Home LifestyleEntertainment අවංක ආදරවන්තයා

අවංක ආදරවන්තයා

by LADY.LK

ඔයාලට බලන්න ලස්සන ෆිල්ම් එකක් අරගෙන අවා. මේ ෆිල්ම් එක 2017 වර්ෂයේ මාර්තු මස 03 වැනි දින තිරගතවීම ආරම්භ කරල තියෙන්නේ. Romance, Thriller යන කාණ්ඩයට අයත් මෙම සිනමා සිත්තම Imdb දර්ශකය තුල 5.7 ක අගයකින් සමන්විත වෙනවා.අපි කාගෙත් හිත්වලට වදින කතාවක්,මොකද කිව්වොත් ආදරේ නොකරපු කෙනෙක් මේ ලෝකෙ නැති නිසා.මෙහි “කතීර් “ගේ චරිතය”ශාන්තනු භාග්‍යරාජ් ” විසින් නිරූපනය කරයි.ඔහු විසින් චරිත නිරූපනය කල සිනමා කිහිපයක් නම් Sakkarakatti (2008), Siddu +2 (2010), Kandaen (2011), Aayiram Vilakku (2011), Ammavin Kaipesi (2012), Kathai Thiraikathai Vasanam Iyakkam (2014), Vaaimai (2016), Koditta Idangalai Nirappuga (2017). “අනූෂාගේ ” චරිතය “ස්රුශ්ති ඩන්ගේ” විසින් නිරූපනය කර්න අතර ඇය රගපෑ චිත්‍රපට කිහිපයක් නම් Yuddham Sei (2011), Megha (2014), Darling (2015), Enakkul Oruvan (2015), Kaththukkutti (2015), Vil Ambu (2016), Navarasa Thilagam (2016), Jithan 2 (2016), Dharma Durai (2016), Achamindri (2016) විසින් චරිත නිරූපණය කරනවා.

ඉතින් කතාව පටන් ගන්නේ මංගල මණ්ඩපයට පැමිණෙන කාර්ති තමාගේ ආදරවන්තිය පැහැරගන්නා දර්ශනයකින්.තමාගේ පොඩි කාලයේදි කාර්ති දකිනවා ප්‍රදේශයේ චන්ද අපේක්ෂකයෙකුගේ පුතකු විසින් තම සහෝදරිය ආදරය කල වරදට ඇයගේ ආදරවන්තයා සමග මරලා දානවා.පසුව එම දේශපලකයාගේ පුතාගේ විවාහ මණ්ඩපයේදි ඔහුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලබනවා.ඒ කාර්තිගේ තාත්තා විසිනි.පසුව කාර්තිගේ තාත්තා එම ප්‍රදේශයෙන් මාරු වී වෙනත් ප්‍රදේශයකට යනවා.කලකට පසුව කාර්ති වැඩිවියට පත් වී ඔහුට අධ්‍යාපනය සදහා ඇමරිකාවට යෑමට වීසා ලැබෙනවා.ඒ අතරතුර අම්මා ,තාත්තා නැවත ගමට යෑමට තීරණය කරනවා.එහිදි කාර්තිට තමන්ගේ යහලුවන් සහ ඔහුගේ පොඩි වයසේ ආදරේ කරපු අනූව මුණ ගැහෙනවා.පසුව මොවුන් මුනගැසී ආදරය සුන්දරව ගලාගෙන යනවා.ඒත් ඔවුන්ගේ ආදරය අනූෂාගේ ගෙදරින් දැනගෙන ඇයව වෛද්‍ය විද්‍යාලයකට ඇතුලක් කරනවා.නමුත් ඔවුන්ගේ ආදරය දුරස් වන්නේ නැහැ ,ෆෝන් එකෙන් විටෙන හමු වී ආදරය දිගටම ගලා යනවා.දිනෙක නව වසර පටන් ගත් දිනෙක රෑ කාර්ති අනූෂට කතා කලත් ඇය ෆෝන් එකට උත්තර දෙන්නේ නැහැ.ඇය පසුවදා උදේම ඇයව බලන්න යනවා ,එවිට ඇය පවසනවා ගෙදරින් දැනගෙන ඇති නිසා ඇයගේ ෆෝන් එකට කතා නොකර යාලුවගේ ෆෝන් එකට ගන්න යැයි පවසනවා.එතැන් පටන් කාලයක් යනතුරු ඔහු ඇයට කරදර නොකර අධ්‍යාපනයට ඉඩ දි කාලය ගත කරනවා.මෙසේ කාලය ගෙවෙද්දි හදිසියේම අනුෂා ගෙදර ඇවිත් සිටින බව යහලුවෙකුගෙන් දැනගන්නවා.කාර්ති එදා රෑම හොරෙන් ඇයගේ ගෙදරට ගොස් ඇය සමග කතා කොට පසුදා කොවිලට පැමිණෙන ලෙස දන්වනවා.ඔවුන් පසුදා කෝවිලේදි ඇය සමග විවාහ වීමට උත්සාහ ගන්නා අවස්ථාවේදි අනූෂාගේ තාත්තා පැමිණ ඇයට පහරදී ආපහු රැගෙන යනවා.කෙසේ හෝ ඔවුන් දෙදෙනාගේ ආදරය දෙපසට වී කාර්ති පිස්සෙක් බවට පත් වෙනවා.ඔහු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වනවා.මේ සිද්දි නිසා කාර්තිගේ අම්මා මරුමුවට පත්වෙනවා.කාර්ති බරපතල තත්ත්වයෙන් රෝහල් ගතකරනවා. ආදරය නිසා පිස්සෙක් වුන කාර්තිට ඔහු කල අවංක ආදරයට අනූෂත් ඒ වගේම අවංකව ආදරය කලාද ? … නැතිනම් , කාර්තිව රැවැට්ටුවද ? …. ගෑනු නම් 64 මායම් කියනවනේ … අපි බලමු අවංකව ආදරය කරන්නේ කෙල්ලොද ? නැතිනම් කොල්ලොද ? ….

කතාව බලලම ඉන්නකෝ .
උපුටාගත්තේ බයිස්කෝප් අඩවියෙන්

Mupparimanam (2017) Sinhala Subtitles | අවංක ආදරවන්තයා! [සිංහල උපසිරැසි සමඟ]

Related Articles