Home LifestyleEntertainment ගෙදරදීම හදාගත්ත තෑග්ගක් දීලා පොඩ්ඩව පුදුම කරවමු ද?

ගෙදරදීම හදාගත්ත තෑග්ගක් දීලා පොඩ්ඩව පුදුම කරවමු ද?

by LADY.LK

වෙලාවක් කලාවක් නැතිව තෑගි බෝග ලැබෙනවට කැමති දුවට පුතාට තමන්ගෙ අතින් ම හදාගත්ත දෙයක් දීලා පුදුම කරවන්නත්, සතුටු කරවන්නත් කැමති හපන් අම්මලා වෙනුවෙන් තමයි මේ ලිපිය ලියැවෙන්නේ. ඒ දේට මේ එළැඹෙන ලෝක ළමා දිනය කදිම දවසක් වේවි. මහ ලොකු මහන්සියක්, වියදමක් හෝ වෙලාවක් නොදරා හදාගන්න පුලුවන් මේ දේවල්වලින් ඔයාගේ පොඩ්ඩා සතුටු වෙනවා විතරක් නෙවෙයි; office එකේ වැඩ වලටයි ගෙදර වැඩවලටයි හිරවෙලා, මානසික සහනය අවම වෙලා ඉන්න ඔයාටත් එක්තරා විදියක වෙනසක් සහ අමතක වෙලා ගිය හැකියාවන් මතක් කරගන්න හොඳ අවස්ථාවකුත් උදා වේවී.

Play dough

හරිම ලේසියි. පාන් පිටි වතුරෙන් අනලා අතේ නොඇළෙන ගාණට ආවම තෙල් චුට්ටක් තවරගන්න විතරයි තියෙන්නේ. පාට පාටින් පිටි බෝල ටිකක් හදලා දෙනවනම් පොඩ්ඩා හොඳටම ආසා වෙයි.

Car track

ලොකු cardboard පෙට්ටියක්/ bristle board එකක් අරන් ඒක කැමති හැඩයකට කපා ගන්න. කලු පාට/ දුඹුරු පාට කඩදාසි වලින් පාරවල් අලවාගන්න.  Road signs එහෙමත් අලවාගන්න. ඉඩ තියෙනවා නම් පාරවල් දෙපැත්තේ buildings ටිකක් ගස් ටිකක් දැම්මොත් වඩා හොඳයි. පොඩ්ඩා එයාගේ වාහන ටික තියාගෙන සෑහෙන වෙලාවක් මේ car track එකත් එක්ක සෙල්ලම් කරයි.

Cardboard සෙල්ලම් ගෙයක්

ලොකු Refrigerator හෝ washing machine storage box එකක් අරගෙන පොඩි hut එකක පෙනුම එන විදියට දොර ජනෙල් කපා, වහලයක් හයි කරන්න. ලස්සන රෙදිවලින් හෝ කඩදාසිවලින් සරසාගෙන පොඩිත්තාට භාරදෙන්න.

ආභරණ/ ආභරණ පෙට්ටිය

Felt, පාට කරගත් කුඩා ගල්, බොත්තම්, රෙදි, හැඩැති කුඩා ලී කැබලි, sequence, වර්ණවත් මඤ්ඤොක්කා බට කැබලි (මිලට ගැනීමට ඇත), පබළු වැනි ඕනෑම දෙයක් භාවිතා කරමින් අම්මා හදාදෙන කුඩා ආභරණ වලට පොඩ්ඩා හරිම කැමති වෙයි. මේ හදාගත්ත ආභරණ, ඝනකම cardboard පෙට්ටියක්, egg carton, කුඩා ලී පෙට්ටියක් වැනි දෙයක් පාවිච්චි කරලා හදපු ආභරණ පෙට්ටියකට දාලා දෙනවනම් තවත් වටිනවා.

Superhero sword

ඝනැති cardboard කැබැල්ලක් ගෙන කඩුවක හැඩයක කපාගන්න. ගැළපෙන පැහැයකින් හෝ පොඩ්ඩා කැමති ආකාරයකින් කඩදාසි අලවා හැඩ කරගන්න.

Puppets

cardboard, රෙදි හෝ felt යොදාගනිමින් සතුන්, cartoon පින්තූර හෝ පොඩ්ඩා කැමති ආකාරයට නිර්මාණය කරගත් puppets වලට popsicle sticks සවි කරගන්න.

සංගීත භාණ්ඩ

පැපොල් බටයක් අරගෙන ගසට සවිවන පැත්තෙන් පොඩ්ඩක් කපලා අයින් කරන්න. කොළ ටිකත් ඉවත් කරන්න. Blade එකකින් හෝ ආයා කට්ටකින් ඉහළ සිට පහළට තරමක් දිග කැපුමක් යොදන්න.

ගිටාරයක භැඩයට කපාගත් ඝනකම cardboard කැබැල්ලක මැදින් තරමක රවුමක් කපා ඉවත් කරන්න. ශක්තිමත් rubber පටි කිහිපයක් ගිටාරයේ තත් ආකාරයට සවි කරගන්න.

ටින්, කුඩා භාජන ආදියේ විවරය හොඳින් ආවරණය වෙන පරිදි  balloons වලින් වසා drum එකක් හදාගන්න පුලුවන්. 

Treasure map

කුමක් හෝ දෙයක් නිවසේ තැනක සඟවන්න. එය සෙවීමට අවශ්‍ය ඉඟි පින්තූර, වචන සහ ඊතල ආදිය හරහා සිතියමක් ආකාරයට සටහන් කර ලබාදෙන්න. පොඩ්ඩාගේ වයස අනුව සංකීර්ණ බව අඩු වැඩි කරගන්න පුලුවන්.

Tresure box/ bag

තමන්ගේ වටිනා කියන දේවල් ආරක්ශිත විදියට එකතුකරලා තියාගන්න ලස්සන box එකක් හරි බෑගයක් හරි තියෙනවා නම් පොඩ්ඩා ගොඩක් සතුටු වෙයි. කොළ අලවා සරසපු cardboard පෙට්ටියක් එහෙමත් නැත්තන් pockets කිහිපයක් තියෙන රෙදි බෑගයක් මේ දේට හොඳටම ප්‍රමාණවත්.

Picture puzzles

පත්තරවලින්, magazines වලින් හෝ තමාම ඇඳපු පින්තූර ඝනකම් කාඩදාසිවල අලවා කැබලි කිහිපයකට කපාගන්න. දුවගේ/ පුතාගේ වයස අනුව කැබලි ප්‍රමාණය සහ පින්තූරයේ සංකීර්ණ බව වෙනස් කරගන්න.

Superhero bands

පොඩ්ඩා ආසම superhero logos යොදාගනිමින් මෙවනි අත් පළඳනා හදාගන්න felt රෙදි පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. හොඳින් ඇලවෙන ගම් වර්ගයක් පාවිච්චි කිරීමෙන් හෝ මැසීමෙන් විවිධ කැබලි සවිකරගන්නත්,  අත වටා දෙපසින් යන පටි එකට සවි කිරීමට velcro කැබැල්ලක් යොදාගන්නත් පුලුවන්.

Tool belt

පොඩ්ඩෝ සමහර වෙලාවට තමන් පාවිච්චි කරන විවිධාකාර උපකරණ තමන්ගේ ඇඳුම්වල එල්ලාගෙන යනවා. ඒ වගේ වෙලාවක පාවිච්චි කරන්න කොටස් බෙදා වෙන්කර මැසූ cloth tool belt එකක් තියෙනවා නම් හරිම වටිනවා.

Doll dresses

බෝනික්කො එක්ක සෙල්ලම් කරන්න කැමති පොඩිත්තො මේ තෑග්ගෙන් ගොඩක් සතුටු වෙයි. විවිධාකාර විදියට මසාගත්ත කුඩා ඇඳුම්, hair bands, ආභරණ කීපයක් තෑගි කලොත් දවසම හරි මේ දේවල් එක්ක සෙල්ලම් කර කර ඉඳීවි.

Indoor hopscotch

කොටු පනින්න එහෙමත් නැත්තන් බට්ටා පනින්න මිදුලක් නැති දුවලා පුතාලට ඝනකම් cardboard එකක ඇඳපු සටහනක මේ සෙල්ලම කරන්න පුලුවන්. ටිකක් වෙලාව වැය කරන්න හැකියාව තියෙනවා නම් රෙදිවලින් වුණත් මේක හරිම ලස්සනට හදාගන්න පුලුවන්.

Cardboard boomerang

ඉතාම කුඩා කාලයක් වැය කරලා cardboard වලින් හදාගන්න පුලුවන් බූමරංගයකට පොඩ්ඩා හරිම කැමතිවෙන්න ඉඩ තියෙනවා. නිකන්ම homemade boomerang කියලා search කරලා බැලුවම හරියටම හරියන sketches ඕනි තරම් හොයාගන්න හැකියාව තියෙනවා

Related Articles