Home FoodRecipes කෝමාරිකා ව්‍යංජනය

කෝමාරිකා ව්‍යංජනය

by LADY.LK

කෝමාරිකා ව්‍යාංජනය ගැන මීට කලින් කවුරුත් අහලා නැතුව ඇති.  ඔන්න රසවත් කෝමාරිකා ව්‍යංජනයක් හදන විදිහ ගැන තමයි අපි කියන්න යන්නේ.

අවශ්‍ය ද්‍රව්‍ය :-

හොඳින් පිරුණු කෝමරිකා පත්‍ර 3-4ක්

රතුලූනු අහුරක්

තුනපහ කුඩු තේ හැඳි 1/2

ලුණු රසට අනුව

මිටිකිරි අඬු කෝප්ප 2

කහ කුඩු ස්වල්පයක්

රම්පේ කැබැල්ලක්

සාදන ආකාරය :-

කෝමාරිකා පිති කපා කුඩා බඳුනක සිරස්ව පැය කීපයක් තබන්න. එවිට තිත්ත ගතියට හේතුවන මැලියම් වැනි කහපාට උකු දියරයක් ගලා ගෙන යාවි. ඒවා සෝදා හැර එහි කොළපාට පිට ආවරණය සෙමින් ගලවා, මැද තිබෙන වීදුරු වැනි ජෙල් ටික කැබැලි කර ගන්න. දැන් මැටි ඇතිලියක් ගෙන එයට සිහින්ව කපාගත් රතු ලූනු, ලුණු, කහ, තුනපහ, රම්පේ, මිටිකිරි දමා ළිප තබන්න. හැඳි ගාමින් උතුරවා ගන්න. දැන් කෝමාරික මද කැබැලි දමා මිශ්‍රකර, සිදුවා කෑමට ගන්න.

Related Articles