Home LifestyleEntertainment වෙළඳපොළේ තියෙන රෝස වතුර ගෙදරදීම හදාගන්න විදිහ

වෙළඳපොළේ තියෙන රෝස වතුර ගෙදරදීම හදාගන්න විදිහ

by LADY.LK

වෙළඳපලේ ඇති රෝස වතුර වලට වඩා ගෙදරදී නිවැරදිව රෝස වතුර හදා ගන්න පුළුවන් ලෙසි ක්‍රමයක් තමයි මේ.

වෙළඳපලේ ඇති රෝස වතුර 100% ස්වාභාවිකයි කියන්න බෑ මොකද එහි වර්ණ කාරක සුවදකාරක අඩංගු වෙන නිසා.මේ නිසා සමහර අයට ආසාත්මිකතා වුවද ඇති වෙන්න පුළුවන්.

ගෙදරදී rose water හදා ගන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා.

ගොඩක් දෙනෙක් භාවිතා කරන ක්‍රමයක් තමයි වතුර ලිපේ තියලා රෝස පෙති ටික දාලා රත් කරන එක හැබැයි ඒක ඒතරම් සාර්ථක ක්‍රමයක් නෙවෙයි.මොකද අධික උෂ්ණත්වයකදි මෙහි තියෙන ගුණ විනාශ වෙන්න පුළුවන් නිසා.

Rose water එක හදන හැටි දැන් බලමු.

අවශ්‍ය දේ,

සුවඳ, පාට හනි නොවුණ අළුත් රෝස මල්

මද උණුසුම් වතුර 60ml

සිනී තේ හැඳි 1 (මං මෙතන සිනී යොදා ගන්න විශේෂ හේතු 2 තියෙනවා , සිනී වලට පුළුවන් අපේ සම පැහැපත් කරන්න.සමේ ඇති විශබීජ විනාශ කරන්න, රෝස වතුර එක කල් තියා ගන්න)

(මේ ප්‍රමාණ වෙනස් වෙනවා ඔයාලා ගන්න මල් වල ප්‍රමාණ එක්ක)

සාදන විදිය
මල් පෙති ටික හොඳට හොදලා තරමක කෑලි වලට කපා ගන්න
මද උණුසුම් ජලයට සිනී දලා කලවම් කරන්න
රෝස පෙති ටික දාලා පැය 24 තියන්න මේ කාලය තුළ කිහිප වතාවක් රෝස පෙති ටික වතුර සමග හොදින් කලවම් කරන්න.

දවසකට පසු ඔයාට පුළුවන් මේ රෝස වතුර ටික පිරිසිදු බෝතලයක දාලා පැක් වලට, tonerඑකක් විදිහට භාවිතා කරන්න.

Related Articles