Home LifestyleLove & Relationships ආදරය උපයන්න ආදරයම ආයෝජනය කරන්න

ආදරය උපයන්න ආදරයම ආයෝජනය කරන්න

by LADY.LK

“උදේට ඇහැරෙද්දී, රෑට නින්දයද්දී මුලින්ම මතක් වෙන කෙනෙක් ඉන්නවනම් ඒ තමයි ඔබ ඇත්තටම ආදරය කරන කෙනා” මේ කතාව බොහෝ දෙනා දන්න  ඉතාමත් ජනප්‍රිය කතාවක්. ඇත්තටම ආදරේ කියන්නේ ඒ බොළඳකමට නම් ආදරවන්තයන් බොරුවට හරි බොළඳවෙන එක ආදරේ එක විදිහක් වෙන්න ඇති. ආදරය කරන්න පටන් ගත්ත දවසේ ඉදන් අපවන් ප්‍රේමවන්තයෝ මේ මිහිපිට තවත් නැතැයි සිතා අනුපමේය බොළදකම් පිරි ආදරයක් එක්ක ඔට්ටු වෙන ආදරවන්තයෝ නැතුවාම නෙමෙයි.

ආදරවන්තියට, ආදරවන්තායට බොරුවක් වංචාවක් නොකළත් ගෙදරට සහ යහළුවන්ට බොරු කෝටියක් මවා දී  පෙම් මුල්ලේ තනි වෙන්නට ගිය අවස්ථා ඔයාගේ ජීවිතේත් ඕනෑ තරම් ඇති.

ලොව ඇති ගැඹුරුම හුස්ම ඔහුගේය, ලොව ඇති සුන්දරම ස්ථානය ඔහුගේ උරහිසය. ඒ උරයට හිස තියා ගැඹුරු හසුමක් ගන්න හීනෙනුත් හීන දකින කෙල්ලෝ ඕනෑ තරම් ඉන්නවා. වැඩි දෙයක් ඕන නෑ ඔය අතේ  එයාට වඩා වැඩි වෙලාවක්  ඉල්ලිලි ඉන්න ඔරලෝසුව එක්කත් ඇය ඉන්නේ ඉරිසියාවෙන්. කෙල්ලොන්ගේ ආදරේ හැටි එහෙමයි. ඒ තරමටම බොළඳයි. පිරිමි කියලත් වෙනසක් නැහැ ඒ බොළඳකම එහෙම්මමයි.

ඇත්තටම ආදරය කියන්නේ බොළදකමක් වගේම ලොකු අභියෝගයක් .අපි ආදරය කරන්න පටන් ගත්ත දවසේ ඉදලා ඒ ආදරේ වෙනුවෙන් විවිධාකර කැප කිරීම් කරනවා. එහෙම කරලා ලබා ගත්ත ආදරේ පපුවට දැනෙන්නේ මේ ලෝක තියෙන වටිනාම වස්තුව විදිහටයි. මහා දැණුම් සම්භාරයක් තියෙන  මහා ප්‍රාඥයෙකු වුවත් මේ අහංකාර ආදරේ ළඟ බොහෝ සෙයින් බොළඳ වෙනවා.  ඒක හරිම ස්වාභාවිකයි.

හැබැයි අපි ආදරේ ළඟ කොච්චර බොළඳ වුණත් ආදරේ කියන්නෙත් ඉබේ ලැබෙන දෙයක් නෙමෙයි. ගැහැණියකට ජීවිතේ  උපයා ගන්න ආමාරුම දෙයක් තියෙනවනම්, ඒ තමයි තමන්ගේ සිතුවිලිවලට පෙම් බඳින පිරිමියෙකුගේ ආදරය.ඒක පිරිමි පාර්ශවයටත් එසේමයි.

කොහොම වුණත් ආදරය උපයා ගන්න එකත් ලේසි පහසු නැහැ. ආදරය උපයා ගන්න ඕන නම් ඔබට කළ හැකි හොදම ආයෝජනයත් ආදරය කිරීමයි. ඔබේ ආදරයෙන් ඔහුට හෝ ඇයට ඇතිවන ආදරය, ගෞරවය, විශ්වාසය, කරුණාව, තුළින් ඔබේ ආදරය තව තවත් දළු ලා වැඩේවී.

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about love .You can read the article and put your feedback on it.

Related Articles