Home Parenting ගැබිනි මවක් විදියට ආහාර ගැන හිතන්න ඕන කොහොමද?

ගැබිනි මවක් විදියට ආහාර ගැන හිතන්න ඕන කොහොමද?

by LADY.LK

දරුවෙක් ලැබෙන්න ඉන්න මවක් දරුවෙකු සිටිනා මවක තරමටම උතුම් සහ වැදගත්. ඒ නිසා දරුවා පිළිසිඳ ගැනීමට පෙර සිටම ඒ වෙනුවෙන් සූදානම් වන කාත්නාවක් ඒ ගැන සිතිය යුතුමයි. Lady.LK අපේ මේ සටහන සැබවින්ම සාමාන්‍ය කාරණා වටා ගෙතෙන්නක් වුවත්, දරුවෙකු පිළිසිඳ ගැනීමත් සමග වෛද්‍යවරයෙකු මුණ ගැසෙන ඔබට මේ තෝරතුරු වෛද්‍ය නිර්දේශයෙන්ම අහන්නට ලැබේවි. එවැන්නක් මගහැරුණු යමෙකුට වගේම මේ සම්බන්ධයෙන් උනන්දු අයෙකුට මේ සටහන ඉතාම වැදගත් වේවි. ඒ නිසාම මෙය මිතුරන් අතරේ Share කරගන්නටත් අමතක කරන්නට එපා.

අවශ්‍ය පෝෂණය

ගැබිනි මවක් ලෙසින් ඔබේ සිරුරට අවශ්‍ය පෝෂණය ආහාර මගින් වගේම ​බෙහෙත් පෙති හරහාත් ලබාගත යුතු වෙනවා. දරුවෙකු පිළිසිඳ ගන්නට ඔබ තීරණය කරන කාලයට මාස තුනකට පෙර සිට ඔබ ෆෝලික් ඇසිඩ් පෙති මගින් ලබා ගත යුතුයි. එය මුල් කාලය තුළ පාවිච්චි කිරීම මගින් ඔබේ සිරුරට විටමින් B9 පෝෂකට ලැබෙනවා. ඒ වගේම කල් යත්ම යකඩ සහ කැල්සියම්ද පෙති මගින් ලබා ගැනීඹ වැදගත්. ඔබ මේ සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු මුණගැසුනු විට වෛද්‍යවරයා පවා මේ ගැන නිර්දේශ කරාවි.

ටික ටික

සාමාන්‍යයෙන් ගර්භනී සමයේ මුල් කාලයේදී ආහාර අප්පිරියා සහගත බවක් ඇති වීම සාමාන්‍ය තත්ත්වයක්. ඒ නිසා ඔබට ගුණදායී ආහාර පමණක් සොයමින් සිටින්නට වෙන්නෙ නෑ. මවක් ලෙසින් ඔබේ කුස පුරවා ගැනීම වැදගත්. යම් මොහොතක අප්පිරියාවක් දැණුනොත් වමනය පිටවෙන්නට හැකි නිසා විශාල ආහාර වේල මගහැර කුඩා ආහාර වේල් ලබා ගැනීම ඔබේ සිරුරට අපහසුවකින් තොරව අවශ්‍ය පෝෂණය ලබාගැනීමට උදවුවක්. 

Quantity Vs. Quality

ඔව් මේ අපි කරන්න යන්නෙ මිත්‍යා මතයකට පහර දීමක්. ඇත්තටම ඉස්සර ඉඳන්ම දරුවෙකු ලැබෙන්න ඉද්දි මවකට කිවුවෙ දැන් දෙන්නෙකුට කෑම කන්න කාලෙ හරි කියලයි. මේකෙන් වෙන්න පුළුවන් අම්මට වමනය යෑම හෝ අධික ලෙස ආහාරවලට ලොල් වූ අම්මා දරුවා ලැබීමෙන් පසුවත් ස්ථුලභාවයට ලක්වීම. මේ නිසා වැදගත් වන්නේ ප්‍රමාණය නොව ගුණාත්මක බවයි. ඔබේ කුස තුළ දරුවා වැඩෙන කළලයට අවශ්‍ය පෝෂණය සමග ඔබට අවශ්‍ය පෝෂණය ලබාගන්නට වෙනදාට ගන්නා ආහාර ප්‍රමාණය වගේ දෙගුණයක් අවශ්‍ය නැහැ. කරන්නට අවශ්‍ය වන්නේ ගුණදායක බවින් වැඩි ආහාර ඔබේ ආහාර වේලට එකතු කරගෙන සාමාන්‍ය ප්‍රමාණ්‍යටම ආහාර ගැනීම පමණයි.

යකඩ වැදගත්කම

යකඩ ඔබේ සිරුරට අතිශ්‍ය වැදගත්. මවක් විදියට ඔබේ සිරුරේ ඔක්සිජන් ගමන් කරවීමට වගේම ඔබේ කුස තුළ වැඩෙන දරුවා රක්තහීනතාවයෙන් මුදවන්නත් යකඩ පරිභෝජනය වැදගත්. ඔබේ ආහාර වේලට යකඩ පරිභෝජනය අඩු නම් තේ හෝ කෝපි පානය කිරීම මගහැරීමත් සිදු කළ යුතුයි. ඒ තේ සහ කෝපි හරහා තවත් යකඩ අවශෝෂණය කරගන්නා නිසායි. ඒ නිසා ඔබ දරුවා ලැබීමෙන් පසුවත් කලක් ගතවන තුරු මවු කිරි වැඩීම වෙනුවෙන් යකඩ පෙති පානය කරන අතරේම යකඩ බහුලව අඩංගු නිවිති ඇතුළු පළා වර්ග සහ මුල් ඇද්දවූ ඇට වර්ග ආහාරයට ගැනීමත් වැදගත්.

අනෙකුත් පෝෂණය

තන්තු සහිත ආහාර ගැනීම මළ බද්ධය මගහරවනවා වගේම ආහාර රුචිය වඩවනවා. පිෂ්ඨය සහිත ආහාර ඔබට ශක්තිය ලබාදෙනවා. විටමින් බහුල පළතුරු වර්ග ඔබේ ප්‍රතිශක්තිය ඉහළ නංවනවා. මස්, මාළු, කිරි, ඇට වර්ගවල ඇති ප්‍රෝටීන් ඔබේ දරුවාගේ ශරීර වර්ධනයට උදවු වෙනවා. කැල්සියම් බහුල ආහාරත් එළෙසමයි. ඒ වගේම යකඩ පෙති මගින් ඇති කරවන මළ බද්ධ තත්ත්වයට ඔබ ආහාරයට එකතු කරගන්නා තන්තුමය ආහාර නිසා සහනයක් ලැබෙනවා.

ත්‍රිපෝෂ

බොහෝ අය ඔබට මාතෘ සායනයෙන් ලැබෙන ත්‍රිපෝෂ ඉල්ලා සිටීවි. අන් අයගේ ආශාවන්වලට වඩා තමුන්ගේ සහ දරුවාගේ නිරෝගී බව වැදගත් නිසා වගකීම් සහගත මවක් ලෙසින් නියමිත ලෙස අවශ්‍ය පෝෂණය ත්‍රිපෝෂ හරහා ලබාගන්න. ඒ වගේම මෙය කියවන ඔබත් අන් මවු වරුන්ගේ ත්‍රිපෝෂ ඉල්ලා කරදර කිරීමෙන් වළකින්න.

Related Articles