රුලං අළුවා ගෙදර හදලා තිබුණට රැලං කේක් ගෙදර හදලා නැතුව ඇතිනේ. ඔන්න ඉතිං අද අපි කියන්න යන්නේ රැලං දාපු පොල් කේක් එකක් ගෙදරම හදා ගන්න විදිහක් ගැනයි. අවශ්‍ය කරන්නේ මෙන්න මේ ද්‍රව්‍ය…
අවශ්‍ය ද්‍රව්‍ය:-
සීනි ග්‍රැම් 125
බටර් ග්‍රෑම් 375
බිත්තර 15යි
රුලං ග්‍රෑම් 500
පොල් ගෙඩියකින් පමණ
සාදා ගත් පැණි පොල් ග්‍රෑම් 150
කජු මද ග්‍රෑම් 150
එන්සාල් ඇට 2-3ක්
වැනිලා බිංදු 2-3ක්
සාදන ආකාරය:-
බිත්තර කහමද සහ සුදු මද වෙන්කර ගන්න. සීනි සහ බටර් බඳුනකට දමා බිට් කර ගන්න. දැන් එයට බිත්තර කහමද ටික ටික එකතු කරන්න. පිරිසිදු වියළි බඳුනක් ගෙන එයට බිත්තර සුදුමද දමා හොඳින් ගසා ගන්න. එය හිම මෙන් බිට් වූ පසු සාදාගත් මිශ්‍රණය එයට එකතු කරන්න. ඉන්පසු එයට සාදාගත් පැණිපොල් මිශ්‍රණය, කුඩුකරගත් කජු, බැදගත් රුලං සහ වැනිලා, තලාගත් එන්සාල් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. දැන් තෙල් කඩදාසි දමා සකසා ගත් තැටියක අතුරා 150C උෂ්ණත්වයේ පැයක් පමණ පුළුස්සා ගන්න
[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]
www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about how to make sooji cake. You can read the article and put your feedback on it.