Home LifestyleEntertainment සොඳුරු ගැහැණියක් වෙමු

සොඳුරු ගැහැණියක් වෙමු

by LADY.LK

ඕපාදුප සහ කේලාම් වලට තිත තබන්න  කාන්තාවන්ට ඉතා හුරු පුරුදු මේ වචන නිසා අපේ ජීවිත කොයි තරම් දුකට , කනස්සල්ලට පත්වී ඇත්ද?මොන තරම් අපගේ වටිනා කාලයක් අනුන්ගේ දේවල් ඇසීමට , අනුන්ගේ දේවල් කියවීමට නාස්ති වී ඇත්ද?ඔබට අනුන් ගැන කතා කිරීමට ඇත්තේ වරදක් අඩුපාඩුවක් නම් කට වසාගෙනම  සිටින්න. 
හැමෝටම අවේනික වූ ජීවිත කතා සහ ජීවිත රටා ඇත, මා කන්න කැමති බත් සමග පරිප්පු  වූ කල අනෙකුත් සියල්ලන්ද බත් සහ පරිප්පු කෑ යුතු යයි නියමයක්  නැත, ඔවුන්ට සොසේජස්  කෑමට සහ  ඕනෙනම් බඩගින්නේ සිටීමටද  අයිතියක්  ඇත , තමාගේ වැඩ පාඩු කරගනිමින් , අනුන්ගේ දේවල් කතා කිරීම, අනුන්ගේ අයහපත පාර්ථනා කිරීම ,අනුන් වෙනුවෙන් කල්ලි ගැසී ගිනිගෙඩි  දීම නවතා දමන්න.එම කාලය තමාගේ යහපත උදෙසා යොදවන්න.පෙරදා රාත්‍රියේ ඇඳි ඇඳුම පිටින්ම උදේ ඉඳන්පැය  ගණන් අනුන්ගේ ජීවිත වලට එබෙමින් නොසිට , වැඩක් ඇත්තෙම නැත්තම් ගසක්  පැලයක් හෝ  සිටුවන්න,එය හෙට දවසේ ඔබේ දරුවන්ට හෝ ප්‍රයෝජනයක් වේවි.
තෘප්තිමත් වන්න 
මනුෂ්‍යයින්  තෘප්තිමත්කි කිරීම ලේසි නැත. ගැහැනුන් තෘප්තිමත් කිරීම හෝ වීම කොහොමටත් ලේසි නැත.ජීවිතයේ අපිට අවශ්‍ය සියල්ල ලැබෙන්නේ නැත, ලැබුනද සියල්ල සදාකල් පවතින්නේ නැත.මේ ටික ලැබුනට මදි.මට ඕන ඔක්කොම ලැබුන දවසට නිවී සැනසිල්ලේ සතුටු වෙන්න , කියූ බොහොමයක් මිනිසුන් පොලවට පස් වුනේ ඔවුන්වත් නොසිතු මොහොතකදීය.අද ඔබ තුල ඇති දේ පිලිබඳ තෘප්තිමත් වන්න. හැකි අයුරින් ජීවිතය විඳින්න.තරු පහේ හෝටලයක සොපාවක් උඩ තමාට අහිමි වුනු ව්‍යාපෘතියක්‌ නීසා පීඩනයකින් සිටින මහා ධන කුවෙරක්ට වඩා  ගහකින් කුරුම්බා ගෙඩියක් කඩාගෙන බී පැල්කොටේ දරුවන් සමග සෙල්ලම් කරන පියෙකු ජීවිතයේ රස යහමින් විඳියි.සෙරප්පු දෙකක් නැතිව ඔබ ඉන්නේ කනස්සල්ලෙන් නම් දෙපා යුගල නැති මිනිසෙකු සිහිකර  ගන්න.
අනෙකාගේ සැප සහ සතුට දැක හූල්ලන හෝ සියල්ල ලැබුන පසු සතුටු වී තෘප්තිමත් වීමට PLAN ගසන අසන්තෘප්ත ගති අත හරින්න.ලද දෙයින් සතුටුවන්න.හුරු වූ පසු එය ඉතා මිහිරි සහ සුන්දර වන අතර ඇබ්බැහි වූ පසු ඔබ ලඟ  මෙතරම් සතුටු විය හැකි දේවල් තිබුණා  දැයි ඔබට සිතේවි.
  කොපි නොකරන්න 
බොහෝ කාන්තාවන්ට වැරදෙන තැනකි.මදුරි ඩික්සිත් ට කොළ පාට ලස්සන වූවට ඔබට  ලස්සන නිල්පාට විය හැකිය.අල්ලපු ගෙදර කාන්තාව කන්නේ හැන්දෙන් කියා ඔබ හැන්දෙන්  කෑ යුතු නැත.ඔබගේ මිතුරියගේ දියණිය SWIMMING CLASS ගිය නිසාවෙන්ම ඔබේ දරුවා පිහිනීමට දක්ෂයෙකු කල යුතු නැත.අල්ලපු ගෙදර ස්වාමියා බිරිඳට සලකන ආකාරයටම ඔබේ සැමියා ඔබට සැලකිය යුතු යයි නීතියක් නැත.පාසල් අවදියේදී හදිස්සියට කොපි කරපු විදිහ  මතක් වී තවමත්  අනුන්ගෙන් කොපි කරන්නට යාමට ඔබට සිතෙන්නේ නම් එම සිතුවිලි අමතක කර දමන්න. මන්ද , පාසලේදී අපි සැමටම ලැබුනේ එකම ප්‍රශ්න පත්‍රයක්  වන නමුත්  ජීවිතයේදී  අපි එකිනෙකාට වෙනස් වෙනස් ප්‍රශ්න පත්‍ර වලට මුහුණ දීමට සිදුවන අතර උත්තර පමණක් අනුන්ගෙන් කොපි කිරීමෙන් සිදුවන්නේ, ඔබගේ ප්‍රශ්න සහ උත්තර වල ගැලපීමක් නැති වී ජීවිත පැටලී  වැරදී යාමය. එනිසා තමාටම  අවේනිකව වූ අරමුණු සහ බලාපොරොත්තු සාදාගෙන  ඒ වෙනුවෙන් කැපවන්න.අනෙකාගේ ජීවිත් කොපි කිරීම නවතා දමන්න. ඔබ ඔබම  වන්න .
අගය කිරීමට හුරුවන්න 
සියල්ල සර්ව සම්පුර්ණ මිනිසුන් හෝ ගැහැණු නැත .වැරදි සහ අඩුපාඩු අඩු  හා වැඩි වශයෙන් අප  සියල්ලන්ගේම ඇත.ඉතා ජනප්‍රිය දක්ෂ ගයිකාවකගේ විවාහය අසාර්ථක විය හැක.ඇයව හෝ ඇයගේ හැකියාව අගය කිරීමට ඇයගේ පව්ද්ගලික ජීවිතය බාධාවක් කර නොගන්න.කලින්  විවාහ දෙක තුනක් අසාර්ථක වුනු මනෝ චික්ත්සක වරුන් ලොව සිටිය හැක, ඔවුන්ගෙන් යමක් ඉගන ගන්නවා මිසක ඔවුන්ගේ ජීවිත වල රස බැලීමට නොයන්න.ඔබගේ මිතුරෙකු ,හෝ හතුරෙකු හෝ වේවා ඇයට හෝ ඔහුට ඔබට හැකි හෝ නොහැකි දක්ෂතාවයක් හැකියාවක් දැනුමක් උගත්කමක් ඇතිනම් නිරහංකාරව අගය කරන්න පුරුදුවන්න.අප්පෝ අර එහා ගෙදර කෙල්ල විභාගේ හොඳට පාස්  වෙලා ,දන්නේ නැතුව වගේ ඉන්න ඕනේ කීමට තරම් කුහක මනුස්සයකු නොවන්න .අනෙකා  අවංකව  අගය කිරීමේදී තමාට දැනෙන නිරාමිස සතුට විඳ බලන්න.
කෙලෙහි ගුණ අගයන්න 
හැම අවුරුද්දේම ඔබට උපන්දින ත්‍යාගයක් දුන් මිතුරෙකුට එක්  අව්රුද්දක් එය අමතක  විය හැකිය.අනිවාර්යයෙන් ඔබගේ දුරකථන ඇමතුමට ප්‍රතිචාර දැක්වීමට කිසිවෙකුත් බැඳී නැත.ජීවිත කාලෙම උදවු කල නමුත් කුමක් හෝ සුළු අත්වැරදීමක් සිදුවූ පසු සියලු ගුණ අමතක කරමින් ලොව වටා කුණු හල හල යන කුණු කරත්තයක් නොවන්න .ඔබට එක්වරක් සිනහවකින් හෝ සංග්‍රහ කල අයෙකුවේනම් ඒ මනුසත් ගුණය සැමදා ඇගයීමට තරම් සොඳුරු හිතත්තෙකු වන්න.මන්ද , ජීවිත කාලය පුරාවට අනෙකා  වෙනුවෙන් කැප වීමට කිසිවෙකුටත් නොහැක.නොකළ දේ අමතක කර කල දේ සිහි තබා ගන්න .
කාලයට මැසිවිලි නැගීම නවතන්න.
කිසි දෙකට වෙලාවක් නෑ අප්පා ,ගේ අතු ගාන්නවත් වෙලාවක් නෑ කියමින් කාලයට චෝදනා කරන අයගෙන් වැඩි පිරිසක් කරපු සහ කරන දේවල් ලියන්නට කිව්වොත් ලියන්න හෝ කියන්නන දෙයක් නැත.මුළු දවසෙම ඉතා සඳහන් කාරණා  සඳහා ඔවුන්ගේ කාලය ගෙවී ගොස් ඇත.ඇමරිකාවේ  ඩොනල්ඩ් ට්‍රුම්ප් මහතා ලොව විශාලතම රට පාලනය කරන්නේද , කහටගස්දිගිදියේ සුමනා දරුවන් 5 හදාගෙන එළවලු වගාවක් කරන්නේද කාටත් සමානව ලැබී ඇති පැය 24 ප්‍රයෝජනයට ගෙනය.එකම දේ අපේ කාලය කළමනාකරණයයි.කෙනෙකුට රැකියාවක් කරමින්, දරුවන්ගේ ස්වාමියාගේ වැඩකටයුතු, නිවසේ වැඩකටයුතු කරමින් තමන්ගේ විනෝදාංශ සඳහාද අතිරික්ත කාලයක් තිබීම සහ තව කෙනෙකුට ගේ අතුගාගන්න්වත් කාලයක් නැති වීමට හේතුව තමාගේ කළමනාකරණයේ දුර්වලතාවය මිස අන් දෙයක් නොවේ .කාලය වටිනාම සම්පතයි.එය නිකරුනේ නාස්ති වීමට ඉඩ නොදී , ඔබට හෝ රටට සෙතක් සඳහා යොදවන්න .
ලෝක ජනගහනයෙන් 50.8% සහ ශ්‍රී ලංකික ජනග්‍රහණයෙන් 51.89 % කාන්තාවන්ය .අතීතයේ කෙසේ වෙතත් වර්තමානයේ ගැහැනුන්ට කල  නොහැකි (males  only ) කියා වෙනම රැකියා වර්ගීකරණයක්වත් ලොව  නොමැත . එහි තේරුම සුන්දර දක්ෂ ලෝක පුජිත කාන්තාවන් ලොව සිසාරා තම කීර්තිය ගොඩනඟාගැනීමයි.
නමුත් ආසියාතික අපි තුල තවත් වෙනස් විය යුතු , විනාශමුඛ ඉහත කාරනා අඩු වැඩි වශයෙන් ඇත.සියල්ලම කෙසේ වෙතත් යම් එක කරුණක් හෝ ඔබේ ජීවිතයට ධනාත්මකව යොදාගෙන ඒ වෙනසේ සතුට සහ ප්‍රීතිය අත්විඳ බලන්න .
උපන්න පලියට පියා හෝ සැමියා දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන අනුන් ගැන වද  වෙමින්, අනුන්ගේ ජීවිත වලට CCTV නොදමා තමා  වෙනුවෙන් අරමුණක් බලාපොරොත්තුවක් නිර්මාණය කරමින්  ඒ  ඔස්සේ කාලය මෙහෙයවමින්, සුන්දර දේ  අගයමින්, අනෙකාට  හැකි අයුරින් වචනෙකින් හෝ උපකාර කරමින්,බැහැර කල යුතු දේ හලමින් හරවත් දෑ එකතු කරගනිමින්, සමාජයේ ගෞරවණීය සොඳුරු කාන්තාවක් ලෙස ඔබ ඔබව දිනවන්න.
උපුටාගැනිමකී

Related Articles