Home FoodRecipes අළු කෙසෙල් සලාදය

අළු කෙසෙල් සලාදය

by LADY.LK

අළු කෙසෙල් කියන්නේ  ගොඩක් අය කන්න කැමති කෑමක් නෙමෙයි. නමුත් අද අපි කියලා දෙන්න යන විදිහට හැදුවොත් නම් ඔබත් අළු කෙසෙල් ආහාරයට ප්‍රිය කරන කෙනෙකු වෙයි. හදන විදිහ විගේම අවශ්‍ය කරන ද්‍රව්‍යත් මේ ආහාරය රසවත් කර ගන්න ඔබට පහසුවක් ඇති කරවී.

අවශ්‍ය ද්‍රව්‍ය
අළු කෙසෙල් ගෙඩි 5ක් පමණ
ලොකු ලූනු ගෙඩි 2ක්
ලුණු රසට අනුව
ගම්මිරිස් රසට අනුව
අමුමිරිස් කරල් 3යි
උම්බලකඩ කැබැලි මේස හැඳි 3
දෙහි යුෂ රසට අනුව

සාදන ආකාරය
අළු කෙසෙල් ‍පොතු හැර සෝදා වණ්ඩුවේ දමා තම්බා ගන්න. ඉන්පසු කුඩා කොටු ලෙස කපා ගන්න. ලොකු ලූනු ද කොටු ලෙස කපන්න. දැන් බඳුනක් ගෙන එයට විනාකිරි, දෙහි යුෂ, ලුණු, ගම්මිරිස් දමා හොඳින් මිශ්‍ර කරගන්න. කපාගත් ලූනු, අමුමිරිස්, අළු කෙසෙල් දමා ‍පොඩි නොවන සේ කලවම් කරගන්න.

 

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about preparing ash plantains .You can read the article and put your feedback on it. 

Related Articles