Home FoodRecipes හවස රසවත් කරන පුහුල්දෝසි

හවස රසවත් කරන පුහුල්දෝසි

by LADY.LK

අද අපි ඔයාලට අරන් ආවේ. රසම රස පුහුල් දෝසි හදන රෙසිපි එක.

අවශ්‍ය දෙවල්

පුහුල් 1 1/2 kg

සිනි 700 g හෝ 750g

රෝස් වෝටර් තේහැදි 2 පමණ

වතුර 250 ml

මුලින් පුහුල් වල ලෙල්ල යවා ගන්න ( කොල පාට හරිය තියන්න එපා ). පුහුල් එකේ මැද කොටසත් අයින් කර අගල් 1/2 ට වගේ හිටින ලෙස කැලි කපා ගන්න ( පුහුල් ගෙඩිය සොදන්න එපා ). පසු භාජනයක් අරගෙන එකට සිනි ටික හා වතුර ටික දමා හොදින් උණු කර ගන්න. සිනි ටික දියවි හොදට උකු ගතියට එනකම් සිනි ටික උණු කර ගන්න

දැන් සිනි ටික උකු ගතියට ආ පසු කපා ගත් පුහුල් කැලි ටික එකට දමා හොදින් කලවම් කරන්න. මේ විදියට පුහුල් ටික හොදින් සෝප්ට් වනතුරු උයා ගන්න. ඔයාලාට පෙනෙවි ටික වේලාවක් ගියාම පුහුල් එකේ වතුර ගතිය හොදට උනා තියෙන බව. පසුව ලිපේ ගින්දර හොදට වැඩි කර ගෙන පුහුල් ටික උයා ගන්න.

නිතරම පුහුල් ටික හිමින් හැදි ගාන්න .

දැන් ඔය වගේ ටික වේලාවක් තියා ගෙන හැදි ගාන කොට අතට දැනෙවි පුහුල් මිශ්‍රනය උකු ගතියට එන බව .එතකොට ලිපේ ගින්දර අඩු කර , සමාන්‍ය විදියට ගින්දර දමා ගන්න . එයට රෝස් වෝටර් ටිකත් එක් කර හොදින් කලවම් කර ගන්න. දැන් පුහුල් මිශ්‍රනය හොදටම උකු වෙන කොට ලිපේ ගින්දර තව චුට්ටක් අඩු කර ගන්න .නැතිනම් පුහුල් මිශ්‍රනයේ යට හරිය පිලිස්සෙන්න පුලුවන් .පසු හොදට හිමින් පුහුල් මිශ්‍රනය හැදි ගාමින් එහාට මෙහාට හරවා ගන්න

ඔයාලාට අන්තිමට පෙනෙවි පුහුල් මිශ්‍රනය හොදටම තික් ගතියට ඇවිත් එකට ගුලි වෙනවා වගේ. අන්න එතකොට තමා පුහුල් දෝසි මිශ්‍රනයේ හරි පදම විය යුත්තේ. එහෙනම් හදලා බලන්නකෝ ඔයාලත්.

Related Articles