Home LifestyleEntertainment කතුරුමුරුංගා මල් ඔම්ලට්

කතුරුමුරුංගා මල් ඔම්ලට්

by LADY.LK

කතුරුමුරුංගා මල් ඔම්ලට්
කතුරුමුරුංගා කියන්නේ ඉතාමත් රසවත් වගේම ගුණදායි ආහාරයක්. කතුරුමුරුංගා එක එක ආකාරයට හදලා ඔබ රස
බලලා ඇති. ඔන්න අද අපි කියලා දෙන්න යන්නේ කතුරුමුරුංගා මල් ඔම්ලට් එකක් හදා ගන්න විදිහ ගැනයි.
අවශ්‍ය ද්‍රව්‍ය
කතුරුමුරුංගා මල් ග්‍රෑම් 250
බිත්තර 4යි, රතුලූනු ග්‍රෑම් 50
අමුමිරිස් කරල් 4යි, කෑලි මිරිස් තේ හැඳි 1
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
ලුණු රසට අනුව, තෙල් මේස හැඳි 2-3ක්
සාදන ආකාරය
කතුරුමුරුංගා මල් සුද්දකර කීලය ඉවත් කර කුඩාවට කපා ගන්න. දැන් රතුලූනු, අමුමිරිස් සිහින්ව කපා ගන්න. දැන් බඳුනක්
ගෙන එයට බිත්තර දමා තට්ටු කර ගන්න. දැන් එයට කඩාගත් කතුරුමුරුංගා, ලූනු, අමුමිරිස්, ලුණු, කෑලි මිරිස්, ගම්මිරිස්
දමා හොඳින් අනා රත් වූ තැටියක තෙල් ගා ගෙන සාමාන්‍ය ලෙස ඔම්ලට් සාදා ගන්න.

Related Articles