Home FoodRecipes ලිස්සලා යන්න කන්න හදමු බණ්ඩක්කා ව්‍යංජනය

ලිස්සලා යන්න කන්න හදමු බණ්ඩක්කා ව්‍යංජනය

by LADY.LK

බණ්ඩා බොහොම ගුණ කෑමක් වුණත් බොහෝ දෙනක් බණ්ඩක්කා ආහාරයට ගන්න වැඩි කැමැත්තක් නැහැ.  බණ්ඩක්කාවල තියෙන සෙවල ගතිය නිසා ගොඩක් අය  බණ්ඩක්කා කන්නේ නැහැ. ඒ අද අපි  මේ කියන විදිහට හැදුවොත් බණ්ඩක්කා කාපු නොකාපු හැමෝම බන්ඩක් කන්න පටන් ගනියි.

අවශ්‍ය කරන ද්‍රව්‍ය සහ සාදා ගන්න ආකාරය පහතින්…

බණ්ඩක්කා ග්‍රෑම් 250

මිරිස් කුඩු තේ හැඳි 01

තුනපහ කුඩු තේ හැඳි 1/2

කහ කුඩු තේ හැඳි 1/4

රතුලූනු ගෙඩි කිහිපයක්

අමු මිරිස් කරල් 02

කරපිංචා

උළුහාල් තේ හැඳි 1/2

උම්බලකඩ කුඩු තේ හැඳි 01

පොල්කිරි අවශ්‍ය පමණට

ලුණු ස්වල්පයක්

තෙම්පරාදුවට සෑහෙන තෙල් ස්වල්පයක්

 

සෝදා අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න. පොල්කිරි හැර අනෙක් සියලුම ද්‍රව්‍ය බණ්ඩක්කා කැබැලිවලට දමා හොඳින් අනන්න. බඳුනක් ළිප තබා තෙල් ටිකක් දමා රත්වෙන්නට හරින්න. රත්වූ විට බණ්ඩක්කා මිශ්‍රණය දමන්න. මඳ වේලාවක් කලවම් කරමින් බැදෙන්න හරින්න. හොඳින් බැදී තෙල් සිඳීගෙන එනවිට පොල්කිරි ටික දමා මඳ ගින්දරින් උයාගන්න. දෙහි ඇඹුල් ටිකක් මිශ්‍ර කරන්න.

 

Related Articles