Home LifestyleEntertainment මෑතකාලීනව බිහිවූ හොඳ ම Animation Movies 6ක්

මෑතකාලීනව බිහිවූ හොඳ ම Animation Movies 6ක්

by LADY.LK

Animation movies බලන්න පොඩ්ඩෝ විතරක් නෙවෙයි අම්මලත් කැමති බවත්, මේ දවස්වල වැඩි කාලයක් ගෙදරටම වෙලා  ඉන්න නිසා වෙනදාට වඩා වැඩි වෙලාවක් පොඩ්ඩෝ ඒ සඳහා වෙන් කරන බවත් අපි දන්නවා. ඉතින් movie එකක් බලලා විනෝද වෙන්න සහ හිත පොඩ්ඩක් නිදහස් කරගන්නත් කැමති අය වෙනුවෙන්, විශේෂයෙන්ම පොඩ්ඩෝ වෙනුවෙන් තමයි මේ ලිපිය ලියැවෙන්නේ.

Raya and the last dragon (2021)

ඩිස්නි සමාගමෙන් නිපදවූ Fantasy, action- adventure ගණයට අයිතිවන චිත්‍රපටයකි. සාම්ප්‍රදායික අග්නිදිග ආසියානු සංස්කෘතිය ඇසුරින් නිපදවා ඇති මෙය, Animation චිත්‍රපට ප්‍රිය කරන්නන්ගෙන් ඉතා සුබවාදී ප්‍රතිචාර ලබා මේ වසරේ ඔක්තෝබර් වන විට ඩොලර් මිලියන 130ට වඩා උපයාගෙන තියෙනවා. දුෂ්ට ආත්මයක් වන ඩෲන් විසින් කුමන්ද්‍රා දේශයේ ජීවත්වූ සියලුම මිනිසුන් සහ මකරුන් පාශාන බවට පත් කරන අතර ඉතිරිවන අන්තිම මකර ධේනුව වන සිසු තමන්ගේ මැජික් සහ මැණික් ගලක් පාවිච්චි කරලා ඩෲන් ව පරදවලා, මිනිස්සුන්ව නැවත යථා තත්ත්වයට පත් කළත් මකරුන්ව නැවත ගෙන්වීමට ඇයට හැකි වන්නේ නෑ. මේ සිදුවීමෙන් වසර 500ට පස්සේ කුමන්ද්‍රාවේ උපදින රායා කුමරිය සිසු ව නැවත ගෙන්වීමටත්, භේද භින්නවී ගිය කුමන්ද්‍රාව නැවත එක්සේසත් කිරිමටත් වෙර දැරීම ගැන කතාන්දරය තමයි film එකේ අඩංගු වෙලා තියෙන්නේ.

Onward (2020)

Urban fantasy adventure කාණ්ඩයට අයත් වන මෙය Pixar Animation studios සමාගමෙන් නිපනවන ලද චිත්‍රපටයකි. චිත්‍රපටයේ කතාව කෙටියෙන් කියනවා නම්, සියවස් ගණනාවකට පෙර ලොව පුරා ප්‍රචලිතව පැවති මැජික් පසුකාලීනව ඇතිවූ තාක්ෂණික දියුණුවත් සමඟ නොසළකා හැරෙනවා. හාත්පසින්ම වෙනස් චරිත ලක්ෂණ හිමි ලෑන් සහ බාර්ලි කියන elf සහෝදරයින් දෙදෙනා මිය ගොස් ඇති තමන්ගේ පියා එක් දිනකට පමණක් නැවත ගෙන්වීමට උත්සහ කිරීම පිළිබඳ පුවතක් තමයි මෙහි අඩංගු වෙන්නේ. 

The Mitchells vs. the Machines (2021)

Science fiction comedy ගණයට අයත්වන මෙම චිත්‍රපටය නිපදවා ඇත්තේ Sony pictures සමාගම විසිනි. බාහිර සමාජය සමඟ නිසියාකාරව ගනුදෙනු කිරීමේ හැකියාව අඩු මිචෙල් පවුලේ සාමාජිකයින් ගැටළුකාරී කාලසීමාවක තමන්ගේ පවුලේ සාමාජිකයින් අතර බැඳීම වැඩි කරගැනීමේ අරමුණින් දීර්ඝ විනෝද චාරිකාවක යෙදෙනවා. මේ අතරතුර PAL නමැති බුද්ධිමත් රොබෝ විසින් තමන්ගේ හිමි කාරයාගෙන් පළි ගන්නට උත්සහ කරන්නේ, මිහිතලයේ වෙසෙන සියලුම මිනිසුන් අභ්‍යාවකාශයේ පා කර යැවීම මඟිනුයි. මේ විනාශය වැළක්වීමට මේ අමුතු පවුලේ සාමාජිකයින් උත්සහ දරන ආකාරය තමයි මේ චිත්‍රපටයෙව් අඩංගු වෙන්නේ.

Vivo (2021)

Musical comedy වර්ගයේ චිත්‍රපටයක් වන Vivo Sony pictures නිෂ්පාදනයකි. තමන්ගේ හිමිකරු වන අන්ද්‍රේස් කියන සංගීතකරුවා එක්ක බොහොම සතුටින් ජීවත්වුණු Vivo (kinkajou වර්ගයේ සතෙක්) ගේ ජීවිතය වෙනස් වෙන්නේ හදිසියේ සිදුවන අන්ද්‍රේස්ගේ මරණයත් එක්කයි. අන්ද්‍රේස් එයාගේ පැරැණි මිතුරියක් වුණු මාර්තාට කවදාවත් නොකීව ආදරේ සඳහන් වුණු සින්දුව මාර්තා අතට පත්කරන්න වෙහෙසෙන Vivo ට උදව් කරන්නේ Gabi සහ එයාගේ අම්මා Rosa. Vivo තමන්ගේ හිතවත් අන්ද්‍රේස්ගේ බලාපොරොත්තුව ඉටු කරන විදිය කියැවෙන මේ සුන්දර චිත්‍රපටයට පොඩ්ඩෝ වගේම අම්මලටත් හරිම කැමති වෙයි කියලා අපි විශ්වාස කරනවා.

The willoughbys (2020)

Lois Lowry ගේ The willoughbys කියන කෘතිය ආශ්‍රයෙන් නිපදවුණු මෙය  comedy කියන කාණ්ඩයට තමයි අයත් වෙන්නේ. ටිම්, ජේන් සහ බාර්න්බි කියලා හඳුන්වන නිවුන්නුන්ගේ මව්පියන් වන වෝල්ටර් සහ හෙල්ගා කියලා කියන්නේ තමන්ගේ නිතරම දරුවොන්ව තළා පෙළන නපුරු මව්පිය යුවලක්. එක දිනයක මේ දෙදෙනා තමන්ගේ දරුවෝ සිව් දෙනාවම නිවසින් එළවා දමනවා. ආත්මාර්ථකාමි දෙමව්පියන් සමඟ ජීවත්වීමට කිසිසේත් කැමැත්තක් නොදක්වන මේ දරුවෝ තමන්ගේ දෙමව්පියන්ගෙන් මිදිලා අනාථ දරුවන් වශයෙන් අනාථ නිවාසයකට ඇතුල් වීමට උපක්‍රම සොයනවා. ලින්ඩා, රූත් සහ මෙලනොෆ් කියන හිතවතුන්ගේ සහයෝගය ලබාගන්නා සොයුරු සොයුරියන් සිව්දෙනා අවසානයේ ප්‍රීතිමත් ජීවිතයක් ලබාගැනීමට සමත් වෙනවා. දුෂ්ට මව්පියන්ට අවසානයේ ඔවුන්ට හිමි වියයුතු දඬුවම ලැබෙනවා

Luca (2021)

Coming-of-age කියන කාණ්ඩයට අයත් මේ චිත්‍රපටය Pixar සමාගමේ නිශ්පාදනයක් වන අතර විචාරකයින්ගේ ප්‍රසාදය දිනාගැනීමට සමත් වූ සාර්ථක චිත්‍රපටයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. ඉතාලියේ රිවේරා හි ග්‍රීස්ම නිවාඩුව ගත කරන්න යන ලූකා කියන පිරිමි ළමයා, කෑම බීම සහ විනෝදය සමඟින් ඉතා ප්‍රීතිමත් ආකාරයට ඒ නිවාඩුව ගත කරනවා. මේ හැම දේකදිම ඔහු සමඟ එකතුවෙන අපූරු යාළුවෙකුත් ඔහුට මුණගැහෙනවා. හැබැයි මේ හැම දේම වෙනස් වෙන්නේ මුහුදු පතුලෙන් ආව යක්ෂයෙක් ඒ අවට සැරිසරනවා කියන පුවතත් එක්කයි. එතනින් එහාට වුණු දේ දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.

Related Articles