලට ලබාදෙන්නට පුළුවන් ව්‍යායාම. ඉතිං මේ ව්‍යායම ව​ගේම පැයකට වතාවක් ලෝෂන් එකක් පාවිච්චි කරලත් මේ දේ පහසුවෙන් කරගන්න පුළුවන්. ඒ මෙහෙමයි. සාමාන්‍යයෙන් කාර්යාලයක වායුසමීකරණයක් ගාව වැඩ කරද්දි අත් වේළුම් කෑම සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඒකට විසඳුමක් විදියටත් අත් නිදහස් කරගන්න ක්‍රමයක් විදියටත් ලෝෂන් එකක් භාවිතා කරලා පැයකට වතාවක් විතර අත් දෙක හොඳින් මසාජ් කරගන්න එක හිතටත් ලොකු නිදහසක් වේවි.

ස්ට්‍රෙස් නැති පළතුරු

සිට්‍රස් ගණයට වැටෙන පළතුරු කියන්නෙත් ස්ට්‍රෙස් නැති කරන්න වගේම මනසට හොඳ විවේකයක් ලබාදෙන්න කියාපු පළතුරක්. ඒ නිසා දොඩම් ගෙඩියක් ආහාරයට ගැනීම Vitamin C නිසා මනසට අවශ්‍ය නිදහස ලබාදෙන වැඩක් වගේම ​දොඩම් ගෙඩියක් ලෙලි ගැහීම පවා අපි කරන සාමාන්‍ය වැඩ ක්‍රමයට වඩා වෙනස් අත් හැසිරවීමක් නිසා මේ දොඩම් කන වැඩෙන් අපිට ලොකු සහනයක් ලැබීම නවත්වන්න බෑ. ඉතිං කෙටි පළතුරක් ලඟ තබා ගැනීම සෞඛ්‍යටත් සුවදායී, මනසටත් වැඩ දායී, රැකියාවටත් පළදායී විකල්පයක් වේවි කියලා අපිට අනිවාර්යයෙන්ම හිතන්න පුළුවන්.

Related Articles