Home LifestyleTravel ලොවම වසගයට ගත් “ලිප්ටන් සීට්”

ලොවම වසගයට ගත් “ලිප්ටන් සීට්”

by LADY.LK

ලිප්ටන් සීට් වගේම “ලිප්ටන් තේ” නාමයත් ලොව පුරා ඉතාමත් ප්‍රචලිතයි. ලංකාවේ තේ ලෝකය හදුනන්නේ ‘ලිප්ටන් තේ’ කියලා. එවගේම තමයි ලෝකයේ රසම තේ විදිහට එදා එංගලන්තයේ බොහෝ දෙනෙක් සැලකුවේ ලිප්ටන් ගේ තේ වත්තේ තේ කොලයි.  ලිප්ටන් ගේ තේ වත්ත තියෙන්නේ හපුතලේ දඹේතැන්න – බණ්ඩාරවෙල පූනාගල අතර කදු මුදුනේ. මෙහි පවතින ස්වභාවික සුන්දරත්වය නිසා වගේම එහි පවතින සුවිශේෂී වටිනාකම් නිසා දෙස් විදෙස් සංදාරකයන් විශාල ප්‍රමාණයක් මෙහි පැමිණෙනවා.

ඉතිං අද අපි ඔබට කියන්න යන්නේ ලිප්ටන්ගේ තේ වත්තේ පිහිටා තිබෙන “ලිප්ටන් සිට්” ගැනයි.ලිප්ටන් සීට් යන්න පාරවල් දෙකක් තියෙනවා.  . එකක් හපුතලේ සිට දඹේතැන්න හරහා වැටී තිබෙන සුවිසල් කඳවැටි අතරින් දිවෙන මාර්ගය. මෙම මාර්ගයේ ගමන් ගන්නා ඔබට මීදුමෙන් වැසී ගිය මනරම් වටපිටාවක් දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. අනෙක් මාර්ගය තමයි බණ්ඩාරවෙල පූනාගල පාරේ නායබැද්ද වත්ත මැදින් වැටී තිබෙන කිලෝ මීටර 6 ක් දුර පාර.

ලිප්ටන් සීට් කියන්නේ සුන්දර කඳු නිම්න තුනක් එකිනෙක හමුවන පටු කඳු මුදුනක්. තෝමස් ලිප්ටන් දඹේතැන්න වත්ත මිලදී ගෙන එහි සුන්දරත්වය විදිමින් ගත කළ ස්ථානයට මෙතැන යැයි බොහෝ දෙනා විශ්වාස කරනවා. එමෙන්ම ලිප්ටන් සවසට මෙතතනට ඇවිත් තමන්ගේ වත්තේ නව යොවුන් තරුණියන් සමග විනෝද වූ බවත් කි‍යවෙනවා.යුරෝපය පුරා ලිප්ටන් තේ නාමය ගැන කතාබහ කරද්දී මේ අපූර සිථානය ගැන ලියන්නත් ඔවුන් අමතක කර තිබුණේ නැහැ.

දඹතැන්න වතුයාය අක්කර 925 ක් වෙනවා. මෙහි සිට අංශක 360 කෝණයකින් අවට පරිසරයේ සුන්දරත්වය විද ගන්න පුළුවන්.

මෙහි සිට ඌව , සබරගමුව, දකුණ, නැගෙනහිර, සහ මධ්‍යම පළාත් එක වර දැක බලා ගන්න පුළුවන්. හැබැයි ඒ වාසනාව උදා වෙන්නේ  මීදුම අඩු දවසක  ලිප්ටන් සීට් ගියොත් තමයි.

ඔබටත් ලිප්ටන් සීට් යන්න  අදහසක් තියෙනවනම් සීත කබායක් අරගෙන යන්න අමතක කරන්න එපා.

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about  lipton seat  .You can read the article and put your feedback on it.

Related Articles