Home FoodRecipes ගෙදර හදන සීනි සම්බල් පාන්

ගෙදර හදන සීනි සම්බල් පාන්

by LADY.LK

කඩේන් අරගෙන සීනින සම්බල් පාන් කාලා තිබුණාට ඔබ ගෙදරදිම හදලා සිනී සම්බල් පාන් කාලා නැතුව ඇති ඔන්න අද  කියලා දෙන්න යන්නේ ගෙදරදිම සීනි සම්බල් පාන් එකක් හදා ගන්න විදිහ ගැනයි. ඒ සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍ය වගේම හදා ගන්න විදහ පහතින්..

පාන් පිටි කිලෝ ග්‍රෑම් 01 ක්

ඊස්ට් තේ හැඳි 02 ක්

සීනි තේ හැඳි 02 ක්

බිත්තර 02 ක්

බටර් ග්‍රෑම් 100 ක්

කිරි කේාප්ප 1/2 ක්

ඔලිව් තෙල් මේස හැන්දක්

රස අනුව ලුණු

මඳ උණුසුම් ජලය

මතුපිට තැවරීමට බිත්තර සාරු

 

සාදන ක්‍රමය

     පළමුව මඳ උණුසුම් ජලය කෝප්ප බාගයකට ඊස්ට් සහ සීනි එකතුකර දියකරගන්න.
     දැන් පාන් පිටි, ලුණු, උණු කරගත් බටර්, බිත්තර, කිරි, ඔලිව් තෙල් ආදිය බඳුනකට දමා ඊස්ට් මිශ්‍රණය එකතු කරමින් අනාගන්න. මදි පාඩුවට ජලය පොඩ්ඩ පොඩ්ඩ එකතු කරමින් අතේ නොඇලෙන පදම එනතුරු අනාගන්න.
    හොඳින් පිටි ඇනුණානම් එය මෘදු පිටි මෝලියක් ලෙස අතට දැනේවි.
    මෙය පැයක් පමණ වසා තබන්න. දෙගුණයක් වන්නට පිපේවි.
     ඒ අතරේ සීනි සම්බෝලය සාදා නිවෙන්නට හරින්න. (සීනි සම්බෝල මිශ්‍රණය සකසා ගන්නා ආකාරය ය පිටුවේ සඳහන්ව ඇත.)
     දැන් පිපුණු පිටි මෝලියෙන් පොඩි බෝල වෙන් කරගන්න.
    බෝල වෙන්කර තබා ගනිද්දී, පිපෙන්නට ඉඩ තබන්න අමතක කරන්න එපා.
     දැන් පිටි බෝල එක බැගින් ගෙන හොඳින් තුනීකර ඒ මත සීනි සම්බෝලය තබා ඔබ කැමැති හැඩයකට නමාගන්න.
     ඒ මත බිත්තර සාරු දවටා විනාඩි කිහිපයකට කලින් රත් කරගත් සෙල්සියස් අංශක 200 උෂ්ණත්වය සහිත උදුනක දමා රන්වන් පැහැය වනතුරා බේක් කරන්න.

Related Articles