Home Health & WellnessPhysical Wellbeing කොලෙස්ටරෝල් හා බැඳුනු කරුණු 02

කොලෙස්ටරෝල් හා බැඳුනු කරුණු 02

by LADY.LK

අපි කලින් ලිපියකින් කතා කරා කොලෙස්ටරෝල් ගැන වගේම, ඒකෙ තියෙන වැදගත්කම ගැනත්. ඒවගේම කොලස්ටරෝල් වර්ග 2ක් තියෙන බවත් ඒ අනුව එක් වර්ගයක් අහිතකර බවත් ඒනිසාම විවිධ ලෙඩ රෝග පවා හැදෙන්න කොලෙස්ටරෝල් තැන්පත් වීම හේතු වෙන්න ඉඩ තියෙන බවත් අපි දැනගත්ත.

රුධිරයේ තියෙන කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වෙන්න පුලුවන්  ජානමය හේතු අනුවත්. ඒවගේම ආහාරත් බලපානවා. ජානමය හේතු නිසා කියනකොට  පවුලේ තවත් අයටත් මේ තත්වය පවතින්න පුලුවනි. තව දෙයක් තමයි අද බොහෝ අය කනවා ක්ෂණික ආහාර වර්ග. ක්ෂණික ආහාර නිසා ඇතිවන කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉතාම වැඩියි. නිතරම ක්ෂණික ආහාර භාවිතය ගැනත් සැලකිලිමත් වෙන්න.

රුධිරයේ තියෙන කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කර ගන්න කල යුතු හොදම දෙයක් තමයි ව්‍යායාම වල හරියට යෙදීම. ව්‍යායාම තුලින් අපිට පුලුවන් වෙනවා අනවශ්‍ය කොලෙස්ටරෝල් දහනය කරගන්නට.  කලින් කිව්ව වගේ ක්ෂණික ආහාර වගේම තෙල් සහිත ආහාර වලින් වැළකීමත් මෙතනදි වැදගත්.  වැඩියෙන් සත්ත්ව ආහාර වල තියෙන තෙල් ප්‍රමාණය ඉහළයි. කුකුල් මස් ඔබ කනවා නම් හම ඉවත් කර ගැනීම වැදගත්. විශේෂයෙන් කොලස්ටරෝල් අවදානම තියෙනව.  ඌරු මස් හා හරක් මස් වල තෙල් ප්‍රමාණය ගොඩක් ඉහලයි. ඒවා නොකා ඉන්න පුලුවන් නම් ඒකත් හොදයි. ඉස්සන්, කකුළුවන් වගේ ආහාර වලත් ඉහල කොලස්ටරෝල් අන්තර්ගත වෙනවා. බටර්, චීස් වැනි ආහාරත් කිරි, මී කිරි, යෝගට් වගේ  ආහාරත් අවශ්‍ය ප්‍රමාණයට වඩා කනව නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න.  ක්ෂණික ආහාර වෙන රෝල්ස්, පැටිස්, කට්ලට් වැනි ආහාර වල තෙල් වැඩි වශයෙන් තියෙනවා. හැකි තරම් ස්වභාවික පලතුරු, එළවළු ආහාරයට ගන්නට උත්සහ ගන්න.
ඒව අඩු කරන්නට උත්සහ ගන්න. ඔබගේ රුධිරයේ අඩංගු කොලස්ටරෝල් ප්‍රමාණය වැඩි වෙලා නම් නිසි සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක් මුණගැහෙන්න ඒ දෙන වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ ගන්න.

ඊළග ලිපියකින් කොලස්ටරෝල් අවදානම අඩු කරන කෑම වර්ග ගැන කතා කරමු.

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about some facts helps to stay away from cholesterol on your body . You can read the article and put your feedback on it. not only food that you take increase the level of cholesterol on you r blood but also some genetic facts also increase it.

Related Articles