Home FoodRecipes කටට රසට සමෝස හදමු

කටට රසට සමෝස හදමු

by LADY.LK

සමෝසා කියන්නේ ලොකු පොඩි කොයි කවුරුත් කන්න කැමති බොහොම රසවත් කෑමක් ඉතින් .මේ නිවාඩු සමයේ ගෙදරට වෙලා ඉන්න එකේ සමෝසා එකක් ගෙදරම හදලා කෑවොත් කොහොමද ?ඔන්න ඉතින් අද අපි කියලා දෙන්න යන්නේ නිවසේදීම සමෝසා හදාගන්න විදිහ.

අවශ්‍ය ද්‍රව්‍ය

තම්බා ගත් අල ග්රූම් 250 තක්කාලි ගෙඩියක් මාළු මිරිස් කරලක් කැරට් අලයක් කොත්තමල්ලි කොළ කිහිපයක් අබ තේ හැඳි 1/2 සූදුරු ඇට තේ හැඳි 1/2 ගිතෙල් මේස හැඳි 3 කෑලි මිරිස් තේ හැන්දක්

සාදන ක්‍රමය

තම්බාගත් අල තරමක කැබැලි සිටින සේ පොඩිකර පසෙකින් තබන්න. තක්කාලි, මාළුමිරිස්, කැරට්, කොත්තමල්ලි කොළ සිහින්ව ලියා ගන්න. දැන් තරමක් ගැඹුරු භාජනයක් ළිප තබා, ගිතෙල් දමා, රත්වනවිට පිළිවෙළින් සූදුරු සහ අබ ද, අනතුරුව ලුණු, අමු මිරිස් සහ තක්කාලි ද , පසුව කොත්තමල්ලි කොළ ද එක්කර ගන්න. ඊට පසුව අල, කැරට් සහ මසාලා කුඩු එක්කර ගනිමින් කෑලි මිරිස් සහ රස අනුව ලුනු ද එක්කර පසෙකින් තබන්න. සමෝසා පේස්ට්‍රිය සකස් කිරීම පිටි ග්රූම් 250 මාගරින් ග්රූම් 50 අයිස් වතුර ලුනු ස්වල්පයක් සාදන ක්‍රමය තිරිඟු පිටිවලට මාගරින් සහ ලුනු මිශ්‍රකර, අයිස් වතුර එක්කරමින්, අතේ නොඇලෙන පදමට අනාගන්න. ඉන් පසුව පිටි තවරා ගත් ලෑල්ලක හොඳින් තුනීකර , අඟල් 6ක් දිග සහ අඟල් දෙකක් පළල තීරු කපා ගන්න.එහි එක් කෙළවරක් මත ඉහත සකස් කරගත් මිශ්‍රණයෙන් මේස හැඳි දෙකක පමණ ප්‍රමාණයක් තබන්න. පසුව තුන් හුලස් ආකාරයට නවා ගනිමින් ඉතිරි කොටස් ඇත්නම් ඒවා වතුර භාවිතයෙන් අලවා ගන්න. ඉන්පසු ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතුරු බැදගන්න. සැ.යු. -පේස්ට්‍රිය මතුපිට පිටි පිපීම වැළැක්වීම සඳහා අයිස් වතුර භාවිත කරමින් පිටි මිශ්‍රකර ගැනීමට සැලකිලිමත් වන්න

Related Articles