Home Health & WellnessPhysical Wellbeing පීරියඩ්ස් දවස්වලට වැඩ නොකර ඉන්න එපා! ට්‍රයි කරන්න මේ ක්‍රම

පීරියඩ්ස් දවස්වලට වැඩ නොකර ඉන්න එපා! ට්‍රයි කරන්න මේ ක්‍රම

by LADY.LK
Pregnancy

කාන්තාවන්ට මාස් ශුද්ධිය සිද්ධ වීම අමුතු දෙයක් නොවෙනවා වගේම වළක්වන්න පුළුවන් දේකුත් නෙමෙයි. ඒ නිසා ඒ දිනවලදී ඇතිවෙන අපහසුව වළක්වා ගන්න කළ යුතු දේවල් කිරීම වැදගත්. අපි අද කතා කරන්නේ මාස් ශුද්ධිය කාලයට කාන්තාවන් තමන්ගේ වේදනාව හැකිතාක් අඩු කරගෙන තමන්ගේ රාජකාරි පහසුවෙන් කරගෙන යන්න උදව්වෙන ක්‍රම කිහිපයක් ගැනයි. මේ වෙනකොටත් බොහෝ කාන්තාවන් තමන්ට දැනෙන වේදනාව යටපත් කරගෙන තමන්ගේ දෛනික රාජකාරී වල නිරත වෙනවා වගේම බොහෝ දෙනෙක් දැනටමත් නොයෙක් වූ විකල්ප, පිළියම් විදියට මේ වෙනුවෙන් යොදා ගෙන ඇති.

පෝෂණීය ආහාර

මාස් ශුද්ධිය කාලය ඇතුලත ඔයාගේ ශරීරයේ ආහාර ජීර්ණ පද්ධතිය නිරන්තරයෙන් වගේම හොඳින් වැඩ කිරීම අත්‍යවශ්‍ය දෙයක්. ඒ හින්දා හැකිතරම් කෙටි ඒ වගේම පෝෂණීය ආහාර නිතර ගැනීම මේ තත්ත්වය පවත්වාගෙන යන්න උදව්වක් වේවි. වැඩිපුරම විටමින් සී සහ විටමින් බී අඩංගු ආහාර වගේම, චිකන්, මාළු, ඇටවර්ග, කෙසෙල්, අල, බිත්තර වගේම ඇඹුල් පලතුරු ආහාරයට ගැනීම මේ දේ හොඳින් කරගෙන යන්න උදව්වක්. ඒ ලෙසින්ම ලුණු අධික ආහාර සහ ඔබේ ශරීරයෙන් ජලය පිට කරවන දේවල් ශරීරයට එකතු කර ගැනීමත් නොකළ යුතුයි. එය ඔබට පෝෂණය සහ ශක්තිය ලබා දෙමින් වේදනාව දැනෙන්නට ඇති ඉඩ අවම කරනවා.

යටිබඩට උණුසුම

මාස් ශුද්ධිය සමයේදී යටි බඩ සහ කොන්ද ආශ්‍රිතව වේදනාව ඇති වීමට මූලිකම හේතුවක් විදිහට දකින්න ලැබෙන්නේ ඒ ආශ්‍රිත මාංශපේශීන්ගේ ඇකිලීමයි. පුරාතනයේ සිට මස්පිඩු ඇකිළිමෙන් ඇතිවෙන වේදනාව මග හරවන්නට භාවිතා කරන ලද්දේ, උණුසුම් දෙයකින් තැවීම නිසා පුරාතනයේ අපේ මුතුන් මිත්තන් කළ ආකාරයට උණුසුම් රෙදිකඩකින් තබාගැනීම අපිට කරගන්න පුලුවන්. නමුත් එය ගෙදර දී ප්‍රායෝගික වුණත් ඔයාට කාර්යාලයේදී එයට හොඳම විකල්පය විදියට හීටින් පෑඩ් හෝ රබර් බෑගයක් ලෙසින් තනා වෙළඳ​පොළට එන උණුවතුර බෝතලයක් භාවිතයට ගන්නට හැකියි.

හැකිතරම් ජලය

සාමාන්‍යයෙන් හැකි තරම් ජලය පානය කිරීම නිරෝගීව ජීවිතය ගත කරන්නට කැමැති සෞඛ්‍යයමත් ඕනෑම පුද්ගලයකු පිළිපැදිය යුතු සිරිතක්. නමුත් කාන්තාවන් මාස් ශුද්ධිය සමයේ දී මේ ක්‍රියාවට තදින්ම එළඹිය යුතුයි. එනම් සාමාන්‍යයෙන් සිරුරේ බරට අනුව පානය කරන ජලය ප්‍රමාණයට වඩා වැඩියෙන් හැකි තරම් ජලය පානය කිරීම නිරන්තරයෙන් සිද්ධ කළ යුතුයි. ඒ නිසා මාස් ශුද්දිය සමයේ දී ඔබේ සිරුර විජලනයට ලක් වීම අවම කරගත හැකි වෙනවා.

කෙටි ව්‍යායාම

මෙය කාර්යාලයකදී සිද්ධ කරන්නට නොහැකි වුවත්, අවම වශයෙන් Stretching Exercises හෝ සිද්ධ කිරීම ඔබේ සිරුර ලිහිල් කරවාගෙන පහසුවෙන් මේ කාලය පසු කිරීමට උදවුවක් වේවි. නිවසේදී නම් හොඳින් ව්‍යායාම කිරීම මගින් ඔබෙන් පිටවන එන්ඩෝෆින්, ඔබට මාස් ශුද්ධියේ වේදනාව ඇති කරවන රසායනික සමග ප්‍රතික්‍රියා කර වේදනාව අවම කරවනවා. ඒ වගේම ව්‍යායාමය නිසා ඔබේ සිරුරේ ඔක්සිජන් ගමනාගමනය සහ රුධිර සංසරණය ක්‍රමවත් වන නිසාත් මෙම වේදනාව ඔබට දැනෙන්නට ඇති ඉඩ අඩුයි.

කිට්ටුවන්තයින් දැණුවත් කර

මාස් ශුද්ධිය පවතින දින කිහිපයේදී කරදරයක් නැතිව වැඩ කටයුතු කරගන්න තවත් හොඳම උදවුවක් වන්නේ වටපිටාවෙන් ලැබෙන නිදහසයි. ඒ නිසාම ඔබට කිට්ටුවන්ත වගේම ඔබ හා නිතර මුහු වන පුද්ගලයින්ට මේ දිනවලදී ඔබ සිටින අපහසුව දන්වා සිටින්නට හැකි නම්, ඔවුන්ගෙන් උදවුවක් ලැබෙනවා වගේම, ඔයාගේ මූඩ් එක අවුල් කරන විහිළු වගේම අනවශ්‍ය කරදර සිද්ධ නොවී ඔයාට නිදහසේ මේ කාලය සංසුන්ව ගෙවන්නට හැකි වේවි.

නිදහස් මොහොතක්

හැකි සෑම විටකම තමන්ට නිදහස් මොහොතක් ලං කරගැනීම මේ කාලයේදී වැදගත්. යම් නිශ්ෂබ්ද නිදහස් මොහොතක්, මුළු සිරුරටම දැනෙන ලොකු හුස්මක්, උණුසුම් වතුර වීදුරුවක්, විනාඩි දෙකක කාලකයට වුනත් හිතටත් ගතටත් පහසුවක් වේවි. මෙවැනි මොහොතක හැකි තරම් ජංගම දුරකතන ඈත් කරලා අපහසු නොවෙන විදි වටපිට බාධාවන් මගහැරලා ඉන්නට පුළුවන් නම් අගෙයි.

Related Articles