Home Health & WellnessBeauty Care සම හොඳින් තියාගන්නට කාන්තා ඔබට කළ හැකි සරළ දේවල්

සම හොඳින් තියාගන්නට කාන්තා ඔබට කළ හැකි සරළ දේවල්

by LADY.LK
Skin Treatment

Lady.lk කියවන, ඒ අතරේ දැණුම හොයන කාන්තා ඔබත් අපත් අපි උපයන දෙයින් වැඩි වියදමක් කරන දෙයක් තමයි රූපලාවන්‍ය කටයුතු කියන්නෙ. කාන්තාවකට වටිනාම ආභරණයක් වුනු සම හොඳින් තියාගන්න අපි නොයෙක් වූ දේ කරනවා. මේ අනතුරු අඟවන්නේ සලෝන්වලට අපි පූජා කරන සල්ලි ගැනම නෙමෙයි. අපි අපේම නොසැලකිල්ල නිසා අපේ සමට අනවශ්‍ය වගේම අපිට වැඩි වියදම් ගෙනෙන රූපලාවන්‍ය කටයුතු කරනවා වෙන්නට පුළුවන්. අන්න ඒ නිසා අපේ හම ලස්සනට තියාගන්න වගේම පිරිසුදුව තියාගන්න අපේ පැත්තෙන් කරන්න පුළුවන් කෘතීම නොවෙන වැඩ කටයුතු කිහිපයක් තමයි මේ කියන්නෙ. මේ දේවල් හරියට කරනවානම් ඔයාටත් සලෝන් යන්න වෙන්නෙ අයිබ්‍රෝස් ප්ලක් කරන්න වගේ සුළු සුළු වැඩ කිහිපයකට විතරයි.

කරපු මේකප්

උත්සව අවස්ථාවකට එහෙම යද්දි බොහෝ කාන්තාවන් හෙවි මේකප් එකක් කරන එක සාමාන්‍ය දෙයක්. මේ දේ ලොකු වැරැද්දක් අපිට කියන්නත් බෑ. නමුත් මේ කරපු හෙවී මේකප් එක නිවසට ආ විගස නිසි ලෙස ඉවත් නොකිරීමනම් ලොකු වැරැද්දක්. ඒ නිසා මේකප් රිමූවල් ලික්විඩ් එකක් පාවිච්චි කරලා හරි විදියට මූනේ තියෙන හෙවි මේකප් එක යවාගන්න වගේම ඊටපස්සෙ ක්ලෙන්සින් ලෝෂන් එකක් පාවිච්චි කරලා මුහුණ ක්ලෙන්ස් කිරීමත් වැදගත්. ඒ වගේම පුරුද්දක් විදියට අයිස් වතුරෙන් මුහුණ සේදීමත් වැදගත්. 

පිරිසුදු කම  

තමුන්ගේ සමේ පිරිසුදුකම අතිශය වැදගත් සාධකයක් වෙනවා. නමුත් බොහෝදෙනෙක් හම පිරිසුදු කරන්නේ හොඳට වුනත් නිතරම නෙමෙයි. දවස තිස්සෙ පැය කිහිපයක් එළියේ ගැවසුනාම, වොෂ්රූම් එකකට යන්නට හැකි වුනු විගසම මුහුණ සෝදාගැනීම අනිවාර්යය කාරණයක්. ඒ නිසා දවසම දූවිලිත්, දාඩියත් පෙරාගෙන ඉඳලා රෑට විතරක් හොඳින් පිරිසුදු වුනාට වැඩක් වෙන්නේ නෑ. කො​රෝනා සමයේ පැයකට වරක් හොඳින් අත් සෝදනවා වගේම ඔයාගෙ හම ගැනත් හිතන්න ගන්න කාලය හරි.

විවිධ ක්‍රීම් වර්ග 

අපේ සම හරි විදියට තියාගන්න අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙන නොයෙක් නිෂ්පාදන තියෙනවා. මේ දේවල්වල අන්තර්ගතය හොඳින් හොයා බලලා වගකීමෙන් පාවිච්චි කරන්න කියලත් අපි මුලින්ම කියන්න ඕන. මුල්ම දේ තමයි හම වේලෙන එක නැති කරගන්නට අපිට ආලේප කරන්න පුළුවන් මොයිස්චරයිසර්. ගොඩක් අය මෙහෙම දේකදි අවධානය දෙන්නෙ මුහුණට විතරයි. නමුත් පිටතට නිරාවරණය වෙන ඔයාගෙ අත පය සහ දෙපාවලටත් හරි විදියට මොයිස්චරයිසර් ආලේප කිරීම වැදගත්. අනිත් දේ තමයි අපි අවුවට නිරාවරණය වීම. අපි සමකය ආශ්‍රිත රටක් නිසා අපිට ඉරේ සැර දැනෙනවා වැඩියි. ඒ නිසා හරි විදියට සන්ස්ක්‍රීනින් ක්‍රීම් එකක් පාවිච්චිය බොහොම වැදගත් කාරණයක්.

වතුර

අපි උඩ කාරණයෙදි කියපු සමේ වේලීම කියන දේ මගහරවන්න පුළුවන් ස්වභාවිකම විදියක් තමයි හයිඩ්‍රේට් වෙන එක. නිතර වතුර පානය කිරීම ඔයාගෙ සමට කදිම සත්කාරයක්. ඒක සිරුරේ ලේ ගමනාගමනය සාමාන්‍ය කරනවා වගේම ඔයාගෙ සම වේලෙන්නට නොදී තියාගන්නත් ඒක හොඳ හේතුවක් වෙනවා. ඒ වගේම රාත්‍රී නින්දේදි සිරුර වේලුම් කෑම, ​තොල් පැලීම වගේ දේවල් අවම කරලා ඔයාගෙ සම ලස්සනට තියාගන්න මේ හොඳ පුරුද්ද උදවු වෙනවා.

නින්ද නැති රැයේ

නින්ද නැති රැයක් කියන්නෙ නම් සමට ඒ තරම් හොඳ ව්‍යායාමයක් නෙමෙයි. ඒ නිසා ඔබේ මුහුණ අවපැහැ ගැන්වෙන වගේම ඇස් යට කළු වීම වගේ දේවල් සිද්ධ වෙන්න තියෙන ඉඩ වැඩියි. ඒ නිසා කෙටි භාවනාවක් හෝ නින්ද වෙනුවෙන්ම සැකසුනු සරළ සිහින් සංගීතයක් යොදාගෙන නිදාගන්න උත්සාහ කරන එක තමයි වැදගත්ම දේ.

ආහාර රටා 

ඔයාගෙ සම ලස්සනට තියාගන්න බලපාන අනිත් ප්‍රධානම කාරණයක් වෙන්නෙ ඔයාගෙ ආහාරය. ඒ නිසා සමට වගේම පොදුවේ ශරීරයටම අහිතකර ආහාර හැකිතාක් මගහැරලා, පැහැපත් සමක් වෙනුවෙන් ගුණ දේවල් කන්න. පැහැපත් සමකට හිමිකම් කියන්න නම් ඔබ නිතරම කොළ පැහැති සහ විටමින් සපිරි ආහාර  ශරීරයට ලබාදෙන්න. 

Related Articles