සාමාන්‍යයෙන් ඉඹුල් කිරිබත් වල මැදට දාන්නේ පැනි පොල්.නමුත් ඉඹුල් කිරිබත් සීනි සම්බෝල ,සැමන් තෙල් දාලා,කට්ට ලුනුමිරිසක් වගේ කැමති ඕනෑම මිශ්‍රණයක් දාලා හදාගන්න පුලුවන්.
අවශ්‍ය වෙන්නේ
සුදු කැකුලු හාල් කෝප්ප 1
උකු පොල් කිරි කෝප්ප 2 ක්
වතුර කෝප්ප 3 ක්
ලුනු ස්වල්පයක්
මැද මිශ්‍රණයට අවශ්‍ය වෙන්නේ
කපාගත් රට ලූණු ගෙඩි 2 ක්
සීනි මේස හැදි 2 ක්
කහ කුඩු
මිරිස් කුඩු
කෑලි මිරිස් කුඩු
කුරුදු පොතු කැබැල්ලක්
කරදමුංගු කුඩු
උම්බලකඩ ස්වල්පයක්
සියඹලා ටිකක්
කරපිංචා හා රම්පේ
රස අනුව ලුනු
මුලින්ම සුදු කැකුලු හාල් ටික සෝදලා වතුර ටික දාලා තැම්බෙන්න තියන්න.ඒ අතරතුර සීනි සම්බෝල මිශ්‍රණය හදාගන්න.තෙල් ටිකක් ලිපේ තියලා ඒකට කරපිංචා හා රම්පේ ටික දාගෙන ඒකටම කරදමුංගු කුඩු හා කුරුදු පොතු කැබැල්ල එකතු කරන්න.පසුව උම්බලකඩ කුඩු ස්වල්පයක් එකතු කර කපාගත් රට ලූණු ටික එකතු කරන්න.පසුව ඒකට කහ කුඩු,මිරිස් කුඩු හා සියඹලා ටික එකතු කර ටිකක් තෙම්පරාදු කරගන්න.පසුව සීනි ටික හා රස අනුව ලුනු ස්වල්පයක් එකතු කරගෙන කෑලි මිරිස් ටිකත් එකතු කරලා මද ගින්දරේ ටිකක් කලවම් කරමින් පිසගන්න.සීනි සම්බෝල එක ටිකක් නිවෙන්න තියලා බත් ටික හොදට තැම්බිලාද බලන්න. බත් ටික තැම්බුනාට පස්සේ උකු පොල් කිරි එකට ලුනු ස්වල්පය එකතු කරගෙන කිරිබත් එකට දාලා මිශ්‍ර කරගන්න.පසුව අඩු ගින්දරේ හොදට කිරිබත කලවම් කරමින් කිරි ටික ටිකක් හිදිලා තලපයක් වගේ එනතුරු තියන්න.පසුව ලිප වහන්න.ඉන් පසු පිරිසිදු කිචන් ටවල් එකක් උඩට ලන්ච් සීට් එකක් හෝ පිරිසිදු ඉටි කොලයක් එලලා ඒකට කිරිබත් ටිකක් දාලා ටිකක් හැන්දෙන් කිරිබත් ටික තුනී කරගන්න.ගොඩක්ම නෙමේ ටිකක් තුනී කරගෙන මැදට සීනි සම්බෝල ටිකක් දාලා ලන්ච් සීට් එක හිමින් නවාගන්න.මැද මිශ්‍රණය එලියට යන් නැති වෙන විදියට පරිස්සමින් කිරිබත් ටික නවාගෙන කිචන් ටවල් එකත් ඒ සමගම රෝල් කරලා දෙපැත්තන් අඹරා ගන්න.පසුව පරිස්සමින් දිග ඇරගෙන ඉඹුල් ගෙඩිය නිවෙන්න තියන්න.නිවුනම ලස්සනට හයි වෙනවා.මේ ආකාරයට සියලූම ඉඹුල් කිරිබත් ටික හදාගෙන රස බලන්න.