Home LifestyleEntertainment Injection ගහලා සුදු වෙන්න හීන දකින කෙල්ලෝ මේ ලිපිය නොවරදවාම කියවන්න

Injection ගහලා සුදු වෙන්න හීන දකින කෙල්ලෝ මේ ලිපිය නොවරදවාම කියවන්න

by LADY.LK

අද කාලේ ගොඩක් තරුණියෝ සුදු වෙන්න  ගන්නේ පුදුමාකාර උත්සාහයක්. ඒ වෙනුවෙන් නොකරනා දෙයක් නැති තරමි.  වෙළඳපොළේ පවතින නානාප්‍රකාර ආලේපනයන්ට රැවටී තිබුණු පෙනුමත් නැති කර ගත්ත තරුණියන් ඕනෑ තරම් ඉන්නවා. ඇත්තටම සුද වෙන්න තියෙන්නේ පිස්සුවක්. ශරීරයට නොයෙකුත් දියර එන්නත් කර ගැනීම, රාසයනික ප්‍රතිකාර, ලේසර් ප්‍රතිකාර මෙන්ම නොයෙකුත් පෙති වර්ග බීමෙන් සම සුදු කර ගන්න උත්සාහ කරන අය බොහෝමයි.

“අනේ මටත් අර නිළිය වගේ වෙන්න තිබුණානම්” මේක තමයි හැමෝම කියන කතාව

මෙලෙස සම පැහැපත් කරවන ආලේපන සහ එන්නත් මගින් මෙලනින් නිෂ්පාදනය අවම කරවනවා. මේ නිසා  ශරීරයේ ස්වභාවික ක්‍රියාවලින්ට බාධාවන් සිදු වෙනවා. එමෙන්ම රසායනික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන මඟින් සමෙහි ඉහළම ස්ථරය ඉවත් කිරීම මඟින් අහිතකර සූර්ය කිරණ සහ පරිසරයේ ඇති නොයෙකුත් අපද්‍රව්‍යවලට සම නිරාවරණයකිරීම සිදු කරනවා. සමේ වර්ණක බිඳෙන ලේසර් ප්‍රතිකාර සහ එන්නත් කිරීම් ද බොහෝවිට හානිදායි ප්‍රතිඵල ගෙන දෙන අවස්ථා බොහෝමයි.

මේ වනවිට එන්නත් කීරීම මගින් සම සුදු කර ගැනීමට බොහෝ තරුණියන් පෙළඹිලා ඉන්නවා. මෙම එන්නත් දියරවල රසායන ද්‍රව්‍ය විශාල  ප්‍රමාණයක් අඩංගු වෙනවා , ඇතැම් ඒවා නොයෙකුත් ස්ටෙරොයිඩ් වර්ග සහ ලෝහමය ද්‍රව්‍යයක් වන රසදිය අධි මාත්‍රාවක් අන්තර්ගතවන බවටත් වෛද්‍යවරු පෙන්වා දී තිබෙනවා. එහිදී ඔවුන් පෙන්වා දෙන පරිදි රසදිය සමට අවශෝෂණය වීමෙන් නිසැකවම සම පැහැපත්වන බවත් . නමුත් එය  දීර්ඝ කාලීන භාවිතය තුළින් වකුගඩු රෝග, ස්නායු රෝග, මානසික ආතතිය, අතපය වෙව්ලීම, නොයෙකුත් ආසාදන තත්වයන් සහ ගර්භණී මවක් නම් දරුවාගේ වර්ධනයට පවා බලපෑම් එල්ල විය හැකි බව ඔවුන් පවසනවා.

 

ස්ටෙරොයිඩ් සහ ග්ලුටතයොන් (Glutathione)

ස්ටෙරොයිඩ් සහ ග්ලුටතයොන් (Glutathione) ක්‍රීම් සහ පෙති වර්ග වෙනත් රෝග සඳහා ප්‍රතිකාර ක්‍රම ලෙස භාවිත කළ ද, ඒ කිසිවක් සමේ පැහැය හෝ ශරීරාංග වෙනස් කර ගැනීම සඳහා සුදුසුදැයි පරීක්ෂණ මගින් තහවුරු වී නොමැති බව වෛද්‍යවරුන් සනාථ කරනවා. එමෙන්ම වෛද්‍යවරුන් පවසන පරිදි සුදු වෙන්න කරන භයානකම දේ තමයි ග්ලුටතයොන් එන්නත් ලබා ගැනීම.

ඉතිං මෙවැනි භයානක ක්‍රම ඔස්සේ ඔබත් සුදු වෙන්න සිහින දකිනවනම් ඒ ගැනත් දෙවතාවක් නොව සිය දහස් වාරයක් හෝ හිතන්න. ඔබගේ සම පිළිබඳව හෝ සමේ වර්ණය පිළිබදව යම් ගැටළුකාරී තත්වයක් නිසා ඔබ පීඩා විඳින්නේ නම් චර්ම රෝග සම්බන්ධව කටයුතු කරන වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය වෛද්‍ය ප්‍රතාකාර ලබා ගන්න කියලත් අපි මතක් කර සිටිනවා.

 

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about  whitening injections  .You can read the article and put your feedback on it.

Related Articles