Home LifestyleTravel දියළුමේ මුල සොයා පූනාගල ඔයට යමු

දියළුමේ මුල සොයා පූනාගල ඔයට යමු

by LADY.LK

දියළුම දිය ඇල්ල කියනනේ ලංකාවේ තියෙන ඉතාමත් සුන්දර දිය ඇළිවලින් එකක්. ඒවගේම තමයි ලංකාවේ උසින් වැඩිම දිය ඇළි අතරින්  තුන්වන ස්ථානයේ පවතින්නෙත් දියළුම ඇල්ල.සුන්දර පුනාගල එයෙන් නිර්මාණය වෙන දියලුම ඇල්ල දෙස් විදෙස් සංචාරකයන් අතර ඉතාමත් ජනප්‍රියයි. ඉතිං අද අපි කියන්නක යන්නේ හැමෝම බලලා එන දියළුම දිය ඇල්ල ගැන විතරක්ම නෙමෙයි. දියලුම ඇල්ල වැටෙන තැනට නැත්තං ඇල්ල පටං ගන්න තැනට යන්නේ කෙහොමද කියන එක ගැනයි.

කොළඹ-බදුල්ල මහාමාර්ගයෙහි කොස්ලන්ද ග්‍රාමයට කිලෝ මීටර 6 ක් පමණ දුරින් මෙම දියලුම ඇල්ල පිහිටලා තියෙන්නේ මේ නිසා දියලුම ඇල්ලේ මුදුන නැරඹීම සඳහා පළමුව යා යුත්තේ කොස්‌ලන්දටය. දියලුම මුදුනත පිහිටා ඇත්තේ කොස්‌ලන්ද සිට පූනාගල හරහා බණ්‌ඩාරවෙල දක්‌වා වැටී ඇති පටු හා දුෂ්කර මාර්ගයක්‌ ඔස්‌සේය.

මේ අපූරු ගමන යන්න ඔබටත් ආසාවක් ඇති වණොත් අවම උදේ 10ටවත් මේ ගමන යන්න පිටත් වෙනන් ඕන. මේ සිථානයට යන්න නවාතැන් ගන්නවනම් ඒ සඳහා තියෙනේ එකම තැනයි. ඒක පිහිටලා තියෙන්නේ කොස්ලන්දේ . ඉතිං මෙතන ඉදන් තමන්ගේම වාහනයකින් , නැති නම් බස් රථයකට ගොඩ වෙලා කාලෝ මීටර්  41/2 ක්‌ වැනි කෙටි දුර ප්‍රමාණයක්‌ ගෙවා මෙම ස්‌ථානයට පහසුවෙන්ම ළඟා  වෙන්න පුළුවන්.

එම කි. මී. 41/2 පමණ යන විට දියලුම ආරම්භ වන පුනා ඔය අප යන මාවත හරහා යන ස්‌ථානයේ පටු පාලම ඔබට හමු වේවී. ඉදිරියට තවත් කිලෝ මීටර්. 250 පමණ යන විට දකුණට හැරෙන්න තියෙන මගෙන් තමයි ඔබ ගමන් කරන්න ඕන.  කන්දේ වම්පස බෑවුමෙන් ලගමන් කළොත් මද දුරක් යනවිට ඔබට තැනිතලා බිමක් හමු  වෙනවා.  එතනින් ඔබ යන මග මාවත් දෙකකට බෙදෙනවා. ඉන් එකක් පූනාගල ඔයටත් අනෙක් කන්සේ දකුණු පස බෑවුටත් වැටෙනවා.

කන්දේ එක් බෑවුමකින් /ගමන් කරන විට පූනා ඔය වරෙක සුන්දර දිය පොකුණක්‌ තවත් විටෙක නිවී සැනසිල්ලේ ගලායන සුන්දර ජල දහරක්‌ තවත් විටෙක නොගැඹුරු වක්‌කලම් පසු කරමින් ලතාවකට ඇදී යන දිය පාරක්‌ ආදි වශයෙන් විවිධ මුහුණුවරින් ඉහළ දියලුම ඇල්ල කරා පිවිසෙන සැටි එකම සිතුවමක්‌ ලෙස පෙනන අයුරු ඔබට සියැසින්ම විද ගන්න පුළුවන්.

පූනා ඔයේ ඉහළින්ම පිහිටි පොකුණට ගියොත් ඔබට සිත් සේ නා ගන්න පුළුවන්. ඉතිං ඔබත් යම් දිනක මෙහි යෑමට දහස්  අඩුම වශයෙන් මෙම ස්‌ථානයේ ඔබ උදය 10.00 වන විටවත් සිටියොත් එය  බොහෝ සෙයන් වටිනවා. එය ඔබේ ආරක්ෂාවට වගේම මේ සුන්දරත්වය විද ගන්න හොඳම වෙලාව තමයි මේක.

නමුත් එහි රැගෙන යන ආහාරපානවල දවටන වගේම ඔබේ කැළි කසලත රැගෙන එහි යන ඔබේ පාසටහන් පමණත් ඉතිරි කර එන්න ඔබ අමතක කරන්න එපා.

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about  diyaluma water fall .You can read the article and put your feedback on it.

Related Articles