Home LifestyleEntertainment ඔයත් හොරර් ෆිල්ම් බලන කෙල්ලෙක්නම් මේ ෆිල්ම් මිස් කරගන්න එපා!

ඔයත් හොරර් ෆිල්ම් බලන කෙල්ලෙක්නම් මේ ෆිල්ම් මිස් කරගන්න එපා!

by LADY.LK

හොරර් ෆිල්ම් කියන්නෙ හැමෝම බලන්න ආසා විදියෙ චිත්‍රපට කැටගරියක් නෙමෙයි. මෙයිනුත් ගෑනු ළමයි බොහෝමයක් හොරර් ෆිල්ම් බලන්න බයයි. හැබැයි අපි මේ කියන්නෙ හොරර් ෆිල්ම් බලන්න ආසා කරන ගෑනු ළමයින්ට මගහැරගන්න එක අපරාදයක් වෙන චිත්‍රපට කීපයක්. මේ හොරර් ෆිල්ම් ටික ඇත්තටම නියම බය හිතෙන ෆිල්ම් ටිකක් නිසා අපි වැඩිපුර කතා නොකර ෆිල්ම් ටික ගැන විස්තර කියන්නම්.

The Cabin in the Woods

මේ ෆිල්ම් එක කරන දෙන්නා යාළුවො දෙන්නෙක්. ලියන්නෙ ඒ දෙන්නා. ප්‍රඩියුස් කරන්නෙ එක්කෙනෙක්. ඩිරෙක්ට් කරන්නෙ අනිත් එක්කෙනා. මේක මේ දෙන්නගෙ පළවෙනි  හොරර් ෆිල්ම් එක නෙමෙයි. ඒ දෙන්නා නිසාම මේක සාර්ථක නිර්මාණයක් කියල තීරණය කරපු අයත් ඉන්නවා. යෞවනයේ සුප්‍රකට නළුවෙක් වුනු ක්‍රිස් හෙම්ස්වර්ත් සමගින් ක්‍රිස් කොනොලි රඟන මේ චිත්‍රපටය ඉස්කෝලෙක යාළුවො පස් දෙනෙක් සහ ඒ අයගෙ පාලනය අතට ගන්න විද්‍යාගාරයක වැඩ කරන දෙන්නෙක් අතරෙ සිද්ධ වෙන කතාවක්. මේක බොහොම ආකර්ෂණීය හොරර් ෆිල්ම් එකක් කියල කියන්න පුළුවන්.

The Invitation

විවාහ වෙලා දික්කසාදයකින් කෙළවර වුනාට පස්සෙ තමුන්ගෙ හිටපු බිරිඳ තමුන්ට රෑ කෑමක​ට ආරාධනා කරනවා. ඒ ආරාධනය ඔහුට ලැබෙන්නෙ වර්තමාන පෙම්වතියත් සමගින් සහභාගි වෙන ලෙසට. නමුත් මේ ආරාධනය යට පෙර බිරිඳගේ යටි අරමුණු තිබුණු බව ඔහු දන්නේ නෑ. මේ කතාව දිව යන්නේ එතැන් සිටයි. මේ චිත්‍රපටය අඩු වියදමක් දරා නිපදවූවක් වගේම වියදම් කළ මුදලවත් උපයන්නට සමත් වුනේ නැහැ. නමුත් මෙය හොරර් ෆිල්ම් එකක සාමාන්‍යයෙන් දකින්නට නැති එක පෙළට සැදුණු කතාවක් සහිත නිසාම මෙය තරුණියන් අතර බොහෝ ජනප්‍රිය වුණා.

Final Destination 5

සුප්‍රකට Final Destination චිත්‍රපට මාළාවේ අන්තිම චිත්‍රපටය තමයි මේ. චිත්‍රපටයේ විශේෂත්වය වෙන්නෙ මේක Final Destination පළමු චිත්‍රපටයට ප්‍රීක්වල් එකක් විදියටයි නිර්මාණය වෙන්නෙ. ඒ කියන්නෙ මේ චිත්‍රපටය පළමු චිත්‍රපටයට පෙර කාලය ගැන කියැවෙන්නක්. මේ නිසාම මේ චිත්‍රපටයට වැඩි අවධානයක් යොමු වුණා. ඒ වගේම මේ චිත්‍රපටයේ චරිත වෙත දක්වා ඇති අවධානය සහ පෙර චිත්‍රපටයට වඩා තාක්ෂණය උපයෝගී කරගෙන ඇති නිසාම ඒ අවධානය වැඩි වුනා. වියදම් කළ මුදල මෙන් තුන් ගුණයක් පමණ උපයා ආදායම් වාර්තා තබන්නටත් මෙම චිත්‍රපටයට හැකි වුණා.

The Stepfather

1987 වසරෙදි මේ නමින්ම නිකුත් වුණු ත්‍රිලර් චිත්‍රපටයේ රී මේක් එකක් විදියට නිමැවුණු මේ චිත්‍රපටයට පාදක වෙන්නෙ ඩොනල්ඩ් වෙස්ට්ලේක් මේ නමින්ම ලියපු පොත. මනුස්සයෙක් ලෑස්ති වෙලා ගෙදරින් එළියට යද්දි, කැමරාවට පේන්නෙ ඒ මනුස්සයාගේ බිරිඳ සහ දරුවන් මැරී වැටී සිටින ආකාරය. මේ විදියෙ සිදුවීමක් ඒ අසළම මින් පෙරාතුවත් සිදුවුණු නිසා, දාම ඝාතකයෙක් නිදැල්ලේ සිටින බවට කතාවක් පැතිරෙනවා. මේ කතාව ගොඩනැගෙන්නෙ අසාමාන්‍ය අයුරකින් වුවත් එය ඉදිරියට ගලා යන්නෙ සුපුරුදු හොරර් ෆිල්ම් එකක විදියටමයි. නමුත් එහි අවසානයත් තරමක් වෙනස් කියලා අපිට කියන්න පුළුවන්.

Get Out

මේක තමයි මේ ලැයිස්තුවට එකතුවුණු එතරම් හොඳම හොරර් චිත්‍රපටය. මෙය වියදම් කළ මුදලට වඩා සිය ගුණයකින් පමණ ආදායම් ඉපයූ චිත්‍රපටයක්. හොඳම තිර රචනයට ඔස්කා සම්මානය වගේම ගෝල්ඩන් ග්ලෝබ් සම්මානත් දිනූ මේ චිත්‍රපටය වෙනස් විදියේ කදිම කතාවකින් යුක්තයි. කළු ජාතික තරුණයෙක් සුදු ජාතික තරුණියක හා විවාහ වීමට සැරසෙනවා. මේ කතාවේ අප පවසන්නේ එතෙක් වනතුරු පමණයි. මෙය ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයක්. 

Related Articles