Home Health & WellnessBeauty Care කහ පාට වුණු දත් සුදු කරගන්න අපෙන් උපදෙස්

කහ පාට වුණු දත් සුදු කරගන්න අපෙන් උපදෙස්

by LADY.LK

අපි මේ කතාව ලියන්න හේතුවෙන්නෙ ඇමරිකාවෙ සංගණන වාර්තාවක්. 2015 අවුරුද්දෙදි ඇමරිකානුවන් තමුන්ගෙ දත් දෙපළ සුදු පැහැ කරගන්න වියදම් කරලා තියෙන මුදල ඇමරිකානු ඩොලර් බිලියන 11ක්. ඒ කියන්නෙ වර්තමාන ශ්‍රී ලංකා රුපියල් මිලියන මිලියන දෙකකට වැඩි ප්‍රමාණයක්. ඉතිං තේරෙනවනෙ මිලියනේවම මිලියන දෙකක් කියන්නෙ කොයිතරම් ලොකු ප්‍රමාණයක්ද කියල. අන්න ඒ නිසා අපි දන්නවා හැමෝටම තමුන්ගෙ දත් දෙපළ සුදු පැහැ කරගන්න ලොකු උවමනාවක් තියෙන විත්තිය. ​මේ කියන්නෙ මහා මුදලක් වියදම් නොකර ගෙදරදීම ඒ වැඩේ කරගන්න පුළුවන් සරළ ක්‍රම කිහිපයක් ගැනයි. 

ස්ට්‍රෝබෙරි කතාවක්

ස්ට්‍රෝබෙරි කියන්නෙ ​ගොඩක් දෙනෙක් ආසා කරන පළතුරක්. බේකින් සෝඩා ටිකක් මිශ්‍ර කරගත්තු ස්ට්‍රෝබෙරි මිශ්‍රණයකින් ඔබේ දත් සුදු කරගන්න පුළුවන්. ස්ට්‍රෝබෙරිවල තියෙන මැලික් ඇසිඩ් නිසා මේ දේ වෙන බවත්, බේකිං සෝඩාවලින් අවර්ණ පැහැය දුරු කරන නිසා එයට උදවුවක් වෙන බවත් තමයි මේ අත් බෙහෙත ගැන කියද්දි දකින්න ලැබෙන්නෙ. 

අඟුරු

පුරාණේ ඉඳන්ම අපිට පුරුදු දේ තමයි අපි ඊළඟට ඉදිරිපත් කරන්නෙ. අඟුරු කියන්නෙ අපිට ගෙදරකින් දැන්නම් ලේසියෙන් හොයාගන්න පුළුවන් දෙයක් නොවුනත් අඟුරු කැටයක් හොයාගන්න ලොකු මහන්සියක් වෙන්න ඕනෙත් නෑ. දැන් ගොඩක් වෙළඳ ප්‍රචාරණයන්ගෙත් කියන ඇක්ටිවු කාබන් එහෙමත් නැත්තං සක්‍රීය අඟුරු හදාගන්න පොල් කටු පිලිස්සීමෙන් පුලුවන්. මේ අඟුරු කුඩු කරලා දත් බුරුසුවකින් මැද්දම දත් සුදු කරන එක පහසු වැඩක්.

අන්නාසි

ඇපල්වල බහුල එන්සයිමයක් වන බ්‍රෝමලේන් කියන්නෙ දත් සුදු කරන නිෂ්පාදනවල දැඩිව භාවිතා වෙන්නක්. ඉතිං දත්වල බැඳෙන කහට ඉවත් කරන්න අන්නාසිවලින් ඉඩක් ලැබෙන්න පුළුවන්. නමුත් මේක කොතැනකවත් නිශ්චිත විදියට හොයාගෙන නෑ, ඒ වගේම අපි මේ කියන්නෙ අත් බෙහෙත් නිසාත්, අන්නාසි කෑවට හෝ දත්වල ගෑවුනාට අවුලක් නොවෙන නිසාත් මේ වැඩෙත් ඔබට උත්සාහ කරන්න පුළුවන්.

කිරි සුදු පිටි

දත් සුදු කරන්න සුදු පාටම දෙයක් පාවිච්චි කරන්නයි මේ හදන්නෙ. ඒ තමයි කිරි පිටි. කිරි පිටිවල කැල්සියම් බහුලයි. ඉතිං ඒ නිසා ඔයාගෙ සාමාන්‍ය දත් මදින බුරුසුවටම සතියට දෙපාරක් විතර ඔයාගෙ දන්තාලේපය උඩින්ම කිරි පිටි චුට්ටක් දාලා දත් මදින්න. ලේසි පහසු ක්‍රමයක්. හැබැයි ඉතිං වැඩේ සිද්ධ වෙන්න ටිකක් කල් යනවා. 

පාලනය

ඉතිං දත් සුදුවට තියාගන්න නං දත් අවර්ණ නොවී තියාගන්න එකත් උදවුවක්. ඒකට අපිට ඕන කරන්නෙ පාලනය. සීනි ආහාර ලබාගැනීම අවම කරන්න. කෝපි, වයින් වගේ කහට ගෑවෙන සුළු දේ පානය කිරීම අවම කරන්න. ඒ වගේම එවැන්නක් පාවිච්චි කරපු විගසින් හැකිනම් දත් මදින්න. දත් නොමැද සිටීම නිසා මේ කහට පැල්ලම් දිගු කාලීනව දත්වලටම බද්ධ වෙනවා. ඒ වගේම කෑමවේලට වැඩිපුර කැල්සියම් එකතු කරගැනීමත් කරන්න පුළුවන්.

ලෙමන් සත්කාරය

ලෙමන් යුෂ මිරිකූ වතුර වීදුරවක් අරගන්න. මුව පිරෙන්න වතුර උගුරක් අරගෙන ඒ වතුර උගෙන් මිනිත්තු තුනක් පමණ මුඛය හොඳට කළතමින් සෝදන්න. මේ විදියට සිද්ධ කිරීමෙන් දත්වල සුදු බව වගේම දිස්නය වැඩි කරගත හැකියි.

Related Articles