Home LifestyleFashion සුදු හිසකෙස් කළු කරන ඩයි

සුදු හිසකෙස් කළු කරන ඩයි

by LADY.LK

සුදු හිසකේ කළු කරන පංච කල්‍යාණයෙන් එක් කල්‍යාණයක් වන්නේ කේෂ කල්‍යාණය යි. කාන්තාවකගේ සොඳුරු රුවට කේෂ කල්‍යාණය නැතිනම් කෙස් කලඹෙන් ලැබෙන පිටිවහල මෙතෙකැයි පැවසිය නොහැකි ය. එහෙත් ඒ කෙස් කලඹ විවිධ ආපදාවන්ට ගොදුරුවීම දරාගත නොහැකි දුකක්.

අද වන විට බොහෝ දෙනකුට ඇති හිසකේ පිළිබඳ වන ලොකුම ගැටලුව වන්නේ හිසකෙස් අකලට සුදු වීමයි. සුදුවන හිසකෙස් නිසා රුවට වන හානිය සුළුපටු නැහැ.

සුදු හිසකේ කළු පැහැ කිරීමට බොහෝ දෙනා උනන්දු වන්නේ ඒ නිසයි. එහෙත් හිසකේ කළු කිරීම ගැන නිවැරැදි තොරතුරු දැනගෙන එය සිදු කිරීම වඩාත් වැදගත්. මේ ලිපිය මඟින් හිසකෙස් ඩයි කිරීම සම්බන්ධයෙන් අපි ඔබ දැනුවත් කරන්නෙමු.

හිසකේ ඩයි කිරීම ලෙසින් හඳුන්වන්නේ හිසකේ වර්ණ ගැන්වීමයි.

මෙම වර්ණ ගැන්වීම සඳහා ‘ඩයි’ භාවිත කිරීම නිසා හිසකේ ඩයි කිරීම ලෙසින් මෙය හැඳින්වීමට බොහෝ දෙනෙක් පුරුදු වී සිටිති. පුද්ගලයෙක් හිසකේ ඩයි කිරීම නැතිනම් වර්ණ ගැන්වීම සඳහා හේතු කිහිපයක් පවතියි.

ඉන් පළමුවැන්න වන්නේ, හිසකේ සුදු වූ විට ඇති වන පෙනුම ඉවත්කර නැවත තරුණ පෙනුමක් ලබා ගැනීම සඳහා ය. දෙවැන්න වන්නේ විලාසිතාවක් ලෙස කෙස් කලඹට වෙනස් වර්ණයක් ලබා දීමයි.

හිසකේ වර්ණ ගැන්වීම අපට කොටස් දෙකකට බෙදා දැක්විය හැකියි.

1. රසායනික ද්‍රව්‍ය භාවිතකර වර්ණ ගැන්වීම

2. ස්වභාවික වර්ණක යොදාගෙන වර්ණ ගැන්වීම

මෙයට ටික කලකට පෙර භාවිතයට තිබුණේ රසායනික ඩයි වර්ග පමණකි. එහෙත් මේ වන විට නවීන තාක්ෂණයේ දියුණුවත් සමඟින් 100% ක් ස්වාභාවික වර්ණ හිසකේ වර්ණ ගැන්වීමේ දී යොදා ගත හැකියි.

මෙයට කලකට පෙර ස්වාභාවික වර්ණකයක් ලෙස පැවතියේ දුඹුරු පැහැය පමණයි. එය හෙනා නමින් හැඳින්විණි.

උපුටා ගැනීමකි

Related Articles