Home LifestyleFashion ඔයාව හැමදාමත් ලස්සනට තියන කෝෆි ෆේස් පැක්

ඔයාව හැමදාමත් ලස්සනට තියන කෝෆි ෆේස් පැක්

by LADY.LK

කෝෆි ස්ක්‍රබ් ගැන මන් මීට කලින් ඔයාලා වෙනුවෙන් පෝස්ට් අරන් ආවා ඔයාලට මතක ඇති නේද යාලුවනේ අද අපි බලමු කෝෆි වලින් අපිට හදාගන්න පුලුවන් ෆේස් පැක් කිහිපයක් ගැන. ඔයාගෙ සමට අවශ්‍ය පැක් එක තෝරාගෙන බාවිතා කරන්න.

සමේ දීප්තිමත් පෙනුම වගෙම සමේ කැලැල් ඉවත් කරගැනීමට සහ සමේ සිහින් රැලි ඉවත් කර ගැනීමටද අපිට කෝෆි ෆේස් පැක් බාවිතා කරන්න පුලුවන් යාලුවනේ .එයින් සමට හොද ප්‍රතිඔක්සිකාරක ගුණයක් ද ලැබෙනවා..එහෙනම් අපි දැන් බලමු යාලුවනේ කෝෆි ෆේස් පැක් කිහිපයක් ගැන.

01)ටයිට් ස්කින් එකක් සදහා

අවශ්‍ය ද්‍රව්‍ය කෝෆි කුඩු තේ හැදි එකක්

කඩල පිටි තේ හැන්දක්
ඉහත සියල්ලම සුදුසු බාජනයකට දමා එයටම රෝස වතුර ස්වල්පයක් එකතු කර හොදින් කලවම් කර ගන්න . දැන් මේ පේස්ට් එක ඔබේ මුහුනෙ සහ බෙල්ලෙ ඇස් වටා හැර හොදින් ආලේප කරන්න විනාඩි 20කින් පසුව සාමාන්‍ය වතුරින් සෝදා පිරිසිදු කර ගන්න . මේ ලෙසින් සතියකට දින දෙකක් පමණ කරන්න යාලුවනේ …

සමේ සිහින් රේඛා ඉවත් කර සමේ එල්ලාවැටුනු ස්භාවය ඉවත් කරනවා ..

02)හිරු කිරණින් ඩැමේජ් වුනු සමට.

අවශ්‍ය ද්‍රව්‍ය කෝෆි කුඩු තේ හැන්දක්

කෝමාරිකා මදය තේ හැන්දක් පමණ
ඉහත සදහන් සියල්ලම සුදුසු බාජනයකට දමා හොදින් කලවම් කර ගන්න . දැන් මෙම මිශ්‍රණය පිරිසිදු කර තෙත මාත්තු කර ගත් මුහුනෙ සහ බෙල්ලෙ ඇස් වටා හැර හොදින් ආලේප කරන්න.. විනාඩි 20කින් පසුව මද රස්නෙ වතුරින් සෝදා පිරිසිදු කර ගන්න .මේ ලෙසින් සතියකට දින තුනක් පමණ කරන්න යාලුවනේ ..
අවුවට පිලිස්සුණු සම පැහැපත් කර දෙනවා..

03)සමේ කලු ලප සදහා..

අවශ්‍ය ද්‍රව්‍ය කෝෆි කුඩු තේ හැන්දක්
මී පැණි තේ හැන්දක්
දෙහි යුශ බිංදු 5ක්ඉ
හත සියල්ලම සුදුසු බාජනයකට දමා හොදින් කලවම් කර ගන්න .පසුව පිරිසිදු කර තෙත මාත්තු කර ගත් මුහුනෙ සහ බෙල්ලෙ ඇස් වටා හැර හොදින් ආලේප කරන්න .පසුව සාමාන්‍ය වතුරින් හොදින් සෝදා පිරිසිදු කර ගන්න මේ ලෙසින් සතියකට දින දෙකක් හෝ තුනක් පමණ කරන්න යාලුවනේ ..

04)සමේ කැලැල් ඉවත් කර පැහැපත් පෙනුමක් ලබාදෙනවා
කුරුලෑ සහිත සම සදහා

අවශ්‍ය ද්‍රව්‍ය කෝෆි කුඩු තේ හැන්දක්

කුරුදු කුඩු තේ හැදි බාගයක්
ඉහත සියල්ලම සුදුසු බාජනයකට දමා එයටම රෝස වතුර ටිකක් එකතු කරලා හොදින් කලවම් කර ගන්න පේස්ට් එකක් ආකාරයට .. දැන් සෝදා පිරිසිදු කර ගත් මුහුනෙ සහ බෙල්ලෙ ඇස් වටා හැර හොදින් ආලෙප කරන්න ..විනාඩි 20කින් පසුව සාමාන්‍ය වතුරින් සෝදා පිරිසිදු කර ගන්න මේ ලෙසින් සතියකට දින දෙකක් හෝ තුනක් පමණ කරන්න යාලුවනේ පිම්පල්ස් සුවපත් කරනවා

05) වියලි සම සදහා

අවශ්‍ය ද්‍රව්‍ය කෝෆි කුඩු තේ හැන්දක්

යෝගට් තේ හැන්දක් පමණ

ඉහත සියල්ලම බාජනයකට දමා හොදින් කලවම් කර ගන්න . දැන් පිරිසිදු කර තෙත මාත්තු කර ගත් මුහුනෙ සහ බෙල්ලෙ ඇස් වටා හැර හොදින් ආලේප කරන්න විනාඩි 20කින් පසුව සාමාන්‍ය වතුරින් සෝදා පිරිසිදු කර ගන්න . මේ ලෙසින් සතියකට දින තුනක් පමණ කරන්න යාලුවනේ .

සමේ වියලි ගතිය දුරු කරනවා.. දීප්තිමත් පැහැපත් පෙනුමක් ලබාදෙනවා .

06) තෙල් සහිත සම සදහා

අවශ්‍ය ද්‍රව්‍ය කෝෆි කුඩු තේ හැන්දක්

කස්තුරි කහ කුඩු තේ හැන්දක්

ඉහත සියල්ලම හොදින් කලවම් කර ගන්න . එයටම රෝස වතුර ස්වල්පයක් එකතු කර පේස්ට් එකක් ආකාරයට සාදා ගන්න .. දැන් එය පිරිසිදු කර තෙත මාත්තු කර ගත් මුහුනෙ සහ බෙල්ලෙ ඇස් වටා හැර හොදින් ආලේප කරන්න . විනාඩි 20කින් පසුව මද රස්නෙ වතුරින් හොදින් සෝදා පිරිසිදු කර ගන්න .මේ ලෙසින් සතියකට දින දෙකක් හෝ තුනක් පමණ කරන්න යාලුවනේ ..

සමේ අනවශ්‍ය තෙල් ගතිය පාලනය කරනවා .

07) පිග්මන්ටේශන් සදහා

අවශ්‍ය ද්‍රව්‍ය කෝෆි කුඩු තේ හැන්දක්

වැල්මී කුඩු තේ හැන්දක්

යෝගට් තේ හැන්දක් පමණ

ඉහත සදහන් සියල්ලම සුදුසු බාජනයකට දමා හොදින් කලවම් කර ගන්න . දැන් ඔබගෙ මුහුනෙ සහ බෙල්ලෙ ඇස් වටා හැර හොදින් ආලේප කරන්න . විනාඩි 20කින් පසුව සාමාන්‍ය වතුරින් සෝදා පිරිසිදු කර ගන්න මේ ලෙසින් සතියකට දින තුනක් පමණ කරන්න යාලුවනේ .. සමේ සෛල සැහැල්ලු කර හා මෙලනින් පාලනය කර සමේ පිග්මන්ටේශන් තත්වයන් නැති කරයි.

Related Articles