Home LifestyleEntertainment කුඩා දරුවන් සමඟ කළ හැකි ක්‍රීඩා

කුඩා දරුවන් සමඟ කළ හැකි ක්‍රීඩා

by LADY.LK

සෑහෙන කාලයක් ගෙදරට ම කොටු වෙලා හිටපු පොඩ්ඩා දැන් නම් වෙනදාට වඩා දඟකාරයෙක් වෙලා කියලා සමහරවිට ඔබට හිතිලා ඇති. කොරෝනා වසංගත කාලය පුරාවටම සෙල්ලම් කරන්න කිසිම යාළු මිත්‍රයෙක් මුණ නොගැසීම ඇතුළු කරුණු ගණනාවක් මීට මුල් වෙන්න පුළුවන්. හැබැයි  අම්මට තාත්තට දවසට පැය බාගයක්වත් වැය කරලා පොඩ්ඩා එක්ක ටිකක් සෙල්ලම් කරන්න පුළුවන්කමක් තියෙනවා නම් මේ ගැටළුව තරමක් දුරට හෝ විසඳාගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. ඉතින් ඒ විදියට තමන්ගේ දුව/ පුතා එක්ක එකතුවෙලා කරන්න පුළුවන් විනෝදජනක ක්‍රීඩා කිහිපයක් තමයි අපි මේ ලිපිය තුළින් අරන් එන්නේ. මේ ක්‍රීඩාවලින් පොඩ්ඩාට විනෝදයක් ලැබීමට අමතරව නොයෙක් හැකියාවන් දියුණු කරගන්නත් පුළුවන්කම ලැබෙනවා.

Ball and cup game

plastic වතුර බෝතලයක්, ping pong බෝලයක්, ඝනකම් නුල් කැබැල්ලක් සහ screw eye hook එකක් මේ සඳහා අවශ්‍ය වෙනවා. plastic බෝතලයේ කට මූඩියෙන් වසා බෝතලයේ යට කොටසින් භාගයක් පමණ කපා ඉවත් කරන්න. Screw eye hook එක ඇතුළු කළ හැකි තරමට ping pong බෝලය සිදුරු කරගෙන hook එක බෝලයට සවිකරගන්න. ඝනකම් නූලේ එක් කොණක් screw eye hook එකටත් අනිත් කොණ බෝතලයටත් සවි කරගන්න. බෝතලයට සවි කරගැනීමේදි නූල බෝතල් මූඩියට තදවෙන පරිදි සවි කරගැනීම වඩා පහසු වෙනවා. බෝතලයෙන් පිටත ඇති බෝලය නූල භාවිතා කරමින් බෝතලය තුළට දැමීම තමයි සෙල්ලම වෙන්නේ. මෙය තනිවම හෝ කිහිප දෙනෙකුට මාරුවෙන් මාරුවට  කරන්න පුළුවන් සෙල්ලමක් විදියට හඳුන්වන්න පුළුවන්.

අත සහ ඇස අතර සමායෝජනය වර්ධනය කරවන ක්‍රීඩාවක්

කාසි කිහිපයක් සහ භාජනයක් පමණයි මෙයට අවශ්‍ය වෙන්නේ. සෙල්ලමට සහභාගි වන එක් අයෙක්ට කාසි 5 බැගින් ලබාදෙනවා. උසින් අඩු මේසයක් උඩින්  භාජනය තබා ඊට තරමක් දුර සිට නිවැරදිව භාජනය ඇතුළට කාසි දැමීම තමයි සෙල්ලම වෙන්නේ. භාජනයට වැඩිපුරම කාසි දැම්ම කෙනා දිනනවා. කාසි පාවිච්චි කරන්න අකමැති නම් marbles, කුඩා ප්ලාස්ටික් බෝල වගේ දෙයක් වුණත් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා.

අකුරු ඉලක්කම් මතක තියාගන්න සෙල්ලමක්

කුඩා ප්‍රමාණයේ cardboard කැබලි කැමති සංඛ්‍යාවක් කපාගන්න. ඉලක්කම්, අකුරු සහ හැඩතල වගේ දේවල් එක බැගින් එක card එකක පැහැදිලිව සටහන් කරගන්න. හැම card එකකටම paper clip එකක් හෝ stapler pin එකක් සවිකරගෙන මේවා භාජනයකට හෝ විශාල විවරයක් සහිත plastic බෝතලයකට දමාගන්න. කුඩා කාන්දම් කැබැල්ලක් ගෙන දිග ඝනකම් නූලකින් එය ගැටගසා ගන්න. කාන්දම සවි කරගත් නූල භාජනය ඇතුළට දමමින් card එක බැගින් ගෙන එය හඳුනාගන්නට පොඩ්ඩාට අවස්ථාව ලබා දෙන්න. 

Simon says

මේ ක්‍රීඩාවේදී එක් අයෙක්, simon says යන වැකියත් සමඟ ලබා දෙන සරල විධානය අනිත් කෙනා විසින් පිළිපැදිය යුතු වෙනවා. උදාහරණයක් විදියට ඔබ “simon says, touch your head” කියන සරල විධානය ලබා දුන්නම පොඩ්ඩා තමන්ගේ හිස ඇල්ලිය යුතුයි. හැබැයි simon says කියන කොටස රහිතව touch your head කියනකොට ඒ දේ කළොත් පොඩ්ඩා පරාද වෙනවා. මාරුවෙන් මාරුවට, නොනවත්වා Simon says කියන කොටස රහිතව සහ සහිතව විධාන ලබාදෙනකොට හොඳින් අවධානය රඳවාගෙන නොහිටියොත් ක්‍රීඩාවෙන් පරාද වෙනවා. 

Treasure Hunt

පොඩ්ඩාට තෑග්ගක් (හෝ කැටයට එකතු කිරීමට ලබාදෙන මුදල) දෙන අවස්ථාවක, ඒ ගැන කුතුහලය සහ උද්‍යෝගය වැඩි කරලා තෑග්ග ලබා දෙන්න කැමති නම් මේ සෙල්ලමෙන් ඒ දේ හොඳටම ඉටුවෙන බව කියන්න පුළුවන්. නිවසේ කොහේ හෝ තැනක තෑග්ග සඟවන්න. පියවරෙන් පියවර ඒ ස්ථානය සොයා ගන්නා ආකාරය කුඩා කඩදාසි කැබැලි කිහිපයක සටහන් කර නිවසේ තැනින් තැන සඟවන්න. පොඩ්ඩාට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් තැනක මුල්ම clue එක සඟවා, එහෙමත් නැත්තන් අතට ලබා දී ඒ ඇසුරෙන් අනිත් ඉඟිත්, අවසානයේ තෑග්ගක් සොයා ගැනීමට අවස්ථාව ලබා දෙන්න. 

Guessing game

Cardboard box එකක් හෝ භාජනයක් ගෙන කිසියම් උපකරණයක් හෝ ක්‍රීඩා භාණ්ඩයක් ඒ තුළට දමන්න. තමන්ට අවශ්‍ය පරිදි ප්‍රශ්න අසමින් භාජනය තුළ ඇති දෙය ගැන අනුමාන කිරීමේ අවස්ථාව පොඩ්ඩාට ලබා දෙන්න. එහෙමත් නැත්තන් ඔබ තමන් අවට තියෙන ඕනෑම දෙයක් ගැන සිතාගෙන, ඒ ගැන ඉඟි සපයමින් ඒ සිතාගත් දේ අනුමාන කිරීමේ අවස්ථාව පොඩ්ඩාට ලබාදෙන්න.

Balance beam

වර්ණ කිහිපයකින් mask tape ගෙන පිරිසිදු කරගත් බිමක ඒවා විවිධ ආකාරයට අලවන්න. (Eg:- straight, curved, zigzag, hills, castle). Tape නැතිනම් වර්ණ කඩදාසි වුවත් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. එකිනෙකට වෙනස් වර්ණ සහ හැඩයන්ගෙන් යුතු tapes මත ඇවිදීමේදී අනුගමනය කළ යුතු rules කිහිපයකුත් නියම කරගන්න. (උදා:- රතු පාට zig zag tape එක මත ඇවිදිනකොට ඉනට අත් දෙක තියාගෙන ඇවිදීම අත්‍යවශ්‍යයි). මේ  රීති නිවැරදිව පිළිපදිමින්, සමබරතාවය රඳවාගෙන, අවසානය තෙක් ගමන් කිරීමෙන් පමණක් ජයග්‍රහණය කරන්න හැකියාව ලැබෙනවා.

Related Articles